ආර්යය උත්තමයකු අවබෝධ කරගන්නා මාර්ගඵල හා එහි ලක්ෂණ

යම් පුද්ගලයෙකු පෘථග්ජන තත්ත්වයෙන් මිදී ආර්ය බවට පත්වන්නේ, සෝවාන් මාර්ග ඵලය ලබා ගැනීමෙන් පසුවය. සෝවාන් මාර්ග ඵලය අවබෝධ කර ගැනීමත් සමඟම ඒ ආර්ය උත්තමයාට ප‍්‍රත්‍යාවේක්‍ෂා නුවණද පහළ වෙයි. ප‍්‍රත්‍යාවේක්‍ෂා නුවණ යනු, තමන් අවබෝධ කරගත් ධමර්‍ ය පිළිබඳව, තමාම පිළිබඳව, ලබාගත් මඟඵල පිළිබඳව, තමා තුළ සිදු වූ වෙනස පිළිබඳ මෙනෙහි කර, අත්දැක ගන්නට හැකි විපස්සනා ශක්තියක් ප‍්‍රඥාවක්, ලැබීමයි. සෝවාන් මඟ ඵලය ලැබීමෙන් පසු, තමන් ලබාගත් විශේෂ ගුණාංග පහක් පිළිබඳව තමන්ටම යම් තරමක අවබෝධයක් ලබා ගත හැකි වෙයි.

1. නිවන් මාගර්‍ ය දකියි. මෙතෙක් තමන් අඳුරේ අත පත ගාමින්, පරක් තෙරක් නොපෙනෙන සයුරක අතරමං වී ගමන් කළත්, දැන් නිදහස් බිමක් දකින්නට ලැබුණු ලෙසත් දැනෙයි. ඒ නිදහස් බිම කරා යන මඟ පැහැදිලිව දකියි. මෙය මඟනැණ පහළ වීමයි. පූර්වභාග නුවණ පහළ වීමයි.

2. ලැබූ මාගර්‍ ඵලය දකියි. තමා තුළ වෙනසක් සිදු වී ඇති බවත් ඒ නිසාම මෙතෙක් තිබූ දාහය, ගින්න, අසහනය මෙන්ම දැඩිව ලෝකයාට සම්බන්ධ වී සිටීම වැනි දෙයින් තමා ක‍්‍රමයෙන් නිදහස් වන බව දකී. ලෝකය දැඩිව අල්ලාගෙන සිටීම නිදහසට බාධක බව දකියි.

3. ප‍්‍රහාණය කළ කෙළෙස් දකියි. මෙතෙක් කල් තම සිතින් ම දැඩිව අල්ලා සිට ප‍්‍රිය මනාප සිතු බොහෝ දේ, කිළිටි, අසංවර පහත් දේ බව දකී. එවැනි සිතුවිලි සිතට ගලාගෙන ආවත් ඒ සමඟම ඒ අකුසල් බව දැන, ඒවා පහ කිරීමට උත්සාහ ගනී. ඒවා කෙරෙහි කැමැත්තක් නැතිවා මෙන්ම සාරයි කියා ගන්නට යමක් නැති බවත් දකී. පෙර යහපතකැයි සිතා ලාභයක්, තෘප්තියක් පතාම කළ, පස් පව්, දස අකුසලයෙන්ම දැන් එවැනි තෘප්තියක් නොලබන බව දකී.

4. තමා තුළ තව දුරටත් ඉතිරි වූ කෙළෙස් ද දකියි. සංසාර සම්බන්ධකම් හේතුකොට අත්හරින්නට නොහැකි වූ අකමැත්තෙන් හෝ කිරීමට සිදුවන යම් සංසාර පුරුදු තවමත් සිතට එන බව දකී. ඒවා පව් නොවුනත්, ඒවාද නිවනට බාධක බව දකියි. මෙවැනි නිවනට බාධක දේ ප‍්‍රහාණය කළ යුතු බව නිතර මෙනෙහි කරයි. මේ සඳහා වීර්ය, ධෛර්ය ගත යුතු බව දකියි.

5. ලැබු සුවය අත් විඳියි. සංසාර ගමනේ මෙතෙක් කරමින් සිට දැන් අතහැර නොඇළි මිදී ගිය දේ නිසා ලැබූ නිදහස, සුවයක් ලෙසින් දකියි. මෙතෙක් ගිනිගෙන දැවුණු, අසහනයෙන් හිරවී සිටියේ, තමා බැඳ ගත් හිරකරගත් බැමි නිසා බව දකී. දැන් ඒ බැමි වලින් නිදහස් වී ඇති බවත්, එය නිරාමිස සුවයක් බවත් දකියි. ගසක බැඳ සිටියෙකු ඒ බැමි ලෙහා නිදහස් කළ විට දැනෙන සුවය බඳු සුවයක් ලබයි.

සෝතාපන්න මාගර්‍ ඵලය අවබෝධකරගත් විට, පැවැත්ම බෙහෙවින් සංවර වෙයි. එය යථාවබෝධයෙන් ලැබූ සංවරත්වයකි. තැන්පත් වෙයි. අසහනය, දාහය නැති වී, ගිනි නිවි යයි. මේ පැවැත්මෙහි ඇති ”අනිච්ච, දුක්ඛ, අනත්ථ” බව පිළිබඳව යම් තරමක අවබෝධයකින් පසු වෙයි. පංචකාම සම්පත්තිය මේ සංසාර ගමනට බැඳ තබන බව අවබෝධ කරගනී. දැඩි ආශාව, දැඩි තණ්හාව, ලෞකිකත්වයට දැඩිව බැඳීම නිදහසට බාධක බව දැක ඒවායින් මිදීමට නිදහස් වීමට වෙර දරයි.

මතු ප‍්‍රයෝජනය සඳහා එකතු කිරීමේ, රැස්කිරීමේ හා පැතුම් පැතීමේ බලාපොරොත්තු නැතිව යයි. පොදි බැඳ තැන්පත් කර රැකීමේ කැමැත්ත පහව යයි. පිං රැස් කිරීමද තේරුමක් නැති බව දැක, කරන යම් පිංකමක් වෙත්නම්, ඒ පිංද එදිනෙදාම අනුන් වෙත පවරා, එයින්ද නිදහස් වෙයි. එදිනෙදා ජිවිතය පවත්වා ගෙන යාමට අවම අවශ්‍යතා ලැබුණොත් ඉන් සෑහීමට පත්වෙයි. මතු ප‍්‍රයෝජනය සඳහා තණ්හාවෙන්, ලෝභකමින් එකතු කිරීමට සැළසුම් නොකරයි.

එසේ වුවත් විඳීමේ බලාපොරොත්තු දැන ගැනීමේ බලාපොරොත්තු තවමත් පවතී. කාම, රාග, පටිඝ, ව්‍යාපාද වලින් තවම සම්පූර්ණයෙන් වෙන් වී නැත. අවිද්‍යාවෙන්, මානයෙන් තවම මිදී නැත.

සෝවාන් මාගර්‍ ඵල අවබෝධ කරගත් උත්තමයා, සක්කාය දිටිඨි, විචිකිච්චතා, සීලබ්බතපරාමාස යන සංයෝජන තුනේනම මිදෙයි. සංයෝජන යනු, සංසාරයට ඇති බැඳීම්ය.

සක්කාය දිට්ඨි යනු, ස්වකය (තමාගේ කය ) පිළිබඳ සත්‍ය අවබෝධයක් ලබා ගැනීමෙන් මේ කය පිළිබඳව සත්‍ය තත්ත්වය අවබෝධ කර ගැනීමෙන් මෙතෙක් කය යැයි අල්ලාගෙන සිටි මේ පංචස්කන්ධය පිළිබඳව, මෙතෙක් පැවති දෘෂ්ඨියෙන් මිදීමයි. විඤ්ඤාණයෙන් උපදවා ගන්නා චිත්තජ රූප, ශක්තීයක් ලෙසින්, බල ගැන්වී මතු මතුත් කයත්, පංචස්කන්ධයත් සකස් කරගෙන මේ සංසාර ගමන පවත්වා ගෙන යන බව දකී. හේතුඵල දහම අවබෝධ කරගැනීමෙන්ම කය පිළිබඳ සත්‍ය තත්ත්වය දකියි. කය පැවැත්වීම විඤ්ඤාණයේ පැවැත්මට කරන උත්සාහයක් බව දැක, ස්වකය යන දෘෂ්ඨියෙන් මිදීම සක්කාය දිට්ඨියෙන් මිදීමයි.

