නිවන් මාර්ගය සම්පූර්ණ කර ගැනිම සඳහා අනුගමනය කළ යුතු මාර්ගය බුදුපියාණන් වහන්සේ විවිධ තැන්වල විවිධ ආකාරයෙන් පෙන්වා වදාරා ඇත. සබ්බාසව සූත්‍රයෙන් මෙය ආසව පහාතබ්බා හැටියටත් අංගුත්තර නිකායේ (3.6) මෙය ප්රහාණය කිරීමක් හැටියටත් පෙන්වා දී ඇත. ඉතාම සරළ ලෙසින් අංගුත්තර නිකායේ පෙන්වා දුන් මෙම ක්‍රියාමාර්ගය යථා පරිදි දැන, නිවැරදිව අනුගමනය කිරීමෙන් කෙටිකාලයක් තුළ නිවන් මඟ, අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගත හැකිවෙයි. මෙහිදී පියවර නවයක් ලෙසින් පෙන්වා වදාළ අතහැර මිදී නිදහස් වීමේ ප්‍රායෝගික ක්‍රියාමාර්ගය තුළින් අනිමිත්ත සමාධියටත්, අප්පණිහිත සමාධියටත්, සුඤ්ඤත සමාධියටත් පත් වීමෙන් සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට පත් වී ප්‍රඥා විමුක්තියටත්, අකුප්පා චේතෝ විමුක්තියත් ලබා නිවන පූර්ණ කරගත හැකිවෙයි.
ඒ ඒ සත්ත්වයා තුළ මුල් බැසගෙන ඇති රාගය, ද්වේෂය, මෝහය නිසාම මානයෙන් අවිද්‍යාවෙන් කටයුතු කරයි. මෙවන් රාග, ලෝභ, තණ්හා, ද්වේෂ, ක්‍රෝධ, වෛරී ගති ලක්ෂණයන් මෙන්ම මානය, අවිද්‍යාව, මෝහය හා දිට්ඨිගත වීම වැනි සියලූම ලක්ෂණයන් ඒ ඒ සත්ත්වයාම, පුද්ගලයාම සංසාරයේ කවදා හෝ තම තමන්ම එකතු කරගත් ගති ලක්ෂණයන්මය. විඤ්ඤාණයට සංසාර ගමන දිගින් දිගටම නොකඩවා පවත්වා ගෙන යන්නට උපකාරීවන ශක්ති ප්රභවය, එසේත් නැතිනම් කර්ම බීජ සපයා දෙන්නේ මේ ගති ලක්ෂණයෝය. තම තමන් තුළම පවතින මෙවැනි ගති ලක්ෂණයන් එකින් එක දැන හැඳින මේ ගති ලක්ෂණයන් නිසාම ප්‍රිය බව, සුව බව, මධුර බව සිතෙහි උපත ලබන බව යථා පරිදි තේරුම් ගෙන සංසාර ගමන යාමට මුල් වූ සමුදයම මේ ගති ලක්ෂණ සහමුළින්ම තම සිත තුළින් කර්මානුකූලව ඉවත් කර පිරිසිදු වන්නට ක්‍රියාකිරීම නිවන් අවබෝධ කර ගැනිමයි. බුදුපියාණන්වහන්සේ ඒ ඒ පුද්ගලයාගේ, සත්ත්වයාගේ චිත්ත පාරිශුද්ධතාවයට මඟ පෙන්වා දෙමින් මේ ලෙස අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය අවස්ථාවන් නවයක් ලෙසින් පෙන්වා වදාළහ.
1. පරිඤ්ඤෙයිය 2.පරික්ඛෙයිය 3.ප්රහාණය
4. ඛ්‍යාය 5.ව්‍යාය 6.විරාගය
7. නිරෝධය 8.චාගය 9.පටිනිස්සග්ගාය
මේ අවස්ථා නවය පිළිබඳවම යථාපරිදි මුලින්ම තේරුම් ගත යුතුය.
