අති ගෞරවනීය පූජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත “නිවන් දැකීමට උපකාරී වන්නේ පරම පවිත්‍ර සිරි සද්ධර්මයයි” යන ග්‍රන්ථ මාලාව ආශ්‍රයෙන් සකස් කරන ලදී.
පෙරවදන
කවුරුන් විශ්වාස කළත්, කවුරුන් විශ්වාස නොකලත්, කවුරුන් පිළිගත්තත්, කවුරුන් පිළි නොගත්තත්, බුද්ධ ධර්මය ලෝකයාගේ භාවිතයේ පැවතුනත්, භාවිතයේ නොපැවතුනත් උතුම් බුද්ධ දේශනාවෙන් පෙන්වා වදාළ පරම සත්‍යයන්, ධර්මතාවයන්, නියාම ධර්මයන් ජීවත් වන හැම සත්වයෙකුටම, හැම ප්‍රාණියෙකුටම, හැම මොහොතක් පාසාම නියත වශයෙන්ම ප්‍රතිවිපාක උරුම කර දෙන්නා වූත් සදාතනික වූත් නියත ධර්මතාවයන්ය. තමන් විසින් කරන ලද හොඳ හෝ නරක හෝ දේ ඊට අනුරූපවම ඒ මොහොතේ පටන්ම තමන් කරාම ආපසු ප්‍රතිවිපාක ලෙසින් උරුම වන බව අමුතුවෙන් පෙන්වා දිය යුතු දෙයක් නොවේ. මුළු මහත් මිනිස් වර්ගයාටම පොදුවේ දේශණා කර පෙන්වා වදාළ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කර ගැනීමෙන් තොරව නම්, මේ පරම සත්‍යයන් තෙරුම් ගත නොහැකිය.
බුද්ධ ධර්මය දේශණා කර බුදු පියාණන් ලෝකයාට පෙන්වා වදාළ විමුක්ති මාර්ගය ඉතාම සරළ, පැහැදිලි ප්‍රතිපත්ති මාර්ගයකි. සෘද්ධි ප්‍රාතිහාරයයන් මවා පා, මැජික් සංදර්ශණ පවත්වා මිනිසුන්ව මුළා කරමින් මිනිසුන්ගේ සිතේ ලෞකික බලාපොරොත්තු උත්පාදයන කරවමින්, බුද්ධ ධර්ම මාර්ගයට මිනිසුන් හරවා ගැනීමේ හෝ බඳවා ගැනීමේ ක්‍රමයක් බුදු පියාණන් කිසිවිටෙකත් අනුගමනය කළේ නැත. බොහෝ ආගම්වල නම්, මේවැනි ළාමක දේ ක්‍රියාත්මක කරනු බව අදටත් දැකගත හැකිය.
බුදු පියාණන්වහන්සේ පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශණා කර වදාළේ සදාකාලිකව සැප සම්පත් විඳින දෙවියන්, බ්‍රහ්මයන් සමූහයක් බිහි කරන්නට හෝ ධනවත්, බලවත්, නැණවත්, මිනිසුන් සහිත ලෝකයක් ඇති කරන්නට හෝ නොවේ. දුක් විඳින දිළිදන්ට සැප සම්පත් ලබා ගන්නට මඟ පෙන්වා ඔවුන් සනසාලන්නටද නොවේ. මේ උතුම් ධර්මය එවන් මතු ලබන සැප සම්පත් ගැන බලාපොරොත්තු ඇති කරවා රාගයෙන්, මෝහයෙන් මිනිසුන් මුළා කරවන්නට දේශණා කල එකක් නොව, මිනිසත් බව ලැබූ මේ ආතමයේදීම ලබාගත හැකි, ලබා ගතයුතු විමුක්තිය, නිදහස නිවන ලබා දීමට මග පෙන්වීම සඳහාම ඉදිරිපත් කල ධර්මයකි. ලෞකික සැප සම්පත් යනු බිලී කොක්කක ඇමුණූ ඇමක්, මිරිඟුවක් මිස නියත වශයෙන් ඇති දෙයක් නොවන බව පෙන්වා දුන් දහමකි.
මිනිසෙකු ලෙස උපත ලත් මේ ආත්මභවයේදීත් පින්කම් පමනක්ම කරමින්, මතු සැප සම්පත් පතමින්, යැදුම් යදිමින් කාලය අපතේ යෑවීම තව කල්ප කාලාන්තරයක් සංසාර දුකම් උරුම වීමට පමනක් හේතු වේ. සියලුම ආගම්වල උත්සහය හොද, නිවැරදි යහපත් මිනිසුන් සමුහයක් සාමජයට බිහි කිරීමයි. අප එය අගය කල යුතුය. පරම පවිත්‍ර බුද්ධ ධර්මය ලෝකයාට ඉදිරිපත් කලේ අනන්ත දුක් කන්දරාවක් විදිමින් පරක් තෙරක් නොපෙනෙන සංසාර සාගරයේ අතරමං වී, මංමුලා වී ගමන් කරන පෘතක්ජන ලෝකයාට සදහටම දුකින් මිදෙන්නට නිවැරදි මග පෙන්වා දෙනු සදහාය.
