එදා හෙළදිව පැවති සෙල්ලිපි තාක්ෂණය හා වාරි සංස්කෘතිය

අනුරාධපුර යුගයට වසර 300 කට පමණ පෙර එදා ගෞතම බුදුන් ජීවත් වූ යුගයේදීමේ හෙලදිව, දේව හෙලයේ පැවති සෙල්ලිපි ගල්ලිපි, ගල්කටාරම් කෙටීමේ ක්‍රම වේදය හා කළු ගල් පදම් කර සකස් කර ගැනීමේ ක්‍රම වේදය ලෝකයේ වෙනත් කිසිම රටක කිසිම යුගයක දී දැක ගන්නට නැති දෙයකි.අනුරාධපුර යුගයට පෙර යුග වලදී හෙළ දිවයින පුරාම ලියා තිබූ සෙල්ලිපි වලින් අද වන විට සොයා මතු කරගත් සෙල්ලිපි ප්‍රමාණය සිය දහස් ගණනින් නොව දස දහස් ගනණකට වඩා වැඩිය. තවත් කැලෑ වලට යට වී තවමත් වන ගහණයෙන් වැසී ඇති සොයා ගත යුතු සෙල්ලිපි කටාරම් හා ඒ ආශ්‍රිත දේ සොයා ගත් ප්‍රමාණය මෙන් කීප ගුණයකි.

අසෝක රජතුමා  ඉන්දියාවේ (සෙල්ලිපි) 32 ක් ලියා තබන තුරු ඉන්දියාවේ වෙනත් කිසිදු ප්‍රදේශයකින් කිසිම සෙල්ලිපියක් සොයාගෙන නැත. (මොහෙන්දජාරෝ හරප්පා යුගයේ සොයාගත් දේ හැර) එදා අශෝක රජු  ඉන්දියාවේ ලියා තැබූ මෙම සෙල්ලිපි 32 ම ලියා ඇත්තේ ලංකාවේ ගල් වඩුවන් හෝ ඔවුන්ගේ උපදේශ ඇතිවම බව ඉතාමත් ම පැහැදිලිය. සාංචි,වෙල්ලෝරා,අජන්තා ආදී ස්ථාන වල දකින්නට ඇති ගල් වලින් කළ බොහෝ දේ 4 වැනි හා 5 වැනි සහ 7 වැනි සියවස් වල දී නිර්මාණය කරන ලද දේවල් බව අද සොයාගෙන ඇත. ඉන්දියාවේ බුද්ධ යුගය වන විට ගලක ලියූ වෙනත් කිසිම දෙයක් සොයාගත නිහැකිය නමුත් ලංකාවේදී එය ඉතාමත් ම බහුලය. අශෝක සෙල්ලිපි හැරුණු විට ගල් කටාරම් ගල් ගුහා වල මේ යුගයේදී කෙටූ අකුරු ඉන්දියාවේ දකින්නට නැත. නමුත් ලංකාවේ හැම ගමකම වාගේ ගල්ගුහා වල, ගල් ලෙන් වල ගල් කටාරම් කොටා ඒවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වෙත පූජා කළ බවට සාක්ෂි අනන්තය. ගෝතමෝශමන යනුවෙන් ලියා ගෞතම බුදුන් වහන්සේට ම ගල්ලෙන් 30 කට වඩා පූජා කර ඇති බව “ගෝතම සමන” යන කෙටූ සෙල්ලිපි 30 කටත් වඩා අද වන විට සොයාගෙන ඇති නිසාම ප්‍රකාශ කළ හැකිය. මේ සියලු ගල්ලිපි ලියා ඇත්තේ අනුරාධපුර යුගයට පෙර බුද්ධ යුගයේදීය. එදා දේව හෙළයේ සෑම තැනකම මුලතිවු  සිට තිස්සමහාරාමය දක්වා ම ලියා තැබූ විශාල සෙල්ලිපි ප්‍රමාණය ගැන පමණක් සලකා බලන කෙනෙකුට කෙනෙකුට හෙළදිව එදා පැවති තත්වයත් අනිකුත් තොරතුරුත් සංසංදනය කර මේ බුද්ධ රාජ්‍යය එදා හෙළදිව පැවති බව මොනවට තේරුම් ගත හැකිය. එය තේරුම් ගැනීමට යමෙකු මැළි වෙතොත් ඔහු බුද්ධ වචනයෙන් ම නියත මිත්‍යාදෘෂ්ටිකයෙකි.

