විඤ්ඤාන ශක්තිය හා මනස

සත්ත්වයෙකුගේ, පුද්ගලයෙකුගේ සිත යැයි අප ව්‍යවහාරයේ දී හඳුන්වන විඤ්ඤාණ ශක්තිය, අපූර්ව ආකාර වූ පුදුමාකාර ශක්තියකි. ලෝකය යැයි අප අදහස් කරන මේ ඇතිවන, වෙනස්වන, විනාශවන, පැවැත්මට එහි සියලුම ක‍්‍රියාත්මක තත්ත්වයන් නොනවත්වා සජීවී තත්ත්වයෙන් පවත්වා ගන්නට ලැබෙන්නේ, සත්ත්වයාගේ සිතෙන්ම උපදින විඤ්ඤාණ ශක්තියෙනි. මේ සක්වල තුළ අපට පෙනෙන, නොපෙනෙන සියලු සජීවී බලවේගයන් ක‍්‍රියාත්මක වන්නට මුල් වූ එකම බලවේගය, අප චිත්ත ශක්තිය යැයි ප‍්‍රකාශ  කරන  මේ  විඤ්ඤාණ  ශක්තියමයි.  ගොඩ  දිය  දෙකෙහිම  ජීවත්වන  සියලු සත්ත්වයින්ද, ජීවීන් ලෙස අප හඳුන්වන සියලු සත්ත්ව කොට්ඨාශයන් ද, අපට මසැසට නොපෙනුනත් අනන්ත අප‍්‍රමාණ වූ දේව, භූත, අමනුස්ස කොටස් ආදී හැම කෙනෙකුටම,තමාටම පෞද්ගලික වූ විඤ්ඤාණ ශක්තියක් උපදවා ගනී. එවන් විඤ්ඤාණ ශක්තියක් නැති කෙනෙකුට ජීවියෙක්, භූතයෙක්, සත්ත්වයෙක්, ප‍්‍රාණියෙක් යැයි නම් කළ නොහැකිය.

මේ හැම ප‍්‍රාණියෙක්ම, හැම ජීවියෙක්ම තම විඤ්ඤාණ ශක්තිය මෙහෙයවා, ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන සතර මහා භූතයන් එක්කර තම පැවැත්ම සඳහා, පදිංචියට අවශ්‍ය කූඩුවක් ද සකස් කරගනී. මෙවන් කූඩුවක් (අභිනිවේසයක්) නැතිව කිසිම සත්ත්වයෙකුට තම විඤ්ඤාණය පවත්වාගත නොහැකිය. අපට මසැසට නොපෙනෙන නිසාම එවන් සත්ත්ව, භූත, දේව, බ‍්‍රහ්ම කොට්ඨාශවලට ශරීරයක් නැතැයි, පැවැත්මක් නැතැයි අප නිගමනය කිරීම සම්පූර්ණයෙන්ම වැරදිය. ස්පර්ශ කළ නොහැකි, මසැසට දර්ශනය කරගත නොහැකි, ඉතා සියුම් ආපෝ, තේජෝ, වායෝ, පඨවි භූතයන්ගෙන් සකස්  කරගත්  ඒ  ඒ  සත්ත්වයන්ගේ  අභිනිවාසයන්  අපට  දැකිය නොහැක්කේ,  අපේ විඤ්ඤාණය ශක්තිය අඳුරු පටලයන්ගෙන් වැසී ආසව තට්ටුවලින් මුවහ වී පවතින නිසාය. අපේ මනසට මැනිය හැකි වන්නේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි, වර්ණ, ගන්ධ, රස,  ඕජා යන ශුද්ධාෂ්ටක ධාතූන් පමණි. භූත, දේව, අමනුස්ස කොටස් සෑදී ඇත්තේ, මෙවන් ධාතු කොටස් බවට පත් නොවූ මහා භූත කොටස් වලිනි. මහාභූත ඝනීභවනය වීමෙන්  ධාතු  කොටස්  බිහිවෙයි.  යමෙකුට  තමන්ගේ  ආධ්‍යාත්මික  ශක්තිය,  මැනීමේ ශක්තිය (මනස) පිරිසිදු කරගෙන චිත්ත පාරිශුද්ධ තත්ත්වයට පත්කරගත හැකිනම්, එවිට ඒ මනසම අභිඥා යන තත්ත්වයට පත්වෙයි. එහිදී සංඥා වෙනුවට උසස් තත්ත්වයෙන් යුත් දැනුමක් වන අභිඥා ලැබෙන නිසා, ධාතු කොටස් මෙන්ම මහා භූත කොටස්වලින් ද සැදුණු සියලු භූත හා සත්ත්ව කොටස්ද දැකගත හැකිවෙයි. තවදුරටත් චිත්ත පාරිශුද්ධතාවය දියුණු කරගෙන, යම් කෙනෙකුට සියලුම අඳුරුපටල, ආසව තට්ටු සහ මුළින්ම තමා තුළින් ඉවත්කර, ආධ්‍යාත්මික පාරිශුද්ධතාවයටද පත්කර ගතහැකි නම්, එය ප‍්‍රඥාවයි. ඥාණයේ ප‍්‍රකෘති තත්ත්වය එයයි. එය පරම පවිත‍්‍ර දැනීමයි. එසේ නම් ඥාණ, විඤ්ඤාණ, අභිඥා, ප‍්‍රඥා යන විවිධ අවස්ථාවලට පත්වෙන්නේත් එකම සිතකි.

