අද නිවන් දැකිය නොහැකිද? නිවන් මග වැසුනේ කෙසේද?
බුදුපියාණන්වහන්සේ ස්වයංභූ ඥාණයෙන්ම, ස්වඋත්සාහයෙන්ම සොයා දැන, විවරණය කර, විග‍්‍රහ කර, පනවා වදාළ පරම පවිත‍්‍ර සිරි සද්ධර්මය දේශණා කළේ, අනන්ත අප‍්‍රමාණ කාලයක් සංසාර සාගරයේ අතරමංව දුක් විඳින ලෝක සත්ත්වයාට එම දුකින් මිදීමේ විමුක්ති මාර්ගය පෙන්වා දීමේ එකම පරමාර්ථයෙනි. “ආචික්ඛනා දේසණා පඤ්ඤපනා, …