සක්කාය දිට්ඨියෙන් මිදීම, මමත්වයෙන් මිදීම නොවේ. අස්මිමානයෙන් මිදීමද නොවේ. මමත්වය නැති වන්නේ අස්මිමානය නැති කිරීමෙන්ය. අරිහත් තත්ත්වයට පත්වන තුරුම, මානයෙන් පූර්ණ ලෙස මිදිය නොහැකි අතර, අස්මිමානයෙන් මිදී මමත්වයෙන් පුණර්‍ ලෙස මිදෙන්නේ අරිහත් ඵලය ලැබීමෙන්මය. මේ කය මට උපකාරක වන උපකාරයක් සඳහා පවත්වන දෙයක් බව මෙතෙක් සිතා සිටියත්, මෙය රාග, ද්වේශ, මෝහ පැවැත්වීම සඳහා විඤ්ඤාණය සාදාගත් කූඩුවක් බව අවබෝධ වීම, සක්කාය දිට්ඨියෙන් මිදී යාමය.

විචිකිච්චාවෙන් මිදීම යනු විෂම වූ, විකෘති වූ චිත්තයකින් පහත්, කිළිටි කටයුතු කැමැත්තෙන්ම මෙතෙක් කළද, දැන් අවබෝධයෙන්ම ඒ තත්ත්වයෙන් මිදීමයි. ප‍්‍රිය, මධුර බව නිසා සුවයක්ය, සැපතක්ය කියා රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් මෙතෙක් කල් කටයුතු කළේ, විෂම වූ, විකෘති වූ විඤ්ඤාණයෙන්ම බව දැක, ඉන් මිදී සත්‍ය දැක සිහියෙන් කටයුතු කිරීම, විචිකිච්චාවෙන් මිදී යාමයි. මෙය අවිශ්වාසයෙන් මිදීමයි. බුද්ධ, ධම්ම, සංඝ යන ත‍්‍රිවිධ රත්නය ඇතුළු අටතැන් කෙරෙහි විශ්වායෙන් මිදීම කංඛාවවිතරණයෙන් මිදීම වේ.

පංචකාම ධමර්‍ යන් ගැනම නිතර නිතර විතක්ක විචාර පැවැත්වීම විකෘති සහගත, විෂම වූ සිතක් පහළ වීමට හේතුව බව දැක, පංචකාම නීවරණ ධමර්‍ යන් ගෙන් මිදී යාම මෙහිදී සිදුවෙයි. බාලයකු ලෙසින්, අන්ධයෙකු ලෙසින්, කළ පහත් වැඩ අතහැර නුවණින් කටයුතු කිරීම විචිකිච්චාවෙන් මිදීමේ ප‍්‍රතිඵලයයි.

සීලබ්බත පරාමාසයෙන් මිදීම යනු සීලය, වත පරම ආහාරය කොට ගෙන ජීවත්වීමෙන් මිදීමයි. සිල් වතක එල්ලී විවිධ වෘතයන් සමාදන් වී එයම පරම විමුක්තිය යැයි, නිවන යැයි දැඩිව එහි බැදී කටයුතු කිරීම නිවනට බාධක බව දැන ඉන් මදී නිදහස් වීම, සීලබ්බත පරාමාසයෙන් මිදීමයි.

බුදුන් දවස විවිධ ආගම් 62ක් භාවිතයේ පැවැති බවත්, මේ හැම ආගමක්ම යම් දෘෂ්ඨියන් දැඩිව ගෙන, සීලයක්, වතක් ප‍්‍රධාන විමුත්ති මාර්ගය කොට සළකා කටයුතු කළ බවත් පෙනේ. මෙසේ යම් සීලයක, වතක දෘෂ්ඨියකට බැඳී එහි එල්බ කටයුතු කිරීම එහි බැඳීමක්, සංයෝජනයක් වෙයි. එය ”බවයට” අන්ධ බවින් ඈඳන, සම්බන්ධ කරන දෙයක්ම බව දැක ඉන් නිදහස් වීම නිවනට උපකාර වේ. සීලයම, සිලවත් කමම එකම විමුක්ති මාර්ගය යැයි ගැනීමෙන් නිවන් අවබෝධ කර ගැනීමට උපකාර වන හේතුඵල දහම දැකීම, පැවැත්මේ සත්‍ය ස්වභාවය දැකීම, මෝහයෙන් වැසීයන නිසා එයින්ද මිදිය යුතු බව ධමර්‍ ානුකූලව වටහා ගැනීමයි.

ප‍්‍රඥාව දියුණු කර ගැනීමට නම් මනස දියුණු කර ගැනීමට නම් දැඩිව අල්ලා ගත් සියළු දෘෂ්ඨින්ගෙන් මිදී නිදහස් විය යුතුය. සිල්වතද සම්මතයකි. ලෝකයට බැඳුණු සම්මතයකි. සියල්ල ක‍්‍රමයෙන් අතහැර, නොඇලී, නොබැදී මිදී යාම ”සම්මා” වීමයි. එය යථාවබෝධයෙන් දැකගත් විට, ඉබේම දැඩිව ගත් සිල්වතෙන් ද නිදහස් වෙයි.

සීලය යනු, කෙනෙකුගෙන් කෙනෙකුට ලබාදිය හැකි දෙයක් නොවේ. කාගෙන්වත් කාටවත් ලබාගත හැකි දෙයක්ද නොවේ. යථාවබෝධයෙන්, ප‍්‍රඥාවෙන් තමා තුළම පිහිටවා ගත යුතු, පවත්වා ගත යුතු ගුණයන් සමුදායකි.(සංවරත්තේන සීලං)

සෝවාන් මාගර්‍ ඵලය අවබෝධ කරගත් උත්තමයාට, පන්සිල් දසසිල් සමාදන් වීමක් (පොරොන්දු වීමක්) අවශ්‍ය නොවේ. ලැබූ යථාවබෝධය නිසාම දිවි ඇති තෙක් සසර සැරිසරන තෙක් සංවරත්වයෙහි පිහිටන හෙයින් එය ආර්ය සීලයකි. කුසල සීලයකි. ආර්යයන්ගේ පංචසීලය පෘථග්ජනයාගේ පංච සීලය නොවේ. එය ප‍්‍රහාණ සීලය, වේරමණී සීලය, චේතනා සීලය, සංවර සීලය, අවිතික්කම සීලය යන පංච සීලයයි.

සෝවාන් තත්ත්වයට පත් වූ උත්තමයා සඳහටම සතර අපා දුකින් මිදුනා වෙයි. කෙත් සතක් පසුකර, පරම පවිත‍්‍ර නිර්වාණය පූර්ණ කරන බව ත‍්‍රිපිටකයෙහි පැහැදිලිව පෙන්වා ඇත. මෙය ආත්ම හතක් හෝ උපත් හතක් ලෙස අර්ථ දක්වා බොහෝ තැන්වල වැරදියට තේරුම් කර දී ඇත. මේ පසු කළ යුතු පිං කෙත් හත ලබා ගත හැකි වන්නේ ආර්ය උත්තමයින්ටම පමණි. පළමු පිං කෙත සෝවාන් තත්ත්වයෙන්ම ගත කරන හෝ ලබන උත්පත්තීන් හි ගෙවන ජීවිත කාලයයි. දෙවන පිං කෙත සකෘදාගාමී ඵලය ලැබ ගත කරන කාලයයි. අනාගාමී මාර්ගයේ ජීවත්වන කාලය සතර වැනි පිං කෙතයි. පස්වැනි පිංකෙත, අනාගාමී මාර්ග ඵලය ලැබ ගත කරන කාලයයි. හයවන පිං කෙත, අරිහත් බවට පත් වී, ගත කරන ජීවිත කාලයයි. මේ පින්කෙත් හතම පසු කිරීම හැම ආර්ය උත්තමයෙකුම අනිවාර්යෙන් කළ යුතුමයි. මේ සඳහා ගතවන කාලය විනාඩි ගණනක් හෝ වසර ගණනක් විය හැකිය. කෙසේ වුවත් මුළු කාලයම සුගතියක ඉපිද, පුණ්‍ය ශක්තියෙන් සතර අපා දුකකට පත් නොවී ධමර්‍ යෙහිම පිහිටා කටයුතු කරයි.