”සං” යනු එකතු කිරීම, රැුස් කිරීම යන තේරුම දෙන පදයකි. සංඥා යනු දැනුම එකතු කිරීමයි. ඥාණ, විඤ්ඤාණ, අභිඥා යන අවස්ථා තුනේදීම, සංඥා කි‍්‍රයාත්මක වෙයි. නමුත් ප‍්‍රඥාව යන තත්ත්වයේදී සංඛාර නොකරන නිසා, රැස් නොකරන නිසා එය පරම පවිත‍්‍ර තත්ත්වය දකින අවස්ථාවකි. ප‍්‍රඥාව නැමැති තත්ත්වයට පත්වූ කෙනෙකුට, යම් දෙයක් පරම පවිත‍්‍ර ප‍්‍රකෘති තත්ත්වයෙන්ම දැකගන්නට ලැබෙන නිසා, ඒ පිළිබඳව දැනුමක් රැස්කර ගන්නට (සංඥා) අවශ්‍ය නොවේ. මැන බලා දැනගන්නට අවශ්‍ය නොවේ. මානය යනු මැනීමයි. එකතුකරගත් දැනුම මැන බලා හොඳ, නරක, රස, ගුණ වැනි සියලු දැනුම ලබාගන්නේ මනසෙනි. එසේ මැන බලා දැනගන්නට සිදුවන්නේ, විඤ්ඤාණ ශක්තියෙන් එකතු කරගත් දැනීමයි. සංඥා යනු විඤ්ඤාණ ශක්තියෙන් එකතු කරගත් රාග, ද්වේෂ, මෝහ සහිත වූ අලෝභ, අදේවේෂ, අමෝහ සහිත වූ දැනුමයි. එසේ නම් විඤ්ඤාණ ශක්තිය යනු, ලෝභ, ද්වේෂ, මෝහ ගති නිසා සිත තුළ බිහි වූ ශක්තියයි. ලෝභ, ද්වේෂ, මෝහ ගති සහමුළින් ශුද්ධ පවිත‍්‍ර කර, චිත්ත පාරිශුද්ධතාවයට පත් කරගත් කෙනෙකු, විඤ්ඤාණ ශක්තියක් තම සිතෙහි නොඋපදවයි. විඤ්ඤාණ ශක්තිය යනු වාහනයක් දුවවන්නට අවශ්‍ය වන ඉන්ධන ශක්තිය හා සමාන ශක්තියකි. හැම සත්ත්වයාම සංසාර රිය  ගමනක  යෙදෙයි.  මේ  රිය  ගමන්  කරන්නට  අවශ්‍ය  වන  ඉන්ධන  නිපදවන්නේ විඤ්ඤාණ ශක්තියෙනි. එසේ නම් රාග, ද්වේෂ, මෝහ බිහි නොකරන තත්ත්වයක පවතින සිතකින්  සංසාර  රිය  ගමන  යාමට  උපකාරවන  ඉන්ධන,  එනම්  විඤ්ඤාණ  ශක්තිය උපදවන්නේ නැති නිසා එම තත්ත්වය අරිය තත්ත්වයයි.

