අර්ථාන්විත නිගමනය

එදා ගෞතම බුදුපියාණන් ජීවමානව වැඩසිටි සමයේ, එනම් මෙයට වසර 2600 කට පමණ පෙර යුගයේදී, මෙම හෙළදීපය පැහැදිලිව ම පාලන අධිකාරිය අනුව කොටස් දෙකකට බෙදී තිබිණි.

1. ආලකමන්දාව (ලංකාපුර) අග නගරය කොටගෙන යක්ෂ, නාග, කුම්භාණ්ඩ, ගාන්ධර්ව ගෝත්‍රිකයන් විසූ යක්ෂ හෙළදීපය හා
2. ආර්යයන් ජීවත් වූ සොළොස් මහජනපද පිහිටා තිබූ දේව හෙළය නමින් ප්‍රසිද්ධ වූ ජන්බුද්වීපය.

සිදුහත් ගෞතම බෝසතාණන් උපත ලබුවේත්, ගෞතම බෝසතාණන් වහන්සේ උතුම් සම්බෝධියට පත් වූයේත්, පළමු ධර්ම දේශණාව පැවැත්වූ දා පටන් වසර හතලිස් පහක් ම ලෝකයාට දහම් බෙරය හඬ නැංවූයේත්, අවසානයේ පිරින්වන් පා වදාළේත මෙම හෙළදිව තුලදීමය. ඔබත් මමත් උපදින මියයන මේ හෙළදිව තුලදීම මේ සියලු දේ සිදු විය.

මේ කල්පය තුල පහළ වූ බුදුවරුන් සිව් නමක් ම මෙම ජන්බුද්දීපය තුලම පහළ වූ බව ත්‍රිපිටකයේ සඳහන් ය. ගෞතම බුදුන් උපත ලැබූ යුගයේදී ජන්බුද්වීපයට “හෙළදිව” යනුවෙන් භාවිතා කල අතර කකුසඳ බුදුන් උපත ලැබූ යුගයේදී එය “මණ්ඩදීපය” විය. දීපංකර බුදුන්ගේ පටන්ම මේ මිහිතලය මත උපත ලැබූ සියලුම බුදු පියාණන් වනන්සේලාට නිජබිම වූයේ මේ ජන්බුද්ද්වීපය ම යි. අප අද ශ්‍රී ලංකාව යැයි හඳුන්වන මේ හෙළ දිවයින තුල මිස වෙනත් කිසිම දිවයිනක මේ මිහිතලය මත නම් මිනිසෙකුට බුද්ධත්වය නැමැති ඒ උතුම් තත්වයට පත් වන්නට නොහැකිය. ඊට හෙතුව මිහිතලයේ ක්‍රියාත්මක වන විශ්ව ශක්තිය කේන්ද්‍රගත වූ මධ්‍ය මංඩලය පිහිටියේ ශ්‍රී ලංකාව කේන්ද්‍ර ගත කොට ගෙන වීමයි. බුද්ධත්වයට පත්වන සියලු බුදුවරයින් වහසෙලාට නියත වශයෙන් ම මෙම විශ්ව ශක්තිය ලබාගත හැකි වන්නේ ද ශ්‍රී ලංකාව නම් මේ ජන්බුද්වීපයේ හරිමැද පිහිටි මධ්‍ය මණ්ඩලයක දී ම පමණි. මේ හෙළදිව තුල අද උපත ලබා සිටින, මතුවට තවත් වසර හත් සියයක් පමණ කාලපරාසයක් තුල උපත ලබන පිංවත් මිනිසුන් කොටසකට ඒ බුද්ධ ශක්තියේ බලයෙන් නිසි ඵල ලබා සංසාර දුකින් සදා කාලයට ම මිදී නිදහස්වීමේ, නිවන් අවබෝධකර ගැනීමේ අවස්ථාව ද දැන් මේ සත්‍යය ධර්මය මතුකර පෙන්වීමත් සමගම උදාවන බව නියතයි. ඔබද මෙවන් වාසනාවන්ත කෙනෙකු බව සිතා “පරම පවිත්‍ර බුද්ධ ධර්මය” කියවා අසා දේන් ධර්ම මාරගයම අනුගමනය කර බුද්ධ ශක්තියට අනුගත වී නිවන් අත්විඳ ගන්න.

දෙවන කොටසට …

Share Button