01. පරිඤ්ඤෙයිය
පිරිසිඳ දැන ගැනීමයි. තමාගේම සිත මනා ලෙස හදාරා තම සිත තුළම පහළවන අරමුණු පිළිබඳව පූර්ණ අධීක්ෂණයක් කිරීමයි. රාග අරමුණු, ද්වේෂ අරමුණු, මෝහ අරමුණු නිසාම රාග ගතිය, ලෝභ ගතිය, තණ්හා වීමේ ගතිය ප්‍රිය බව, මධුර බව සිතෙහි හටගනී. ද්වේෂ ගතිය, ක්‍රෝධ ගතිය, වෛර ගතිය, විරෝධ ගතිය, ප්‍රකෝප ගතිය, සිතෙහි හටගනී. මානය හා අවිද්‍යාව නිසාම මමත්ත්්වය, තම්මතාවය, මඤ්ඤතාවය, අස්මිමානය සිතෙහි හටගනී. මෙවන් ගතිගුණ තමාගේම සිත තුළ ඇති වන බව පිරිසිඳ දැනගත යුතුයි.
තමන්ගේම ක්‍රියාව, කථාව, සිතුවිල්ල කරන්නේ, කියන්නේ්, සිතන්නේ මෙවන් ගති ගුණ නිසාම කිළිටි වූ, කහට ගැන් වුණු කෙළෙස් සහිත වූ සිතක් නිසාම බවද නිවැරදිව තේරුම් ගත යුතුයි. කෙළෙස් සහිත අරමුණු, සිතුවිලි තමාගේ සිත අඳුරු කරන බවද මුවහා කරන බවද දැක තේරුම් ගත යුතුයි. මේ ගති ගුණ තමාගේ චිත්තසංථානය තුළට ඇතුලූ වූයේ කෙසේද? මේවා සිත තුළට කිඳා බැස ස්ථිර ගතිගුණ ලෙස ස්ථාපිත වූයේ කෙසේද? කාගේ අවශ්‍යතාවයකට මේවා සිත තුළ පැළපදියම් කර ගත්තේද?
මෙවන් ගතිගුණ, ගති ලක්ෂණ තමා තුළම පවතින තාක් කල්ම කාමාසව, භවාසව, අවිද්‍යාව සිතෙහි පවතින බවත් ඒ ගති ලක්ෂණ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක, පාපාවිතක්ක ලෙසින් තම සිතටම අරමුණු වන බවත් තේරුම් ගත යුතුය. තම සිත ගැනම මනාකොට අධ්‍යයනය කර සිතෙහි ගති ලක්ෂණයන්, හැසිරීම් රටාව, සිතෙහි අරමුණු මතුවන ආකාරය දෙස නිහඬව බලා සිටිය යුතුය. සිතෙහි මතුවන කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක, පාප විතක්ක තෝරා බේරා වෙන්කර ගන්නට සමත් විය යුතුය. ඒවා සිත අඳුරු කරන, කහට ගන්වන, කිළිටි කරන මෝහය හා මානය වැනි දේ උපදවන රාග,ද්වේෂ, මෝහ චිත්තජ රූපයන් බව දැක ඒ චිත්තජ ශක්තීන් නිරුත්සාහයෙන්ම උපදවන්නේ විඤ්ඤාණය බවද දැක මේ පිළිබඳව පූර්ණ විශ්ලේෂණයක් කර පිරිසිඳ දැන ගැනීම පරිඤ්ඤයිය යන තත්ත්වයයි.