උපන් හැම සත්ත්වයෙක්ම, භූතයෙක්ම, දෙවියෙක්ම, ප‍්‍රාණියෙක්ම, අමනුස්සයෙක්ම  ජීවත්වීම,  හේතුඵල  පරම්පරාවක්  ක‍්‍රියාත්මක  කිරීමට  සම්බන්ධ  වූ සකළවිධ ක‍්‍රියාදාමයන් ක‍්‍රියාවට නංවන්නේ, ඒ ඒ සත්ත්වයාම උපදවා බිහිකරගෙන, ගබඩා කරගෙන ඇති විඤ්ඤාණ ශක්තියෙන්මය. මේ අනුව බලන කළ මේ හැම සත්්ත්ව, භූත, දේව, අමනුස්ස කොට්ඨාශයක්ම ජීවත් වෙනවා යනු, විඤ්ඤාණ ශක්තීන් බිහිකිරීමේත්, ගබඩා කිරීමේත්, ඒ විඤ්ඤාණ ශක්තිය භාවිතා කිරීමේත් එකම රාජකාරියක මුළු ජීවිත කාලයම නිරත වීමයි. මීට අමතරව කිසිම දෙයක් කිසිම කෙනෙකු නොකරන බවද නිවැරදිවම  තේරුම්  ගත  යුතුයි.  මෙය  විඤ්ඤාණය  ආහාර  සෙවීමේ  ක‍්‍රියාවලියයි. ගබඩාකරගත් විඤ්ඤාණ ආහාර කර්ම බීජ ලෙසින් ක‍්‍රියාත්මක වී මතු උපතක් ලබන්නට ද උපකාර වෙයි.

මෙසේ රැුස්කරගත් කර්ම බීජ (විඤ්ඤාණ බීජ) ඒ ඒ සත්ත්වයාගේම චිත්තසංථානයේම ගබඩා වන අතර, මහාකල්ප 91 ක් යනතුරු නැවත නැවතත් උපත ලබන්නට තරම් බලවත් කර්ම බීජ මේ අතර පවතී. බුද්ධ දේශණාවට අනුව, යම් කෙනෙකු විඤ්ඤාණයේ  ක‍්‍රියාකාරීත්වය  වන  මෙම  ශක්තිය  නිවැරදිව  තේරුම්  ගතහොත්  මේ ශක්තියම ප‍්‍රයෝජනයට ගෙන විඤ්ඤාණ ශක්තීන් උත්පාදනය කරන මූලයද සොයා දැන රාග, ද්වේෂ, මෝහ ඛය කර දමා සිත පිරිසිදු කර ගැනීමෙන්, මේ සංසාර ගමනද සදහටම නිමාකරගත හැකිවෙයි. මේ රිය ගමනට, සංසාර ගමනට, අත්‍යාවශ්‍ය සාධකය වූ ඉන්ධන සැපයීම නතර කිරීම මිස, මේ ගමන නතර කිරීම සඳහා වෙනත් ක‍්‍රමවේදයක් ද නැත. තෙල් අවසන් වූ පසු පහන නිවී යන්නා සේ, ඉන්ධන නැතිකළ මේ සංසාර රිය ගමනද ස්වභාවිකවම නතර වන බව බුදුපියාණන්වහන්සේ පෙන්වා වදාළහ.