ධ්‍යාන ලබා චේතෝ විමුක්තියට පත් වූ සෝවාන් ඵල ලාභියෙකුට, ලැබූ ධ්‍යාන නිසා රාග, ද්වේෂ, මෝහ යන ”සං” කොටසක් දවා හැර ඇති නිසා, ”සං” පැවැත්විය නොහැකි නිසා, මතු මිනිස් ලොව උපතක් ලැබිය නොහැකිය. දෙව්ලොවක හෝ බ‍්‍රහ්ම ලෝකයකම ඉපිද, ඉතිරි කෙත් සතද එහිම ගෙවා නිවන් දක්නා ජාති දක්වා කල්ප ගණනක් හෝ ගෙවා, නිවන් සුවයට පත්වෙයි. දෙව්ලොව ඉපැදුන සෝවාන් ඵල ලාභියෙකු, අනාගාමී ඵලයට එහිදී පත් වීමෙන්, තවදුරටත් ආයුෂ ඉතිරිව තිබේ නම්, ශුද්ධාවාස බ‍්‍රහ්ම තලයෙහි ඉපිද, එහිදී නිවන් දකියි.

චේතෝ විමුක්තිය නොලැබූ ධ්‍යාන නොලැබූ, එහෙත් යථාභූත ඥාණය ලැබ සම්මා දිට්ඨියට පත් වූ (සංදිට්ඨිකෝ වූ) සෝවාන් ඵල ලාභී ආර්ය උත්තමයෙකු රාග,ද්වේෂ, මෝහ සහමුලින් දවා හැර නැති නිසා, නැවත නැවතත් මිනිස් ලොව ජාත සෝතපන්න පුද්ගලයින් ලෙස මිනිස් ආත්මභවයකම උපත ලබයි. මේ මිනිසෙකු ලෙස ලබන උපත් ගණන කොපමණදැයි, කොතනකවත් පෙන්වා නැත. ක‍්‍රමයෙන් ප‍්‍රඥාව වඩා, ප‍්‍රඥා විමුක්තිය හෝ චේතෝ විමුක්තිය හෝ දෙකම හෝ වඩා, කෙත් සතම පසුකර, නිවන් දැකීම සිදුවේ. කෙත් සතම පසු කරන්නට පෙර, චේතෝ විමුක්තය ලබාගත හොත් මිනිස් බවින් චුතව, දෙව් ලොව හො බ‍්‍රහ්ම ලෝක වල උපත ලබා නිවන් දකියි.කෙත් සතක් පසුකරන බව මිස, ජාති හතක් හෝ උපත් හතක් ගත කරන බවක්, පාලි ත‍්‍රිපිකයේ කිසි තැනක සඳහන් කර නැත. අටුවාවල නම් තිබිය හැකිය ‘‘බව’’ හා ”උපත” පටලවා ගැනීම නිසා අර්ථය විකෘති විය.

II පියවර

සෝවාන් මාගර්‍ ඵලයට පත් වූ උත්තමයෙකු සකෘදාගාමී මාර්ගටත්, සකෘදාගාමී ඵලයටත් පත්වීම ඊළඟ අවස්ථාවයි. සකෘදාගාම් මාර්ග ඵලයට පත් වීමෙන් සිදුවන්නේ, කය පිළිිබඳ සත්‍ය අවබෝධය (සක්කාය දිට්ඨිය) තව දුරටත් පිරිසිදු වීමයි. ඉන්ද්‍රියයන් පිනවීම ඉන්ද්‍රියයන් සංතර්පනය කිරීමට මෙතෙක් කල් මුළු දහිරිය යොදා කටයුතු කළ බවත්, ඒ ඉන්ද්‍රිය පිනවීම අර්ථයක් නැති, හරයක් නැති, ඵලක් නැති අනාථ තත්ත්වයක් බවත් අවබෝධ වීමෙන් කාමය කෙරෙහි යථාවබෝධයක් ලැබෙයි. කාමය යනු කය රමණය කිරිමයි. නාසයෙන්, දිවෙන්, ස්පර්ශයෙන් කය, රමණය කරන්නේ කාගේ උවමනාවටදැයි දකියි. ඉන්ද්‍රිය පිනවීම, ඉන්ද්‍රිය දාහය නිවිම, සඳහා ගන්නා සියළු ක‍්‍රියා මාර්ග සියළු සංකාර, මතු මතුත් ගිනි උපදවන බව දකියි.

කැඩෙන, බිඳෙන, විනාශ වෙන තාවකාලික වු කය සුවපත් කිරීම, පිනවීම නිසා ලබන සුගතියක් හෝ නාථ බවක් නැති බව අවබෝධ වීම නිසා, කාමය නැමති රෝගයෙන් මිදී යයි. කාමාශාව නැති වී යයි. මෙහිදි ද කාමාශාවවෙන් පූර්ණ ලෙස මිදී යාමක් සිදු නොවෙයි. විඳීමේ, සම්බන්ධ වීමේ, පැතුම් පැතීමේ ආශාව බොහෝ දුරට තුනිවී, අඩු වී යයි. කාම වස්තු පරිහරණයයෙන් ලැබූ ප‍්‍රියමනාප බව, ඒ සංසාර පුරුද්ද සම්පූර්ණයෙන් තවමත් අත හැරී නැති නිසා, ඒවා විඳීමේ කැමැත්තක් ඇත. නමුත්, ඒ කෙරෙහි ඇලීමක් නැත. බඩගින්නට ආහාර ගැනීම වැනි අවම අවශ්‍යතාවන් ඉටුකර ගැනීමෙන් තෘප්තියට පත් වෙයි. රස තෘෂ්ණාව පිණිස ආහාර නොගනී.

රැස්කිරීමේ, එකතු කිරීමේ හා පැතීමේ ආශාවන් තව දුරටත් තුනී වී යයි. සොයා ගෙන ගොස් ආශාවෙන්, තණ්හාවෙන් උපාදානය කරගෙන, එසේත් නැති නම් බදාගෙන කෑමක් දැන් නොකරයි. ලැබුණොත් අවශ්‍යතාවය පිරිමසා ගැනීමට අතේ දුරින් තබාගෙන අවශ්‍ය ප‍්‍රමාණය පමණක් පරිහරණය කර, ඉතිරිය අත්හැර නිදහස් වීමට නිතර උත්සාහ ගනී.

කයක හට ගන්නා සියළු රෝග වලට මුල, වා පිත් සෙම් දෝෂයන්ය. වා, පිත්, සෙම් යනු රාග, ද්වේෂ, මෝහ ගතිගුණ වල ගතිරුවයි. රාගයෙන් සෙමත්, ද්වේශයෙන් පිතත්, මෝහයෙන් වාතයත් උපදියි. වා, පිත්, සෙම් පවතින තුරු සියළු රෝග හටගනී. කාමරෝගය එහි උත්සන්නම තත්ත්වයයි. රාග, ද්වේෂ, මෝහ තුනී කර, ඛය කර දමා කාම රෝගය ඇතුළු සියළු රෝග වලින් මිදිය හැකි වන්නේ, සකෘදාගාමි ඵලයට පත්වීමෙන් පසුවයි.

III වන පියවර

ආර්ය උත්තමයෙකු ලබන තුන්වැනි මාර්ග ඵලය, අනාගාමී මාර්ග ඵලයයි. මිනිසෙකු වී ඉපදී, අනාගාමී මාර්ග ඵලයට පත් වීමෙන් නිරාමිස සුවයක් මෙලොවදීම අත්විඳින්නට හැකිවෙයි. මෙහිදී ලබන සුවය ඉන්ද්‍රියයන් පිනවීමෙන් හෝ ඉන්ද්‍රිය දාහය නිවීමෙන් හෝ ලබන තාවකාලික සුවයක් නොවේ. ඉන්ද්‍රිය පිනවීමෙන් ලබන්නේ යම් වින්දනයකි. වේදනාවකි. එය සුවයක් නොවන්නේ, සුළු වේලාවකින්ම ඒ සුවය අවසන් වී යන හෙයිනි. ඒ අනිච්ච ධමර්‍ තාවය නිසයි.

