අද බොහෝ දේශකයින් මේ සංඛාර තුනම නිවන් දකින්නට උපකාර වන කුසල මූල සංඛාර තුන ලෙස හුවා දක්වන්නට පටන් ගෙන ඇත. මෙයට හේතුව කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මය නොදැනීමයි. අලෝභ, අද්වේෂ, අමෝහ යනුද ලෞකික ක්‍රියාවක් පෙන්නුම් කරන, ”සං” එකතු කරන චිත්ත ශක්තියක් එකතු කරන ”භව” නැමති ගති ලක්ෂණයට පත් කරන සංඛාරයෝමය.
ලෝභ, ද්වේෂ, මෝහ යනු අකුසල්ය. පව් හෝ අධර්මිෂ්ට ක්රියාවෝය. ඒවායින් බලවත් ලෙස කුණු එකතු කරගනී. අලෝභ, අද්වේෂ, අමෝහ යනු ලෞකික පින්කම් හෝ පින් පව් දෙකටම අදාළ නොවන ක්රියාවෝය. නමුත් එවැනි දේ කිසිසේත් කුසල් කොටසට අයත් නොවේ. කුසල මූල සංඛාර වන්නේ ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය කරන සංඛාර පමණි. මෙහි වචනයේ අර්ථයෙන්ම එය තේරුම් ගත හැකිය. කුණු, කිළිටි දේ සළා හැර ශුද්ධ පවිත්‍ර වීමට නම් ඒවා අත්හැර, ඛය කර ගත යුතුයි. එය කපා දමා අත්හැර, සෝදා, පවිත්‍ර කරගත හැකි නිසා ඛය කරගත යුතුයැයි පෙන්වා දුනි.
අලෝභ, අද්වේෂ, අමෝහ යන සංඛාර කොටසට පින්කම් වලට අමතරව අනුකම්පාව, ආදරය, සෙනෙහස, පේ‍්‍රමය, උපකාරය, පිහිට වැනි දේ ද අයත් වේ. එවැනි දේ ලෝභකමක් හෝ ද්වේෂයක් නිසා කරන දේ නොවේ. නමුත් ඒ සියල්ලෙහිම ප්‍රතිඵලය ”සං” උපදවා ගැනීම නිසා යම් කිසි සම්බන්ධකමක්, සංසාරයට බැඳීමක් ඇතිවීමයි.
මෙයින් පැහැදිළි කරගත යුත්තේ සංඛාර පැහැදිළිවම දෙකොටසකට බෙදා දැක්විය හැකි බවත් ඒවා අවිද්‍යා මූල හා කුසල මූල බවත් කුසල මූල සංඛාර පමණක් නිවනට උපකාර වන බවත්ය.