මිනිසෙකුව උපත ලත් සෑම කෙනෙකුගේම සිත, අනෙකුත් සියලුම සත්ත්ව, භූත, දේව, අමනුස්ස සිත්වලට වඩා ක‍්‍රියාත්මක ශක්තියෙන් වෙනස්ය. මිනිස් සිතෙහි මානයක්, මැන බැලීමේ ශක්තියක් – මනසක් – මනීන්ද්‍රියක් ඇත. මෙයම මනායතනය ලෙසින් ද ක‍්‍රියාත්මක වෙයි. මෙවන් මනස, කෙනෙකුට පිරිසිදු කරගෙන, දියුණු කරගත හැකිය. මෙය දෙයාකාරයකින් දියුණු කරගත හැකිය. එක ආකාරයකින් ලෝකය ගැන ඥාණය, දැනීම එකතුකර, ගබඩාකර ඥාණ ශක්තිය දියුණු කර ගැනීමයි. මෙය උගත්කම, නුවණ, බුද්ධිමත් බව ආදී වචනවලින් පෙන්වාදුන් විඤ්ඤාණ ශක්තියම දියුණු කර ගැනීමකි. දෙවන ආකාරය ලෝභ, ද්වේෂ, මෝහ ආදී කිළිටි, අඳුරුගති, ආසව අනුසය තට්ටු සළාහැර, ශුද්ධ පවිත‍්‍ර කර, සිත පිරිසිදු කරගෙන ප‍්‍රභාස්වර තත්ත්වයට පත්කර ගැනීමයි.

අතීතයේ දී කවදා හෝ තමන්ම එකතු කරගත් කෙළෙස්, කිළිටි, කහට ගැන්වුණු, ආසව තට්ටු මිසක වෙනත් බාහිර කෙනෙකුගෙන් ලැබුණු කිසිම ශක්තියක්, බලයක්, සිතක නැත. තමාගේ සිත තුළ ඇති මේ ආසව තට්ටු දැකගත හැකි වන්නේද තමාටම පමණි. මනස මෙහෙයවා මැන කුණු ඉවත්කර පිරිසිදු කරගත හැකි වන්නේද තමාටම පමණි. කුසලය පිරීම, කුසලස්ස, කුණු සළාහැර පිරිසිදුවීම යනු සංසාරයේ තමන්ම කවදා හෝ එකතුකර, ගබඩාකරගත් මෙවන් රාග, ද්වේෂ, මෝහ ගති ලක්‍ෂණයන්, කර්ම බීජ සළාහැර, චිත්තය පාරිශුද්ධතාවයට පත් කර ගැනීමයි. ඒ නිසා කුසල් පිරීම යනු යම් කිසිවක් එකතු කිරීම, රැුස් කිරීම නොවේ. කුණු සළාහැර, පිරිසිදු වීමයි.