අනාගාමී ඵලයට පත්වීමෙන් ලබන සුවය, අත්හැර, නොඇලී, මිදීමෙන්, නිදහස් වීමෙන් ලබන සුවයකි. මෙය නිරාමිස සුවයකි. ලොකු බරක් හිසින් දරා සිටියෙකු, බර ඉවතට විසිකර සඳහටම ඉන් නිදහස් වීම වැනි සුවයකි. අනාගාමී තත්ත්වයට පත්වීමෙන් පසු එකතු කිරීම, රැුස් කිරීම, පැතුම් පැතීම සම්පූර්ණයෙන්ම නවතා දමයි. යමක් රැුස් කිරීම බරක් කරට ගැනීමක් ලෙස දකී. බර කරට ගැනීිම යන ගමන යාමට බාධක බව දැක ඒවා අත්හරී, අනාගාමී ඵල ලාභියා කාමාසාවෙන් පූර්ණ ලෙසින් මිදී යයි. රාග, ලෝභ දෙකෙන්ම මිදෙයි. රාග, ලෝභ දෙකෙන් මිදීමෙහි ප‍්‍රතිඵලයක් ලෙස ද්වේෂයෙන්ද මිදෙයි. රාග, ලෝභ නැති සිතක ද්වේෂය, පහළවිය නොහැකිය. මේ නිසා පටිඝයෙන් මෙන්ම ව්‍යාපාදයෙන් ද මිදීයයි. රාගය, ලෝභය බලාපොරොත්තුවකි. ඒ බලාපොරොත්තු දෙය එලෙසින්ම නොලැබ, දෙවන ආකාරයකින් දෙවන වේෂයකින් ලැබීම, ද්වේෂය බව මුලින්ද පෙන්වා දී ඇත. දැන් යමක් කෙරෙහි බලාපොරොත්තුවක් නොතබන නිසා, උපේක්ඛාවෙන් සියළු දේ ඉවසිය හැකි වෙයි.

පටිඝ හා ව්‍යාපාදයන් දෙයාකාර වූ ද්වේෂයන්ය. මේ තරමක් පැහැදිලි කර ගත යුතුය. පටිඝ යනු තමා තමා කෙරෙහිම වෛරයක්, ක්‍රෝධයක්, තරහක් ඇති කර ගැනීමයි. කෙනෙකු සිය දිවි හානි කරගන්නේ, තමාගේ ඔළුව යමක ගසා ගෙන වේදනා ලබන්නේ, තමා තමා කෙරෙහිම ඇති කරගත් තරහ නිසාමය. හිස හැරුණ අතේ යන්නට සිතන්නේ, තමා තමාගෙන්ම පළි ගැනීමේ අදහසිනි. ඒ පටිඝයයි.

ව්‍යාපාදය මෙයට වෙනස්ය. වෙනත් කෙනෙකු සමඟ වෙනත් කෙනෙකු කෙරෙහි ඇති කරගත් ද්වේෂය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව ව්‍යාපාදයයි. යම් දෙයක් හෝ කෙනෙක් තමාට නොලැබී, වෙනත් කෙනෙකුට ලැබීම නිසා ඇති වන්නේ, ව්‍යාපාදයයි. වෙනත් කෙනෙකු සැප විඳින විට, ඒ කෙරෙහි ඇතිවන ඊර්ෂ්‍යාව ව්‍යාපාදයයි. තමාට නොලැබුණු දෙයක් ඊට හොඳ දෙවැනි ආකාරයකින්, වේෂයකින් වෙනත් කෙනෙකුට ලැබීම ගැන සිතීමද ව්‍යාපාදයයි. තමාට පමණක් අයිතිකර ගන්නටතන්, බුක්තියට ගන්නට ඇති ආසාවද ව්‍යාපාදයයි.

අනාගාමී ඵලයට පත්වීම යනු, ප‍්‍රඥාව ඉතා උසස් තත්ත්වයට පත්කර ගැනීමයි. හේතුඵල දහම පිළිබඳ නියම යථාවබෝධයක් ලැබීම නිසා, මේ පැවැත්ම පිළිබඳ සත්‍යය දකී. ඒ නිසාම පටිඝයෙන්, ව්‍යාපාදයෙන් පර්ණූ ලෙසින් මිදී යයි.

සිදුවන සියල්ල සිදුවන්නේ යම් න්‍යායකට, ධමර්‍ තාවකට අනුවම බවත්, ඒ සිදුවන සියල්ලටම හේතු වූ ක‍්‍රියාකාරකම් තමාම කළ කී දේ බවත්, තමාම නිපදවාගත් ශක්තියක් බවත්, එහි ඵලය තමාටම දැන් ආපසු ලැබී ඇති බවත් දකී. මේ සිදුවන දේ තරහා ගැනීමට හෝ හිත රිදවා ගැනීමට හෝ ඊර්ෂ්‍යා සහගත සිතක් මතුකර ගැනීමට හෝ සුදුසු දේ නොවන බවත් දකියි. මෝහයෙන්, නොදැනීමෙන් මෙතෙක් කල් එවැනි දේට ප‍්‍රතික‍්‍රියා දැක් වූ නමුත්, එහි ඵලයත්, විපාකයත් තමාටම බව හොඳින් වැටහී, උපේක්ඛා සහගතව සියල්ල අත්හරී.

අනාගාමී උත්තමයෙකු කවුරු මොනවා කළාද, කීවාද, සිතුවාද කියා සත්ත්ව පුද්ගලවාදයෙන් ඒ දෙස නොබලයි. එහි හේතුඵල දහම පමණක් බලයි. එහි හේතුඵල දහම දැක එම හේතුවෙන් මිදී නිදහස් වීමෙන්ම ඒ හේතුව නොකිරීමෙන්ම, ඵලයෙන් මිදිය හැකි බව දැන, කටයුතු කරයි. තමන් ඒ හේතුවෙන් මිදීම මෙන්ම, අනුන් කෙරෙහි අනුකම්පා කර පරාර්ථකාමයෙන් ඔහුටත් මෙහි සත්‍යය අවබෝධ වේවා, මෙම පාපයෙන් ඔහුද මිදේවා යැයි පැතීමට තරම් මෛත‍්‍රී සහගත, කරුණා සහගත මුදිතා, උපේක්ඛා ගුණයෙන් යුක්ත වෙයි. ඒ කරුණා, මෛත‍්‍රි, ශක්තිය සියළු පාපයන්ගෙන් මිදීමට තරම් බලවත් චිත්ත ශක්තියකි.

අනාගාමී ඵලයට පත්වීමෙන් කාම, රාග, පටිඝ යන සංයෝජන වලින් මිදී යයි. එක් රැුස් කිරීමේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම නැතිව යයි. විදීමේ බලාපොරොත්තුවද නැතිව යයි. සම්බන්ධ වීමේ(සං උපදවා මතු මතුත් භවයට ඇඳීමේ) බලාපොරොත්තුද නැතිව යයි.

අනාගාමී උත්තමයාටත් තව දුරටත් දැන ගැනීමේ බලාපොරොත්තු පවතී. මේ දැන ගැනීමේ බලාපොරොත්තුව, අවශ්‍යතාවය පවතින නිසාම, අරහත් ඵලයට පත් වීමට උපකාර වන එකාග‍්‍රතාවයෙහි පිහිටීමට හැකි වේ. මම වෙමි, යන තත්ත්වය මමත්වය අස්මිමානය තවමත් පවතී. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිද්‍යා යන සංයෝජන වලින් තවමත් පූණර්‍ ලෙසින් මිදී නැත. මුල් සිඳ ඇති නමුත්, සංසාර පුරුද්ද නිසා ලැබුණ බොහෝ දේ තවමත් ක‍්‍රියාත්මකව පවතී.