02. පරික්ඛෙයිය
තමාගේ සිත තුළ අඳුරු කෙළෙස්, කහට ගති ලක්ෂණයන් ඇති බවත් සංසාර ගමනට, දුක් විඳීමට, උපතට හේතුව තමා තුළම ඇති මේ ගති ලක්ෂණ බවත් පිරිසිඳ දැන ඒ ගති ලක්ෂණයන් සහමුළින් ඉවත් කළ යුතු බව තීරණය කිරීම පරික්ඛෙයිය යනුයි. ආශාව පහකර, ලෝභය ඛය කර, ද්වේෂය ඛය කර, මෝහය ඛය කර සිත ප්‍රභාස්වර තත්ත්වයට පත්කර ගත යුතු ක්‍රමය නිවැරදිව දැන ඒ සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති පිළිබඳව යථාවබෝධය ලැබීම මෙයින් අදහස් කෙරේ. පරිඤ්ඤෙයිය, පරික්ඛෙයිය යන අවස්ථා දෙකම යථාවබෝධයෙන්ම තේරුම් ගත යුතු පියවරයන් දෙකක් මිස තවම ක්‍රියාත්මක වන්නට පටන්ගත් දෙයක් නොවේ. දැනගත යුතු දේ නිවැරදිවත්, සම්පූර්ණයෙනුත් දැන පරීක්ෂණය, නිරීක්ෂණය කර නිගමනයට බැසීම පමණි. මෙයින් පසුව විස්තර කරන පියවරයන්ගෙන් කළයුතු දේ කළහැකි වන්නේ මේ නිවැරදි දැක්ම මත පමණි.
03. ප්රහාණය
ඉවත් කිරීම, මඟහැරීම, පළවා හැරීම වැනි දේ මෙහිදි කළ යුතුය. රාගයට, ලෝභයට, තණ්හාවට මුල්වන ගතිගුණයන් තම සිත තුළ මතුවෙනවාත් සමඟම ඒවා ප්රහාණය කළ යුතුයි. අතහැර නිදහස්විය යුතුය. ඉවසීමෙන් යුතුව තම සිත දෙසම බලාසිට, විමසිල්ලෙන් හොඳ නරක, හේතුඵල සළකා බලා ඉවත් කළ යුතු, ප්රහාණය කළ යුතු දේ හා ආශ්‍රය කළයුතු, භාවිතා කළයුතු දේ වෙන්කොට දැන් හඳුනා කටයුතු කිරීම මෙහිදී ඉතාමත් වැදගත්ය. හේතුඵල ධර්මයට බහා ගළපා බලා කටයුතු කරන්නට පුරුදු පුහුණු වන්නේ මේ අවස්ථාවේදීය. තමා යම් ක්‍රියාවක්, කථාවක්, සිතුවිල්ලක් කළොත් එහි ඵලය කාට කිනම් ලෙස බලපායිද එය තමාගේ නිවන් මඟට බාධාවන ක්‍රියාවක්, කථාවක්, සිතුවිල්ලක් ද එසේ නම් එය වහාම ප්රහාණය කර නිදහස් විය යුතුය.
04. ඛ්‍යාය
ඛ්යා යනු ඛය කර දැමීමයි. එක්වරම අතහැර මිදී නිදහස් විය නොහැකි බොහෝ දේ ක්‍රමයෙන් ඛය කර දමා ශුද්ධ පවිත්‍ර කර ගත යුතුය. තරහ, ද්වේෂය, වෛරය වැනි ගති ලක්ෂණයන් එක මොහොතකින් අතහැර දමා පූර්ණ ලෙසට නිදහස් විය නොහැකිය. මේ සඳහා ක්‍රම ක්‍රමයෙන් ඉවසීමෙන් ක්‍රියාකර මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ගුණයන් දියුණු කර නරක ගති ඛය කර දැමිය යුතුය.
05. ව්‍යාය
ව්‍යාය යනු වැයකර, ගෙවා දමා නිදහස් වීමයි. අතීත සංසාරයේ තමා කෙනකුට යම් ආකාරයකින් ණය වී ඇත්නම් ඒ ණය ගෙවා දමා, භෞතික හෝ ද්‍රව්‍යමය වශයෙන්ම ණය ගෙවා දමා නිදහස් විය යුතුය. වත්කම්, දේපල ආදිය තම දරුවන්ට පවරා සහමුළින්ම අයිතිය අතහැර වැයකර දැමිය යුතුය. ඉන් නිදහස් විය හැකි වන්නේ ඉන් පසුව පමණි. ඒ පිළිබඳව සිතින්ද අයිතිය ඉවත්කර පාලනයෙන් ඉවත්වීම ව්‍යාය යන තේරුමයි.