භාවනා කර ධ්‍යාන වඩා, රාග, ද්වේෂ, මෝහ ගති දවාහැරිය හැකි වෙයි. භාවනා කර ධ්‍යාන වැඞීම, රාග, ද්වේෂ, මෝහ දවා හැරීමද දෙයාකාර වෙයි. වර්තමානයේ රාග, ද්වේෂ, මෝහ එකතු කිරීම වළකා දමා, නවතා දමා, අනාගතයේ ඒවා එකතු කිරීමට හේතුවන ක‍්‍රියාවන්ගෙන් ද වැළකීම එක් ක‍්‍රමයකි. මෙය අනාර්ය භාවනාවයි. මෙහි දී අතීතයේ රැුස්කර ගත්, ගබඩා කරගත්, කර්මබීජ දවාහැර ඒවායින් නිදහස් වන්නට ක‍්‍රමයක් පිළිබඳව දැනීමක් නැත. ඒ නිසා තාවකාලිකව, රාග, ද්වේෂ, මෝහ වලින් ඉවත්වී රූපී, අරූපී ධ්‍යාන ලැබ තාවකාලිකව ලෞකික සුවයක් ලබයි. මේ ක‍්‍රමය අනාර්ය ධාන්‍යයක් ලබා ගැනීමයි. බුද්ධෝත්පාද කාලවල මෙන්ම අබුද්ධෝත්පාද කාලවලදීද මෙය කරගත හැකිය.  බුදු  කෙනෙකුන්  ලොව  පහළ  වී,  සොයා  දැන  දේශණා  කරන්නේ  මෙයට හාත්පසින්ම වෙනස් වූ අරිය භාවනා ක‍්‍රමයයි. මෙය බුදුපියාණන්වහන්සේ කෙනෙකු ලොව  පහළ  වීමෙන්ම  පමණක්  ලෝකයාට  පෙන්වා  දෙනු  ලබන  සදාකාලික  වූත්, පරමශාන්ත වූත්, අකුප්පා චේතෝ විමුක්තිය ලබන ක‍්‍රමයයි. ප‍්‍රඥා විමුක්තිය ලබන භාවනා ක‍්‍රමයයි. මෙහිදී වර්තමානයේ දී රාග, ද්වේෂ, මෝහ රැුස්කිරීම නවතාලන මාර්ගය වූ සංවර සීලයත්, අනාගතයේ රාග, ද්වේෂ, මෝහ බිහිවීමට හේතුවන කෙළෙස් මුල් උදුරා දමන සංසිඳවීමත්, අතීතයේ එකතුකර ගබඩා කර ඇති සියලු මෝහ මුල් සිඳලන ”සම්මා” අංග සම්පූර්ණ කිරීමත් යන ක‍්‍රම තුනම අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතුමය. අතීතයේ රැස්කර ගබඩා කරගෙන චිත්තසංථානයේ තැන්පත් වී ඇති ආසව තට්ටු කපාහැර, ශුද්ධ පවිත‍්‍ර වීමට මඟ සොයා දැන පැහැදිළි කර දීම කළ හැකිවන්නේ බුදුපියාණන්වහන්සේ කෙනෙකුටම පමණි. ඒ හැර, බුදුපියාණන්වහන්සේගෙන් අසා දැනගත් මේ නිවැරදි මඟ කියා පැහැදිළි කර, විග‍්‍රහ කරදීමේ හැකියාව ඇත්තේ ද, බුද්ධ ශ‍්‍රාවකයෙකුට පමණි.

මේ පොත කියවන ඔබ සෑම දෙනෙක්ම අද මිනිසෙකු වී උපත ලබා මේ මැන බැලීමේ ශක්තිය මනස උසස්කර ගතහැකි තත්ත්වයකින්ද ජීවත් වෙති. තමන් ජීවත්වෙනවා යන්න පිළිබඳව සිතා බලා, විඤ්ඤාණ ශක්තිය තේරුම් ගෙන, මනසින් මැනබලා මෙනෙහි කර , නැවත නැවතත් විවිධාකාරයෙන් විමර්ශනය කිරීමෙන්, අතීතයේ එකතු කරගත් කිළිටි, කහට, කුණු පැල්ලම් ප‍්‍රහාණය කරගත හැකි වන්නේද මනසට පමණි. එකතු කරගත්  කෙළෙස් ගති ඛය කර දමා, ගෙවා දමා, විරාග කර, ප‍්‍රහාණය කර, අතහැර, මීදී නිදහස් විය හැකි වන්නේද මනස මෙහෙයවා ක‍්‍රියා කිරීමෙනි. එය කළහැකි වන්නේ මිනිස් සිතකින්ම පමණි. මේ මිනිස් සිතට විවිධාකාර වූ චිත්ත ශක්තීන් ඇතිබව දැන හඳුනාගන්නටත්,  ඒ  ශක්තීන්  පිරිසිදු  කර  වැඩි  දියුණු  කරගන්නටත්,  සිත  පාරිශුද්ධ තත්ත්වයට  පත්කර  ගන්නටත්,  ප‍්‍රභාෂ්වර  තත්ත්වයට  පත්කර  ගන්නටත්  හැකියාවක් ශක්තියක් ඇත. ඒ නිසාම මනුස්ස යන නමද මිනිසාට ලැබී ඇත.