අරහත් මාර්ග හා අරහත් ඵල ලාභය

සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන සතර අවස්ථාවේදීම මාර්ග වැඞීම හා ඵලය භුක්ති විඳීම යැයි දෙවිධියක ක‍්‍රියාදාමයක්ම සිදුවනු ඇත. මේ සතර අවස්ථාවේදීම මාර්ග වැඞීම ඉතාමත් අමාරු කාර්යයයි. මාර්ග සම්පූර්ණ කරගත්තට පසුව පමණක් ඵල සිත් පහළවෙයි. නිවන් මාර්ග සම්පූර්ණ කරගන්නට උත්සාහ දරණ අවස්ථාවේදී ඵලසිත් හෝ ක‍්‍රියාසිත් හෝ ප‍්‍රත්‍යවේක්ෂා සිත් හෝ පහළ නොවෙයි. මඟ වඩන අවස්ථාවේදී පහළවන්නේ සංකාර සිත් පමණි. මෙතැනදී දෙයාකාරයකම සංකාර සිත් පහළවීමද සිදුවෙයි. අවිද්‍යා සංකාර සිත් හා කුසලමුල සංකාර සිත් වශයෙනි. මේ සිත් දෙවර්ගය වෙන් කොට, දැන හඳුනා ගැනීමත්්, අවිද්‍යා සංකාර සිත් නිරෝධ කර ප‍්‍රහාණය කර දැමීමත්, කුසල මූල සිත් වැඩි වැඩියෙන් භාවිතා කර, කුණු මුල් සළාහැර චිත්තය පාරිශුද්ධ තත්ත්වයට පත්කර ගැනීමත් පූර්ණ අවබෝධයකින්ම කළ යුතුය. සතියෙහි පිහිටා සම්මා සතියෙන්ම කටයුතු කිරීම යනු මේ ක‍්‍රියාවලියයි.

ධමර්‍ ය අසා දැන, විපස්සනා නුවණ පහළ කරගෙන, සච්ජිකරණ ධමර්‍ යන් ධ්‍යාන ප‍්‍රඥාවෙන්ම ප‍්‍රත්‍යක්‍ෂ කරගත යුතු වන්නේද මේ අවස්ථාවේදීය. බුදුපියාණන් වහන්සේ සච්ජීකරණ ධමර්‍ යෝ සතර දෙනෙක් අංගුත්තර නිකායෙහි පෙන්වා දී ඇති අතර, ප‍්‍රායෝගික වශයෙන්ම මේ සච්ජිකරණ ධමර්‍ යන් අවබෝධ කරගෙන, මඟපුරා සම්පූර්ණ කරගත යුතුය. අරහත් මාර්ගය සම්පූර්ණකර ගැනීමේදී, මේ සච්ජීකරණ ධමර්‍ යන් යනු කුමක්දැයි තේරුම් ගෙනම මඟවැඞීම, මාර්ග සම්පූර්ණකර ගැනීමද මහත් පිටුබලයක්ම වෙයි.

සච්ජිකරණ ධර්මයෝ සතර ආකාර වෙයි.

1. ධම්මා කායේන සච්ජිකරණියා
2. ධම්මා සතියා සච්ජිකරණියා
3. ධම්මා චක්ඛුනා සච්ජිකරණියා
4. ධම්මා පඤ්ඤාය සච්ජිකරණියා

කායේන සච්ජිකරණියා යනු අට්ඨ විමෝක්ෂ ධමර්‍ යන් සම්පූර්ණ කරගැනීමයි. අෂ්ඨාංගික මාර්ගයම සම්පූර්ණ කර ගැනීම මෙහිදී අදහස් කෙරේ. ඒ ලෝකෝත්තර සම්මා අංග පිළිබඳ යථා දැනුමක් ලබාගෙන තමා තුළ ඇති ආසවක්ඛය කර, මිදී නිදහස් වීමේ පහසුම ක‍්‍රමයකි. මෙය ප‍්‍රඥාවිමුක්තියයි. මිදීම හෙවත් විමුක්තවීම මෙහිදී සිදුවෙයි. ආර්ය ධ්‍යානයන් සම්පූර්ණ කර ගැනීම චේතෝ විමුක්තිය වඩා අට්ඨ විමෝක්ෂ ධමර්‍ යන් පූර්ණකර ගැනීමයි.

සතියා සච්ජිකරණියා යනු තමන් තුළම ක‍්‍රියාත්මක වන හේතුඵල පරම්පරාව පිළිබඳ ඇති වූ පූර්ණ අවබෝධයයි. පුබ්බේ නිවාසානුස්සතිය පැවැත්විය හැකි වන්නේද හේතුඵල පරම්පරාව දිගේ විපස්සනා නුවණින් අතීතය දැකීමෙනි. පැවැත්මේ ඇත්ත ඇති සැටියෙන් දැකීම සතියෙන් දැකීමයි,

චක්ඛුනා සච්ජිකරණියා යනු හේතුඵල පරම් පරාවේම ඇති,නැති වීම නැමැති චුති – උපත පිළිබඳව යථාපරිදි මනසීකරණය කිරීමටත්, හේතුඵල පරම්පරාව ඇතිවෙනු නැතිවෙනු දැකීමත් සමඟ ලබන දැනුමකි. මෙයම චුතුපපාත ඥාණය ලෙසින්ද සමහරවිට විග‍්‍රහ කෙරෙයි.

පඤ්ඤා සච්ජිකරණියා යනු හේතුඵල පරම්පරාවක් නොනැසී තමන් තුලම ක‍්‍රියාත්මක වන්නට මුල් වූ ආසව දැක, ආසවඛය කර, ආසවවලින් නිදහස් වී, මිදෙන්නට අවශ්‍ය ප‍්‍රඥා ශක්තිය උත්පාදනය කර ගැනීමයි. කෙළෙස්, කහට,ආසව, දවා හැරීමත් සමඟම ප‍්‍රභාශ්වර චිත්තයද මතු වී ප‍්‍රඥාව ක‍්‍රියාත්මක වන්නට පටන්ගනී. මෙතෙක් කලක් සිත තුල ක‍්‍රියාත්මක වූ විඤ්ඤාණ ශක්තිය සහමුළුන්ම අවසන් වී, චිත්ත ශක්තිය මතුවීම මෙහිදි සිදු වෙයි. දැන් අධ්‍යාත්මික අභ්‍යන්තර, පාරිශුද්ධ චිත්ත ශක්තියක් මිස කෙළෙස්වලින්, ආසව වලින් කිළිටි වූ අඳුරු සිතක් තමන් තුලින් පහළ වීම සදාකාලයටම අවසන් ව යයි.

මේ අවස්ථාවන් හතරේදීම සිදුවූයේ අරහත් ඵලයට පත්වීමේ අරහත් මාර්ගයම සම්පූර්ණ වීමයි. මීට කලින් සම්පූර්ණකරගත් සෝවාන් මාර්ගය, සකෘදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, සම්පූර්ණ කර ගැනීම සඳහා මෙතරම් බලවත් උත්සාහයක්, සම්මා වයාමයක් දැරීමට සිදු නොවීය