06. විරාගය
විරාග යනු රාගයෙන් වෙන් වීමයි. රාග යනු චන්දරාගයමයි. කැමැත්තෙන්ම හිතට වහල්වී කාම රාග, රූප රාග, අරූප රාග වලට තණ්හා ඇතිකර ගත්තොත් ඒ කාම රාග, රූප රාග, අරූප රාග උපාදානය කරගත් ඒවාට බැඳීම, සම්බන්ධවීම නිසා ඒ ගතියටද පත්වෙයි. මෙය කර්ම භවට පත්වීමයි. මේ නිසා රාගය විරාග කර චන්දරාගයෙන් කාමච්ඡන්දයෙන් වෙන් වී නිදහස් විය යුතුය. ජීවත්වන සත්ත්වයෙකුට හැම ප්‍රශ්ණයකටම මුහුණ දෙන්නට වන්නේ හැම දුකක්ම විඳින්නට වන්නේ, අනාථ තත්ත්වයට පත්වන්නේ, කාමච්ඡන්දයෙන් මුළාවී ක්‍රියා කිරීමෙනි. ඒ නිසා රාගයෙන් වෙන් වී විරාග තත්ත්වයට පත්වීම මේ සියලූ දුක්වලින් නිදහස් වීමට නොවරදින පහසුම මඟයි. විරාග තත්ත්වයට පත්කර ගත යුතු වන්නේ තමාගේම සිතයි.
07. නිරෝධාය
නිරෝධ කිරීම යනු තම සිතුවිලිම නිරෝධ කිරීමයි. රාගයෙන් ප්‍රිය බවෙන් සිත යම් දෙයකට, යම් කෙනෙකුට, යම් අවස්ථාවක බැඳුණු පසු ඒ ප්‍රණීත සිතුවිල්ල, ප්‍රිය මධුර සිතුවිල්ල දිගේ කල්පනා කර දහ අතේ සිතුවිලි පතුරුවා ඒ ප්‍රිය දෙය කෙරෙහි තණ්හාවෙන් එය උපාදානය කරගනී. මේ තැනක හාවීමට යමක් උපාදානය කර ගන්නට ඒ ගතියට, භවට පත් වන්නට හේතුවූයේ ඒ අරමුණ දිගේ සිතුවිලි පැවැත්වීමයි. මෙය සිතින් රෝද කිරීමයි. මේ සිතුවිලි ආරම්භක අවස්ථාවේම තේරුම් ගෙන එවන් ප්‍රිය මනාප අරමුණකට බැඳී, සිතින් රෝද කිරීම නවතා දමන්නේ නම් එය සිත නිරෝධ කිරීමයි. මේ නිසා නිරෝධ කිරීම යනු යමක් නැති කිරීම නොවන බව තේරුම් ගත යුතුය. යම් අරමුණක්, සංඥාවක් දිගේ සිතින් රෝද කිරීම නැවැත්වීම නිරෝධ කිරීමයි. මෙතැනදීද සිදුවන්නේ අතහැර මිදී නිදහස් වීමකි.