විඤ්ඤාණ  ශක්තිය  යමෙකු  තුළ  උපදින්නේම  සිත  රාගයෙන්,  ද්වේෂයෙන්, මෝහයෙන් ක‍්‍රියාත්මක වීමෙන්මය. රාග, ද්වේෂ, මෝහ ගති ලක්ෂණ කර්ම බීජ ලෙසින් සිතෙහි තැන්පත් වීම නිසා, ආසව තට්ටුවලින් සිත මුවහ වී, අඳුරු වී, කිළිටි වී යයි. සිතෙහි ප‍්‍රභාස්වර  තත්ත්වය  නැතිව  මුලා  වූ  තත්ත්වයකට  පත්වෙයි.  ඇත්ත  ඇති  සැටියෙන් දැකගන්නට හෝ හේතුඵල ධර්මතාවය තේරුම්  ගන්නට හෝ ආදීනව ආනිසංස වටහාගන්නට හෝ නොහැකි  තත්ත්වයට මිනිසා පත්වෙයි.  තිරිසන්  සත්ත්ව කොට්ඨාශවලට  අයත්  සතුන්ට තම මවුපියන්, දරුවන්  වෙන්කොට දැනගන්නට නොහැකිව ඇත්තේ රාගයෙන්, මෝහයෙන් දැඩි සේ සිත මුවහ වී ඇති හෙයිනි.

මෙවැනි කෙළෙස් ගති තම සිත තුළ පවතින බවක්, තමන් මෝහයෙන් මුලාවෙන් ක‍්‍රියාත්මක වන බවක්, රාගයෙන්, ද්වේෂයෙන්, පටිඝයෙන් ඇවිළෙන බවක් බොහෝ මිනිසුන්ට පවා තේරුම් ගත නොහැකි වන්නේ, තමාගේම සිත වැසී, අඳුරු වී ඇති ආසව තට්ටුවල බලවත් කම නිසාමය. අනෙක පෘථග්ජන මිනිසාද විඤ්ඤාණ ශක්තියකින්ම කටයුතු කරන, ප‍්‍රිය මනාප දේම සොයා යන සත්ත්වයෙකු බව, කිසි ලෙසකින් කෙළෙස් සහිත වූ කෙනෙකුට තේරුම් ගත නොහැකි වෙයි. මේ නිසා තරඟය, දෘෂ්ඨිගතවීම, වෛරය, ක්‍රෝධය, මානය ආදී ගති සිත තුළ මුල්බැස ගනී.

මිනිස් සිතෙහි ඇති මානය, මැනීමේ ලක්ෂණය – යහපත් ලක්ෂණයක්, යහපත් ශක්තියක්  බවට  පත්කර  ගෙන  සිත  ශුද්ධ  පවිත‍්‍ර  කර  ගැනීමටද  යොදාගත හැකිය. අභ්‍යන්තර අධ්‍යාත්මික ශක්තීන් සිත තුළින්ම බිහිකර, ඒවා උපකාරයෙන් විඤ්ඤාණ ශක්තිය අභිබවා ආධ්‍යොත්මික ශක්තිය මතු කරගත හැකිවෙයි.

”මනෝ පුබ්බංගමා ධමමා මනෝ සෙටඨා මනෝමයා” යනුවෙන් බුදුපියාණන් දේශණා  කර  වදාළේ්  මිනිසෙකුගේ  රාග,  ද්වේෂ,  මෝහ  ගති  ලක්ෂණ  මුල්කරගත් විඤ්ඤාණ ශක්තියට වහල් වී කටයුතු කරනතාක් කල්, මනසෙහි ශක්තිය යටපත්ව, අවිද්‍යාවෙන්ම ක‍්‍රියා කරන බව පෙන්වීමයි.

පෙර අතීතයේත්, අද වර්තමානයේත් තමා විසින්ම හිතන, කරන, කියන සංඛාර මිසක, ඒ සංඛාර නිසා රැස්කරගත් රාග, ද්වේෂ, මෝහ ගති හා ඒ නිසාම රැස්කරගත් කර්ම බීජ මිස වෙනත් කිසිම බාහිර පුද්ගලයෙකු හෝ බලවේගයක්, අභ්‍යන්තර හෝ බාහිර වශයෙන් කිසිම සත්ත්වයෙකුගේ අනාගතය ලෙසින් ඵල විපාක උරුමකර දෙන්නට සමත් නැත. චිත්ත ශක්තිය නමින්ද අප අදහස් කරන විඤ්ඤාණ ශක්තියට පරිබාහිරව මේ විශ්වය තුළ ක‍්‍රියාත්මකව පවතින කිසිම බලවේගයක් නොපවතින බව නිවැරදිව තේරුම් ගත යුතුය.