එදා දේව හෙළයේ රට පාලනය කළ හැම ප්‍රාදේශීය පාලකයාම ඒඒ ප්‍රදේශ වල පිහිටි ගල්ලෙන් වල කටාරම් කොටා තමන්ගේ නමද සඳහන් කර බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වෙත පූජා කළේය. අනුරපුර යුගයටත් වඩා කටාරම් කෙටූ ගල්ලෙන් ඇත්තේ රුහුණේ හා නැ‍ඟෙනහිර ප්‍රදේශ වල බවත් ඒ හැම ගල් කටාරමක් ම බුද්ධ යුගයට අයත් වන බවත් පෙන්වා දිය යුතුම කරුණකි. මේ අනුව ගෞතම බුදු පියාණන් එදා ජීවත් වූයේත් ධර්මය දේශනා කලේත් මේ හෙළදිව ම දේව හෙළයට එදා අයිති වූ ප්‍රදේශ වලය.මෙසේ බුද්ධ ධර්මය දේශනා කළේ ඉන්දියාවේදී යැයි කියන සිතන කිසිවෙකුට ඒ සඳහා ඉදිරිපත් කළ හැකි මෙවැනි ස්ථිර සාර සාක්ෂි කිසිවක් පෙන්වා දීමට හැකියාවක් නැත. මේ කරුණු විමසිල්ලෙන් කියවා බලා මීට අදාල අනෙකුත් පොත පතද කරුණු ද සලකා බලා මේ සඳහන් කරන ලද ස්ථානයන්ට ගොස් ඒවා ද පරීක්ෂා කර බලා සත්‍ය කුමක්ද තේරුම් ගැනීම ඔබ සැමගේ වගකීමයි. ජාතියේ පිනෙන් පහළ වූ දේ දැක බලා ගැනීමයි. ජන්බුද්වීපයේ උපත ලැබූවකු ලෙස ලබන නියත උරුමය වන්නේ බුද්ධ ධර්මයයි. පරම පවිත්‍ර බුද්ධ ධර්මය එදා මෙන්ම අදටත් ක්‍රියාත්මක වන්නේ මේ ධර්මද්වීපයේම පමණි. මේ නිසා හෙළ උරුමය යනු නිවන් දකින්නට උපකාර කර ගත හැකි බුද්ධ ධර්මයයි.

වාරි සංස්කෘතිය

එදා බුද්ධ යුගයේ හෙළදිව පැවති වාරි සංස්කෘතිය වැව් ආශ්‍රිත වූ ජීවන රටාව, ත්‍රිපිටකයේ බොහෝ සූත්‍ර ධර්ම වලදී ද, විග්‍රහ කර පෙන්වා දී ඇත. නගුලෙන් සී සා, කෙත්වතු වපුරා ජල පාලනය කළේ හෙළදිව එදා ජීවත් වූ මිනිසුන්ය. වැව් පිළිබඳව නිතර නිතර ත්‍රිපිටකයේ බොහෝ තැන් වල ගෞතම බුදු පියාණන්ම ඒවා උපමා ලෙසින් දක්වා ඇත. නමුත් ඉන්දියාවේ කිසිම තැනක මේ යුගය වන විට වැව් හෝ වාරි සංස්කෘතියක් හෝ නොතිබිණි. අනුරාධපුර යුගයටත් පොළොන්නරු යුගයටත් පෙර හෙළදිව බුද්ධ යුගයේ වාරි සංස්කෘතියක් පැවති බවත් එය නැගෙනහිර හා රුහුණේ ගම් නියම්ගම් සියල්ලන්ගෙන් ම දැක ගත හැකි බවත් පෙනේ. අනුරපුර යුගයේදී හා පොළොන්නරු යුගයේදී වැඩි දියුණු කර ගත්තේ පිටරටින් ගෙනා වාරි සංස්කෘතියක් නොව අපට ම ආවේණික වූ අපේ ම වාරි ක්‍රමයකි. එය බුද්ධ යුගය වන විටත් මේ හෙළදිව ඉතාමත් ම දියුණු තත්වයක පැවතිණි. ඒ බව මාදුරුඔය ජලාශය ඉදිකල ඉංජිනේරුවන්ට හමු වූ අති පැරණි සොරොව්වෙන්ද පැහැදිලිය. ඒ සොරොව්ව එදා සුද්ධෝදන මහ රජුගේ කාලයේදී කිඹුල්වත් පුර ඉදි කල එකකි. මාදුරුඔය පැරණි ජලාශය අනුරාධපුර යුගයට වඩා වසර 500 කටත් පෙර ඉදිකල එකක් බව තහවුරු වී ඇත.

ඊළඟ පරිච්ඡේදයට …

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.