පෙරකල පිංකම් නිසා තමන්ට උරුම වු, හිමි වු යම් යම් භව භෝග සම්පත් පරිහරනය කිරීම භවිතා කිරීම සුදුසු ක්‍රියාවකි. එවැනි භෞතික ලෞකික දේ සිතින් උපාදානය කරගෙන තමන් සන්තකයේ සදහටම පවත්වා ගන්නට අවිද්‍යා සංඛාර කිරීමේන් දරන උත්සහය වැරදි ක්‍රියාවකි. මිනිසුන් සංසාරයේ අතරමං වන්නේත්, දුක උරුම කර ගන්නේත්, මෙවන් කාම සම්පත්, දෙව් මිනිස් සැප සම්පත් අභිඥා ගති සිතින්ම උපදානය කර ගන්නට බලාපොරොත්තු වීමෙනි. එයම පන්චස්කන්ද උපාදානයයි. එය කෙලෙස් සිතකින්ම සිතන පතන, යදින බාල ක්‍රියාවකි.
යමෙක් භක්තියෙන් කටයුතු කර යාග හෝම පුද පූජා පවත්වා යම් භෞතික ලෞකික දෙයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්, අපේක්ශා ඈති වු සිතකින් පින්කමක් ක්‍රන්නේ නම් එයද අකුසල් සිතකින්ම අවිද්යා සංඛාර කිරීමක් වන්නේය. එ බලාපොරොත්තු වු හැම සම්පතක්ම සංසාරයේ අතරමං වීමට, සසර දික් වීමට හේතු වන බැවිනි.
මිනිසෙකුට උපතින්ම ලැබුනු විමර්ශණ ඥානයම මතු කර ගන්නට දියුනු කර ගන්නට මග කියා දී සිතීමේ හැකියාව විපස්සනා නුවන අනුපස්සනා නුවන ඥානය මතු කර ගන්නට මග පෙන්වා දීම බුද්ධ ධර්මයේ ඉගැන්වු නිවන් මාර්ගයයි. කෙලෙස් ක්‍රියාත්මක වන්නේ තම තමන්ගේම චිත්තසංතානයේ මිස බාහිර ලෝකයක නොවේ. කිලිටි වු තමන්ගේම චිත්තසංතානය පිරිසිදු කරගත් පමනට නිවනද නිදහසද තමන්ට උරුම වෙනු ඇති බව මෙහි පෙන්වා වදාල පරම සත්‍යයි.
කර්ම වාදය යනු බුදු පියාණන් ඉදිරිපත් කල දෙයක් නොව මහාවීර නම් ජෛන ආගමික නායකයෙකු විසින් ඉදිරිපත් කල මතයකි. කර්මය යනු උත්තරීතර බලයක් හෝ අනිවාර්යයෙන් පල විපාක දෙන නිවන් මග වසා දමන නියත හේතුවක් හෝ නොවන බවද බුද්ද දේශනාවයි. හේතු අතහැරීමෙන්, තමාම එකතු කරගත් ලෝභ, ද්වේශ, මෝහ නම් වු කෙලෙස් මල අතහැර කුනු සලා හැර, ආසව ප්‍රහානය කර දමා
සියලුම කර්ම බීජ ප්‍රහානය කර විමුක්තිය නිවන තමාටම අත්කරගත හැකි බව පෙන්වා දුන් උතුම් නිවන් මාර්ගයයි. වරදක් නොකල කෙනෙකුට මෙලොව උපත ලැබිය නොහැකිය. මිනිසෙකු ලෙස උපත ලත් හැම කෙනෙකුටම මනසින් කල්පනා කර සියලු වරදින් පාපයෙන් මිදී අතීත කර්මජ ශක්තීන්ගෙන්ද මිදී තමන්ටම නිදහස් විය හැකිය. ජීවත්වීම සාරවත් එකක් සේ දකින තුරාවට ඉන් මිදී නිදහස් විය නොහැක. මේ පැවැත්මේ, ජීවත්වීමේ යතා ස්වභාවය වු නිස්සාරත්වය දැක ගැනීමෙන්ම යථා පරිදී අවබෝධ කර ගැනීමෙන්ම මේ පැවැත්මෙන් නිදහස් විය හැකි වෙයි.
මෙවැනි උතුම් නිවැරදි ප්‍රතිපදාවක් පෙන්වා වදාලේ බුද්ධ ධර්මයේම පමනි. මෙය ආගම් සංකල්පයක් හා සමග පටලවා නොගෙන ක්‍රියා කරන්නට නම්, පවිත්‍ර බුද්ධ ධර්මයම දැන ඉගෙන ගත යුතුය.
මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි
අපි නිතරම උත්සාහ කරන්නේ යමක් කැමති සේ පවත්වන්න නේද? ඒ කියන්නේ අපි හැමතිස්සෙම අකැමති දේ වලක්වන්නමයි උත්සහ කරන්නේ. එය බලාපොරොත්තුවෙන් අපට ලැබෙන්නේ සහනයක්ද අසහනයක්ද?
Meweni sathyaya dharmayak soyamin api sansare kotharam wehesenna ethida ?
Darama Danayata Sahabaagi una Oba Semata Niwan Suwayama Lebeewa…
Theruwan Saranai
නිවී සැනසීම පමනක් බලාපොරොත්තුවන පිරිසිදු සිතින් මෙම දහම පරිහරනය කරත්වා !
සබ්බ දානං ධම්ම දානං ජිනාති,
සියලු දෙනාට යහපතක්ම වේවා…!