හිරු, සඳු, තාරකා පවා චිත්ත ශක්තියෙන් උපදවාගත් සත්ත්වයාගේ පැවැත්මට උපකාර වන දේවල් පමණි. හේතුඵල ධර්මය නමැති උතුම් බුද්ධ ධර්මයය පූර්ණ ලෙස තේරුම් ගත් කෙනෙකුට, බුදුපියාණන්වහන්සේ සොයා දැන දේශණා කරන ලද මෙම සත්‍යයන් පූර්ණ ලෙස අවබෝධකරගත හැකිවනු ඇත. ලෝකය ජීවී තත්ත්වයට පත්කර ක‍්‍රියාත්මක කරවන්නේ, හේතුඵල දහම ක‍්‍රියාත්මක වීමෙනි. හේතු කරන්නේ විඤ්ඤාණ ශක්තියෙනි.  ඵල  උරුම  කරගෙන  විපාක  විඳින්නේ  විඤ්ඤාණ  ශක්තිය  නිපද  වූ සත්ත්වයාමය. මෙය නියත ධර්මතාවයකි. මේ ධර්මතාවය කාටත් වෙනස් කළ නොහැකිය. නමුත් මනස මෙහෙයවා කටයුතු කළ හැකි සෑම මිනිසෙකුටම, හේතු වෙනස් කර, හේතු කිරීම නවතා දමා, ඵල විපාකද වෙනස් කරගත හැක. විඤ්ඤාණ ශක්තිය නිපදවීම සහමුළින් නවතා දමා, විමුක්තිය ළඟාකරගත හැකිය. එය ප‍්‍රඥා විමුක්තියයි.

Share Button

විඤ්ඤානය යනු කුමක්ද?

විඤ්ඤාණය යනු කුමක්දැයි නිවැරදිව දැන පැහැදිළි කර ගැනීම නිවන් දැකීමට ඉතාමත් උපකාරකය. මේ පිළිබඳව හොඳින් තේරුම් ගතහැකි පරිදි පැහැදිළි විස්තරයක් අද කිසි පොතකින් හෝ දේශණයකින් ලබා ගත නොහැකි වීම, නිවන් මඟ වැසී තිබීමට එක් මූලික හේතුවකි. සාමාන්‍ය පුද්ගලයින් මෙන්ම උගතුුන්ද, සිත, යටිසිත, මනස ආදී විවිධ නම් වලින් හැඳින්වූවත්, උපන් හැම සත්ත්වයකුටම ඇත්තේ විඤ්ඤාණයකි. ඒ නිසාම අංග පහකින් යුත් පංචස්කන්ධයේ වැදගත්ම කොටස ලෙසද විඤ්ඤාණය පෙන්වා දී ඇත.

විඤ්ඤාණය ලෙස හඳුන්වන්නේ කහට ගැන්වී, බලගැන්වී, කිළිටි වූ ජවයක් (සං)එකතු වූ චිත්තයට බව මුලින් ද පෙන්වා දී ඇත. මේ සියලු කහට ගැන්වීම් වලින් බලගැන්වීම් වලින් ජවයක් (සං) එකතු වීමෙන් වන්නේ (චිත්තයෙහි) සිතෙහි බලාපොරොත්තු පිරීමයි. මේ නිසාම විඤ්ඤාණය යනු බලාපොරොත්තු වලින් පිරුණු සිත ලෙසද සරළ ලෙසින් විග‍්‍රහ කළ හැකිය. බලාපොරොත්තු නැති විඤ්ඤාණයක්  හෝ විඤ්ඤාණයක් නැතිව බිහි වූ බලාපොරොත්තුවක් හෝ විග‍්‍රහ කළ නොහැකිය. සිතක විඤ්ඤාණයක් (බලාපොරොත්තුවක්) උපදින්නේ ඉන්ද්‍රියයන් මඟින් ලබා ගන්නා සංඥා මගිනි. (මෙතන ද සංඥා යනු ”සං” යන ජවයෙන් එකතු කර ගත් දැනුමයි). ඇස, ඇසින් දකින රූප නිසා, කන, කනෙන් ඇසෙන ශබ්ද නිසා, දිව, දිවෙන් ලබන රසය නිසා, කය, කයට ලැබෙන ස්පර්ශය නිසා, මන, මනසට ලැබෙන අරමුණු (ධම්ම) නිසාම සිතක යම් බලාපොරොත්තුවක් උපදී. එම බලාපොරොත්තු චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය,ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, පොට්ඨබ්බ විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය යනුවෙන් සය ආකාරය. මේ සියලු විඤ්ඤාණයෝ ඉන්ද්‍රියයන් මුල්කොට ගෙනම උපදිති. මේ  හය  ආකාරයෙන්  තොරව  සිතක  කිසිදු  විඤ්ඤාණයක්  උපදිය  නොහැකිය.  මේ ඉන්ද්‍රියන් හයම විඤ්ඤාණය ශක්තිය උපදින උල්පත්ය. මේ කුමන ඉන්ද්‍රියකින් විඤ්ඤාණය උපන්නත්, එය මනස වෙත යොමු වී, සකස් වී, ඒකාබද්ධ වී ක‍්‍රියාත්මක වන නිසා ”සං” උපදවන්නේ, එකතු කරන්නේ මනෝ විඤ්ඤාණයෙන්මය.