උදාහරණයක් පෙන්වා දෙතොත්, අරහත් මාර්ගය සම්පුර්ණ කිරීම අරහත් මාර්ගය පිරීම යනු, දැඩි රළු ජල පහරක් ඇති ගංගාවකින් එගොඩ වීමට පිහිනායාමක් වැනි ක‍්‍රියාවකි. ඕඝ නැමැති දැඩි රළු ජල පහරෙහිද නොගිලී, රාග, ද්වේෂ, මෝහ වලටද නොබැඳී, විඤ්ඤාණයේ මතුවන වංචක ධමර්‍ වලටද නොරැුවටී, ථිනමිද්ධයටද නොඇලී, ආලෝක සංඥාවන්ගෙන්ද මත් නොවී, සඥ තත්ත්වයටත් පත් නොවී සංඥා වේදයිත නිරෝධ සමාප්තියටම පත්වීම සඳහා මෙහිදී නොපසුබට උත්සාහයෙන්ම ක‍්‍රියාකළ යුතුයි. ගඟදිය පීනා යද්දී දැඩි සැඩ දිය පහරටද ඔරොත්තු දිය යුතුය. කෙළෙස් කුණු කහට වැනි බොහෝ මාරපාක්ෂික බලවේගයන්ද ඉදිරියට ඒමත් සිදුවෙයි. තමන්ගේම විඤ්ඤාණය ආහාර සොයමින් තමාව නොයෙකුත් ආකාරයේ ප‍්‍රිය අරමුණු වලට, රාග අරමුණුවලට ද්වේෂ අරමණුවලට, අවිද්‍යා සහගත වු මමත්වය, මානය මතුකරන සිතුවිලි සිතෙහි මතුකරන්නටත් උත්සාහ දරයි. මේ අවස්ථාවේ සම්මා සතිය පවත්වාගෙන, සතර සතිපට්ඨානයෙන් කල් ගෙවීමට ලැබූ පුහුණූ වු අත්‍යාවශ්‍යවෙයි. එවන් වංචක ධමර්‍ යකට ගොදුරු වීමෙන් මෙතෙක් වැඩූ මඟ සහමුළුන්ම කැඞී, බිඳී නැවතත් මුලසිටම මඟ වඩන්නටද සිදු වේ. බොහෝ දුරටම අරහත් මාර්ගය වඩන හැම කෙනෙකුටම වාගේ මෙවැනි වංචක ධමර්‍ යන් තමාම තේරුම් ගෙන, ඒවායින් ගැලවී, ඒවා අතහැර, තමාම නිදහස් විය යුතුය. මාර පාක්ෂික බලවේග යනු මේවාය. දුක් විඳීම යනු, මෙවන් දේ ඉවසා දරා, විමසා ක‍්‍රියා කිරීමයි. මදුරුවෙකුගේ විඳීම පවා, මේ අවස්ථාවේ මාරපාක්ෂික බලවේගයකි. එයට පැටළැවුනොත් මඟ අවහිර වී ගිය හැකිය.

සියළු බාධක අත්හැර, මිදී, නිදහස්ව කුණු ඉවත් කරමින් කුසල් පුරා, ජලාශයේ එගොඩටම පීනා එගොඩටම ගොඩවීම අරහත් මාර්ග ඵලයට පත්වීමයි. එගොඩ දැකගත් පසුව ඒ දිවයින ඉලක්ක කරගෙනම මහන්සි නොබලා, නොපසු බටව ජලයෙන් නොගිලී ඉවුරටම ගොඩවීම මාර්ග ඵලයට පත්වීමයි.

මාර්ගය සම්පූර්ණ කරගෙන, මඟ ගෙවා, එගොඩට ගොඩ වූ පසුවද මාර්ගඵලයට පත්වීමෙන් ටික වේලාවක් යනතුරත් ඵලසිත් පහළවීම සිදු නොවේ. ඒ මාර්ගය ගෙවා දමන්ට ගත් වෙහෙස මහන්සියේ දැඩිකම නිසාය. ක‍්‍රමයෙන් හති අරීමත් සමඟම වෙහෙස නීවී ඵලසිත් පහළවන්ටද පටන්ගනී. දැන් සිදුවන්නේ, ඵලය භුක්ති විඳීමකි. දැන් සංකාර සිත් පහළවීම සිදු නොවෙයි. කාර සිත්,ක‍්‍රියා සිත්, පහළවීම පමණක් සිදුවෙයි. අරහත් ඵලය භුක්ති විඳීම සඳහා ප‍්‍රත්‍යාවේක්ෂ නුවණ පහළ වන්නේද ක‍්‍රමානුකූලවය. ඒ සඳහා සමහර විට දිනක් හෝ දෙකක් ගත කරන්නටත් සිදුවෙනු ඇත.

ගෙඟන් එගොඩට පීනා, එගොඩ වී, හති ඇර අවසානයේ තමන් පීනා එගොඩ වූ රළු ජල පහර දෙසම ආපසු හැරී බැලීමක් වැනි දෙයකි, ප‍්‍රත්‍යාවේක්ෂ නුවණ පහල වීම. යන්න. තමා ප‍්‍රහාණය කර නිදහස් කර, රාග, ද්වේශ මෝහ සියල්ලද, මෙතෙක් තමන්ම අවිද්‍යාවෙන්, නොදන්නා කමෙන් උපාදානය කර ගෙන, කළ ගහගෙන සිටි කුණු කන්දරාව, කුණු ගොඩ තමාටම දකින්නට ලැබෙන්නේ, ප‍්‍රත්‍යාවේක්ෂ නුවණ පහළ වීමත් සමඟයි. නිදහස් වීම, මඟඵල ලාභයේ නිදහස, නිවන් සුව භුක්ති වීදීමට හැකිවන්නේ, අරහත්ඵල සමාප්තියටම පත් වීමත් සමඟයි. මේ ඉහාත්ම සුඛවිහරණය ලෙසින්ද ධර්මයේ නම් කර ඇත. මෙතෙක් කල් සංසාරයේ ඉතා දීර්ඝ කාලයක සිට කරගසා ගෙන, බරට බරේ අමාරුවෙන් දුක් විඳීමන් ගෙනා කුණු මල්ලම අහකට විසිකර දමා සඳහටම ඉන් නිදහස් වූ බව දැක, ඒ නිදහස් භුක්තිවීඳීම මෙහිදී ලබන එක් සුවයකි. ගසකට බැඳ සිටි කෙනෙකු, සියළු බැමි වලින් මිදී, බැමිලෙහා නිදහස් වීම වැනි සුවයක් ලැබීම, සංයෝජන වලින් මිදී නිදහස් වීමයි. බරපතල වැඩ සහිතව දඟගෙට නියම වූවෙකු සිර කූඩුවෙන් නිදහස් ලැබීම වැනි නිදහස් සුවයක් දැනීම තවත් සුවයකි. කාන්තාරයක අතරමං වූවෙකු කතර ගෙවා ක්ෂේම භූමියකට පැමිණ නිදහස් සුවයෙන් කල්ගෙවන්නාක් වැනි සුවයක් අත්විඳ ගන්නට ලැබීමද තවත් නිවනකි.

අරහත් මාර්ඵලයට පත් වූවෙකුට කල්යත්ම, සමාපත්තිය ප‍්‍රගුණවෙත්ම, මොහොතකින් අරහත් ඵල සමාපත්තියට සමවැදී, මඟඵල භුක්ති විඳීමේ හැකියාව හා ශක්තියද ලැබෙයි. මෙය අතහැර මිදී නිදහස්වීමේ සුවයයි. සුඤ්ඤත සමාධි සුවයයි. අනිමිත්ත සමාධි සුවයයි. මිනිසුන් දහසක් අතරේ පවා, මහා රණබිමකදී පවා, කල්ප විනාශයකදී පවා අරහතුන් වහන්සේට මොහොතකින් අරහත්ඵල සමාපත්තියට සමවැදී, සියල්ලෙන් මිදී නිදහස්ව සතර බ‍්‍රහ්ම විහරණයෙහි යෙදී, අනිකුත් අවශේස ලෝකයා වෙතද මෛත‍්‍රී චිත්ත කිරණ පතුරුවා සෙත් පැතීම කළ හැකි වෙයි. අරහත්ඵල සමාපත්තියට පත් වූ අරහතුන් වහන්සේට අතීත කමර්‍ ශක්තියක් ඵල විපාක දීමට ශේෂ වී නොතිබුනේ නම්, කිසිම ආකාරයක හානියක්, විනාශයක් කිරීම කාටවත් ම කළ නොහැකිය. නමුත් පෙරකළ කමර්‍ යන් ගෙවා අවසන් ව නොතිබුනේ නම්, මේ ආත්ම භවයේදිම ඒවාද ගෙවා නිමකළ යුතුමය. ඒවා ගෙවා, නිමකර අවසන් වනතුරු පරිනිර්වාණය සිදුවන්නේද නැත.

මාර්ගය සම්පූර්ණ කරගත් මඟඵල ලැබූ අරහතුන් වහන්සේ,

පරිඤ්ඤෙයියං    –    පරිඤ්ඤතං
අභිඤ්ඤෙයියං    –    අභිඤ්ඤතං
භාවේතබ්බං       –    භාවිතං
පහාතබ්බං         –    පහීණං

යන සතර ආකාරයේ මාර්ගය පූර්ණ කරගත් අයෙකි. සතර අවස්ථාවකදීම මාර්ග හතරම ගෙවා දමා ඵලසිත් උපදවා ගත් උත්තමයෙකි. දැන් කිසිසේත්ම අවිද්‍යා සංකාරයකට බැඳීමක්, ඇලීමක්, පටලැවීමක් නැත. කිසිම ප‍්‍රිය වස්තුවක් කෙරේ තණ්හාවක්, උපාදානය කර ගැනීමක්, අයිති කර ගැනීමක් අරහතුන් වහන්සේ අතින් සිදු නොවේ. කිසිම පුද්ගලයෙකු, වස්තුවක් හෝ අවස්ථාවක් හෝ දෙස රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන්, බලා සිත කිළිටි කර ගන්නේද නැත. නිතරම සිතේහි පවතින්නේ, අපිරිමිත උපේක්ඛා ගුණයයි.