08. චාගාය
චාග යනු සහමුළින්ම අතහැර මිදී නිදහස් වීමයි. චාග යනු දානය, ත්‍යාගය, දීමනාව යන අර්ථයෙන්ද තේරුම් කළත් මෙහිදී ත්‍යාගය, දානය යන අර්ථයට වඩා බලවත් අත්හැරීමේ ක්‍රියාවක් සිදුවේ. යම් දෙයක් දානයක්, ත්‍යාගයක් ලෙසින් තවත් කෙනෙකුට දෙන්නේ යමක් බලාපොරොත්තුවෙනි. අඩුම වශයෙන් පින් රැුස්කර ගැනීම සඳහාය. ඒ දීමනාව දානය සංසාර ගමන දිගින් දිගටම යහපත් ලෙසින් පවත්වා ගන්නට උපකාර වන පිනකි. චාග යනු සම්පූර්ණ අත්හැර මිදී නිදහස් වීමයි. පිනක් හෝ වෙනත් මොනයම්ම ආකාරයක හෝ ප්‍රතිලාභයක් බලාපොරොත්තු වේ නම් එතැන චාග යන අර්ථය සම්පූර්ණ නොවේ. යම් කෙනෙකු ගිහිගෙය අතහැර, දේපල අත්හැර, පැවිදි බවට පත්වූවත් ඒ ඒ වත්කම් දේපල තවමත් අල්ලාගෙන සිතින් හෝ උපාදානය කරගෙන සිටී නම් එතැන චාග යන තේරුම දෙන දානයක්, ත්‍යාගයක් සිදුවී නැත. ඒ නිසා චාග යනු මුළු සිතින්ම අතහැර මිදී නිදහස් වීමයි. නිවනට නිදහසට උපකාරවන්නේ තම සිතම නිදහස්කර ගැනීමයි.
9. පටිනිස්සග්ගෝ
හැම පෘථග්ජන පුද්ගලයෙකුම ගිහි හෝ පැවිදි හෝ වුවත් සංයෝජන දහයකින් බැඳී සංසාර ගමනට එකතු වී එය කැමැත්තෙන්ම යන ගමනක් බවට පත්කර ගෙන ඇත. මේ සංයෝජනය ලෙසින් බුද්ධ භාෂිතයේ පෙන්වා වදාළේ පටි දහයකි. පටි යනු සුවදායක, ආරක්ෂා සහිත, සුරක්ෂිත බැඳීමකි. ඒ බැඳීම විඤ්ඤාණයේ සංසාර බැඳීමයි. පටි වලින් සංසාර ගමනට බැඳී සිටිනා තුරාවට විඤ්ඤාණයේ මතු උපතද සුරක්ෂිතය. සහතිකය. මේ සංසාර ගමනට සත්ත්වයා, පුද්ගලයා බැඳී පටිසංසග්ග වී සිටින ආකාරය තේරුම් ගෙන පටි ලෙහා, නිස්සග්ග තත්ත්වයට පත්වීම නිවන් අවබෝධයට අත්‍යාවශ්‍යයෙන්ම උපකාර වෙයි. ”වොස්සග්ග පරිණාමී” යනුද පටිලෙහා, ගළවා සහමුළින්ම නිදහස් වීමයි. මේ ආකාරයෙන් විග්රහ කර බලන විට නිවන් අවබෝධය යනු තම තමන්ම සංසාර ගමනට බැඳී සම්බන්ධ වී සිටින රාග, ද්වේෂ, මෝහ ගති ලක්ෂණයන් ශේෂයක් වත් ඉතිරි නොවන ලෙස අතහැර මිදී නිදහස් වීමයි. කෙස් ගහක් පමණවත් දෙයක් ප්‍රිය යැයි සුවයැයි, මධුර යැයි, වටිනවා යැයි, සාරවත් යැයි අල්ලාගෙන, උපාදානය කරගෙන සිටිනතාක් සංසාර ගමනට එයම උපකාරවෙයි. භෞතික, ලෞකික, සංඛතයන්ගෙන් මිදී නිදහස් විය හැකිවන්නේ සිතෙහි පහළවන සංකල්පනාවලින් සංඛාර වලින් මිදී නිදහස් වී, සංඥා නිසා උපදින සමුදය නිරෝධකර ගැනීමෙනි. ”යං කිංචි සමුදය ධම්මං, සබ්බත්තං නිරෝධ ධම්මං” යනුවෙන් ප්‍රකාශ කළේ මෙයයි.