අරහත් මාර්ගය වැඞීම පිළිබඳව බොහෝ දෙනෙක් උනන්දුවක් දක්වන නිසා, ඒ සියළු දෙනාගේම යථා අවබෝධය පිණිස මාර්ගය වැඞීමට උපකාර වන කරුණු තව දුරටත් විස්තර කර දීම සුදුසුය. මාර්ගය වැඞීම සිදුවන්නේ, කුසල් සිත් (කුසල මූල සංකාර) වැඞීමෙන්මය. කුසල සිත් වැඞීම යනු කුමක්ද? ප‍්‍රායෝගිකවම කුසල් සිත් වැඩිය යුත්තේ කෙසේද? කුසලස්ස උපසම්පදා යන්න පූර්ණ කරගත හැකි වන්නේ කෙසේද, නිවැරදිවම තේරුම් ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි. ”සං” නැමැති රැුස් කිරීම, උපාදානය කර ගැනීමේ ගති ලක්ෂණය, තම සිත තුලින්ම සොයා දැන, පහදාගෙන ඒ ඒ ගති ලක්ෂණයන්ම ප‍්‍රහාණය කර, ඉන් නිදහස් වන්නට ඇප කැප වී ක‍්‍රියා කිරීම, කුසල් සිත් වැඞීමයි. තම චිත්තසන්ථානයට කවදා හෝ අතීත කාලයක තමාම එකතු කර (සං) ගබඩා කරගත් මේ කිළිටි ගති ලක්ෂණයන් සළා හැර, තම චිත්තසන්ථානයම පිරිසිදු කර ගැනීම කුණු සළා හැරීම, කුසල් සිත් වැඞීම, යනුවෙන් අදහස් කරන ක‍්‍රියා වලියයි. එකතු කර ගත් අතීත පුණ්‍ය ශක්තීන්ද මේ කුණු ගොඩටම අයත්ය. ඒවාද පවරා දිය යුත්තන්ට දී ගෙවා, අවසන් කර ගත යුතුය. ආසව ඛය කර දැමීම ලෙසින්ද පෙන්වා දිය හැකිය.

තමාගේම චිත්තසන්ථානයේ රාග මුල්, ද්වේශ මුල්, මෝහ මුල් සජීවීව තැන්පත් වී පවතී නම්, තමාගේ සිතෙහි මතු වන්නේ, කාම විතර්ක, ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක හෝ පාප විතර්කයෝය. මේ අවිද්‍යා මුූල විතර්ක සිතේ මතුවනවාත් සමඟම, ඒවා මතු වන බව දැක, සතියෙන් මෙනෙහි කර, එවන් අවිද්‍යා සහගත විතර්ක ප‍්‍රහාණය කර, ඉවත් කර, සිතින් ඉවත් කර, නිරෝධ කළ යුතුයි. ඒ සමඟම තමන් කල්පනා කළ යුතු වන්නේ මෙවන් අවිද්‍යා විතර්කයක් තම සිතෙහි මතු වන්නේ රාග, ද්වේශ, මෝහ මුල් තම සිත තුළම තවමත් ඇති නිසා බවයි. ඒ අනුව ද්වේශයක් මතුවෙන්නා හෝ ද්වේශ සිත ප‍්‍රහාණය කර මෛතී‍්‍ර, කරුණා, මුදිතා, උපේක්ඛා ගුණයන් සිත තුළ වඩා දියුණු කරගෙන ද්වේශ මූල සිත් සහමුලින්ම කපා හැර ශුද්ධ පවිත‍්‍ර කරගත යුතුය. මෙසේ කුණු සළාහැර, කුණුමුල් කපා දැමීම කුසල්සිත් වැඞීමයි. මේ ආකාරයටම රාග මූලික කාම විතර්කයක් තම සිතෙහි මතු වුූවොත්, තමාගේම චිත්ත සන්ථානයේ රාග මූලයක් පවතින බව දැක, රාග මූලය සහමුලින්ම කපා හැර, සිත ශුද්ධ පවිත‍්‍ර කර ගැනීමට චන්දරාගය, කාමච්ඡන්දය කපා හැර, සිත සහමුලින්ම පිරිසිඳු කර ගත යුතුය. මෙය කුණු සළාහැර, කුණු මුල් කපා හැර, කුසල මූල සිත් වැඞීමයි. මේ ආකාරයටම මෝහ මූල පාපා විතර්කයක් තම සිතෙහි මතු වනවාත් සමඟම එයද ප‍්‍රහාණය කර, ත‍්‍රිලක්ෂණය මෙනෙහි කර, කුසල්සිත් වඩා ගන්නට සුදුසු කර්මස්ථානයක් භාවිතා කිරීමද කළ යුතුය. මේ අනුව තම සිතම පාරිශුද්ධ තත්ත්වයට පත් කර ගන්නට කුණු සළාහැර, අධ්‍යාත්මය පිරිසිඳු කර ගන්නට කටයුතු කිරීම මාර්ගය පිරීමයි. කුණු සලාහැර, තමසිත පිරිසිදු වීමත් සමඟම ප‍්‍රඥාවද පහළ වේ. ප‍්‍රභාෂ්වර සිතද මතුවේ.මෙතෙක් කලක් සංසාර ගමන යාමට තමන්ට උපකාර වූ ආසාව සියල්ලම ඛය කර, අඳුරු පටලයන්ගෙන් සිත නිදහස්වේ. ”මජ්ජිමා පටිපදා භගවතේත අභිසම් බුද්ධා ” යනුවෙන් පෙන්වා වදාළේ බුදුපියාණන් වහන්සේ අරහත් තත්ත්වයට පත් වීමට මඟපිරූ ආකාරයයි. අරහත් තත්ත්වයට පත් වන්නට නම්, හැම මිනිසෙකුමත් මේ ආකාරයෙන්ම මැදින් මිදී, මදයෙන් මිදී නිදහස් විය යුතුයි.

මාර්ගය වැඩිමේදී කුසල් සිත් පුරාගෙන, සතියෙහි පිහිටා කටයුතු කරන්නට පූර්ණ කැපවීමක්, දැඞී වීර්යයක් මෙන්ම නොපසුබට උත්සාහයක්ද දැරිය යුතුය. රාග, ද්වේශ, මෝහ නැමැති ඕඝටය, සැඩ පහරට අසු නොවී, ඉන් බේරීම සඳහා, සම්මා වායාමයක් දැරිය යුතුය. ඵලසිත් යනු, මීට වඩා හාත් පසින්ම වෙනස් දෙයකි. දැඩි සැඩ පහර සහිත ජල පහරෙන් එගොඩ වී, දැන් ආපසු හැරී, ඒ දෙස බලා තමන් ලැබූ නිදහස, සුවය භුක්තිවීදීමක් මෙහිදී කරයි. ආයේ කවම, කවදාවක් මෙවැනි තත්ත්වයකට තමන්ට මුහුණ දෙන්නට සිදුනොවන බව දැක නිරාමිස ප‍්‍රීතියක්, සුවයක් අත්විදියි. එය නිවන් සුවයයි. ඵළසිත් පහළ වන්නට පටන් ගත් පසුව, අවිද්‍යා සංකාර සිත් හෝ කුසල මූල සංකාර සිත් පහළ වීමද අඩු වී යයි. ක‍්‍රියා සිත්, කාර සිත්, පහළ වීම පමණක් සිදුවෙයි. ඒ දිගේ චිත්ත වීථී පැවැත් වීමක් සිදු නොවෙයි.

සතර මහා භූතයින්ගෙන්ම සැදුම්ලත් විපරිණාමයට පත් වී, විනාශ වී, ගෙවී යන දෙයක් තුලින් කිසිම සාරවත් බවක් අරහතුන් වහන්සේ නොදකී.

ඉතාමත්ම සුඛ විහරණයෙන් කල් ගෙවීමත්, සතර බ‍්‍රහ්ම විහරණයෙහි යෙදී අවශේෂ ලෝකයා වෙත මෛත‍්‍රී චිත්ත කිරණ පැතිරවීමත් අරහතුන් වහන්සේගේ නියත සිරිතයි. මෙයට අමතරව දේශණා ප‍්‍රාතිහාර්ය, ආදේශණ ප‍්‍රාතිහාර්යය, අනුශාසණා ප‍්‍රාතිහාර්ය ලැබූ අරිහතුන් වහන්සේලා, තමා අවබෝධ කර දැනගත් උතුම් ධර්මය ලෝකයා වෙත දේශණා කර, අවශේෂ ලෝකයාටද නිවන් මඟ විවෘත කර දීමේ ඒකායන පරමාර්ථයෙන්ම කටයුතු කරයි. දේශණා ප‍්‍රාතිහාර්යය හෝ අදේශණා ප‍්‍රාතිහාර්ය හෝ නැති අරහතුන් වහන්සේලා නිහඬව සමවත් සුවයෙන් කල් ගෙවනු ලබයි.

රාගයෙන් තොර වූ, ද්වේශයෙන් තොර වූ, මෝහයෙන් තොර වූ, උපේක්ඛා සහහගත සිතෙන් යුක්ත වූ විවේක නිශ‍්‍රිත, විරාග නිශ‍්‍රිත, වොස්සග්ග පරිණාම සමවත් සුවයෙන් වාසය කරන අරහතුන් වහන්සේලා, අවශේෂ ලෝකයා වෙත අනන්ත, අප‍්‍රමාණ ශක්තියෙන් යුත් මෛත‍්‍රී චිත්ත කිරණ පතුරවමින් අපවත් වනතුරුම ඉහාත්ම සුඛ විහරණයෙන් කාලය ගෙවයි.

දැන් තමාගේ සිතෙහි මිනිස් ලොව පිළිබඳව හෝ දෙව්ලොව පිළිබඳව වෙනත් කාම ලෝක හෝ රූපා අරූප කාම ලෝකයක් පිළිබඳව හෝ කිසිම බැඳීමක්, ඇලීමක්, උපාදානය කර ගැනීමේ කැමැත්තක් නැත. කිසියම්ම ආකාරයක ප‍්‍රිය, මධුර දෙයක් පරිහරණය කිරීමට හෝ එකතු කර, අල්ලා ගැනීමට හෝ බලාපොරොත්තුවක් පවා, අරමුණක් පවා සිතෙහි මතු නොවේ. ”භව” නිරෝධ කළ අරහතුන් වහන්සේ ගේ සිතෙහි, මතු ජිවත් වීමේ කිසිම අවශ්‍යතාවයක් නොවෙයි. විශ්වයෙන් ණයට ගත්, උපාදානය කර ගත් පංචඋපාධානස්කන්ධමය අතහැර නිදහස් වූ නිසා, දසබ්ම්බර මාර සේනාවෙන් නිදහස් විය. මාරයාට ගෙවා දමන්නට ඇති ණය කලින්ම ගෙවා අවසන්ව ඇති නිසා මරණ භයක්ද නැත. මරණය යනු කුමක්ද යන්න අරහතුන්වහන්සේ ඇත්ත ඇති සැටියෙන් දැක ගෙන ඇත. ඒ නිසා මරණය වේදනාවක්ද නැත. මරණය ළං වත්ම සංඥා වේදයිත නිරෝධ සමාප්තියට, අරහත්ඵල සමාප්තියට පත්වීමෙන් වේදනා නිරෝධ කරගත් අරහතුන් වහන්සේට අපවත්වීම නම්, පැවැත්ම අවසන් කර ගැනීමද ස්වභාවික දෙයකි.

සියලු දෙනාටම සෝවාන්, සකෘදාගාමි, අනාගාමී, අරහත් මාර්ගඵලයන්ට පත්වීමෙන් නිවන් සුවය අත්විඳ ගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා!

මඟඵල ලැබූ ආර්‍යය උත්තමයෙකු ලබන සමාපත්තීන්

සමාපත්තිය යනු ධ්‍යාන හෝ සමාධි නොවේ. මාර්ගඵලයට පත් වූ පුද්ගලයෙකු පැවැත්ම පිළිබඳ සත්‍ය දැක, මඟ නැණ පහළ වී, පූර්ව භාග නුවණ පහළ වී කටයුතු කරන තත්ත්වයකට පත්වන නිසා සමාපත්තීන්ට සමවදින්නට තරම් සමාධිය බලවත්වෙයි.

1. නිරෝධ සමාපත්තිය
2. ආනාන්තරික සමාපත්තිය
3. ඵල සමාපත්තිය (සේවාවන් ආදී මාර්ගඵල)
4. අරිය සමාපත්තිය
5. අරහත් ඵල සමාපත්තිය

බුදුපියාණන්වහන්සේලාට මේ සියලු සමාපත්තීන්ට සමවැදිය හැකි අතර, මහා කරුණා සමාපත්තිය නම් බුදු බවට පමණක් විශේෂ වූ සමාපත්තියකට ද සමවැදී කටයුතු කළ හැකිය. මහා කරුණා සමාපත්තිය ලොව වෙන කිසිම පුද්ගලයෙකුට ලැබිය නොහැකි බලවත්ම සමාපත්තියකි. යමක මහා ප‍්‍රාතිහාර්ය පෑම පවා කළ හැකි වන්නේ ද මහා කරුණා සමාපත්තියකට සමවැදීමෙන්මය. මේවා අසාධාරණ ඥාණ ලෙසින්ද පෙන්වා දී ඇත. අසාධාරණ ඥාණ යනු බුදුපියාණන්ට පමණක් දැරිය හැකි, අරහතුන්වහන්සේ කෙනෙකුට පවා දැරිය නොහැකි, ධාරණය කළ නොහැකි, බලවත් ඥාණයන් වන බවයි.

ආනන්තරික සමාපත්තිය යනු අන් + අන්තර සමාපත්තියයි. අතරත් නැතිවම අධිෂ්ඨානය කළ කාලයක් එක දිගටම නිරෝධ සමාපත්තියට සමවැදි, සමාධි සුවයෙන් කාලය ගත කරන්නට, බවුන් වඩන්නට හැකි සමාපත්තිය ආනන්තරික සමාපත්තියයි.

අරිය සමාපත්තිය අරිය තත්ත්වයට පත් වූ උත්තමයින්ට සමවැදිය හැකි නිරෝධ සමාපත්තියයි. ඵල සමාපත්තිය ද සෝවාන්, සකෘදාගාමී, අනාගාමී යන මාර්ග ඵලයන්ට පත් වූ උත්තමයින්ට, ඒ ඒ මාර්ග ඵලවලට අදාළව සමාපත්තියට සමවදින්නට හැකි ශක්තියෙන් පැවැත්විය හැකි සමාපත්තියයි.

අරහත්ඵල සමාපත්තියට පත්විය හැකි වන්නේ, අරහත් තත්ත්වයට පත් වූ උත්තමයින්ට පමණි. බුදුපියාණන්වහන්සේ මෙන්ම පසේ බුද්ධ තත්ත්වයට පත්වන සියලු උත්තමයින් ද අරහත් තත්ත්වයට පත් වී ඇති නිසා, ඒ සියලු දෙනාටම අරහත් ඵල සමාපත්තියට සමවැදීමට ද හැකියාව ඇත.

බොහොමයක් අරහතුන්වහන්සේලා තම ජීවිතයේ අවසාන මොහොතේ අරහත් ඵල සමාපත්තියට සමවැදී පිරිණිවන් පානා සේක. එසේ පිරිණිවන් පාන්නේ අරහතුන් වහන්සේ මරුට ණය ගෙවීමක් (මරණයක්) නොකර, පැවැත්ම අවසන් කර, අපවත් වීම සඳහාය.

Share Button

One thought on “ආර්යය උත්තමයකු අවබෝධ කරගන්නා මාර්ගඵල හා එහි ලක්ෂණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.