මෙලෙස සිතක උපදින බලාපොරොත්තු (විඤ්ඤාණයෝ) කර්ම විඤ්ඤාණය, ප‍්‍රවෘත්ති විඤ්ඤාණය, පටිසංධි (ප‍්‍රත්‍යය) විඤ්ඤාණය යැයි නිදානය අනුව වර්ග කර විග‍්‍රහ කර තිබේ. කර්ම විඤ්ඤාණය යනු, මීට පෙර සිතින් බිහිකළ ශක්තීන්, චිත්තජ රූප (දැන් කර්මජ රූප) විපාක දීමක් ලෙස සිතෙහි අරමුණු පහළ වීමයි. සෑම චිත්තජ රූපයක්ම (ශක්තියක්ම) අතීතයට ගිය පසු කර්මජ රූප ලෙසින් හඳුන්වන අතර එය විපාක ලැබෙන හේතුවක් බව කලින්ද පෙන්වා දී ඇත. ප‍්‍රවෘත්ති විඤ්ඤාණය යනු, යම් සිදුවීමක් දැකීම, ඇසීම වැනි හේතුන් මනසෙහි ස්පර්ශ වීම නිසා උපදින බලාපොරොත්තුය. පටිසංධි විඤ්ඤාණය, වෙනත් හේතුවක් ප‍්‍රත්‍යය කොට (පටිච්චසමුප්පන්නව) උපදින අරමුණය. සංකාර නිසා, වේදනාව නිසා ආදී කොට විඤ්ඤාණ උපත ලබයි.

මේ සියලු විඤ්ඤාණයෝ අවිද්‍යා මූලයෙන් උපන් විඤ්ඤාණ, කුසල මූලයෙන් උපන් විඤ්ඤාණ යැයි දෙකොටසකි. අවිද්‍යා මූලයෙන් උපන් විඤ්ඤාණයෝ කෙළෙස් උපදවන, සසර දිගු කිරීම සඳහා හේතු වෙයි. ඒවා පින් හෝ පව් විය හැකිය. කුසල මූලයෙන් උපන් සිත් සංසාර ගමන නවත්වන ”සං” එකතු නොකරන, පහත් වූ කුණු වැනි දේ සළාහරින නිසාම නිවනට උපකාරක ධර්මයෝය.

අවිද්‍යා මූලයෙන් උපන් විඤ්ඤාණයෝ රාග, ද්වේෂ, මෝහ යනුවෙන් සරළ ලෙස බෙදා ඇත. තණ්හා, ආශා, ලෝභ, තරහා, වෛර, මෝඩකම ආදී සියල්ල මීට ඇතුළත්ය. විඤ්ඤාණය, අතීත විඤ්ඤාණය, අනාගත විඤ්ඤාණය හා වර්තමාන විඤ්ඤාණ යැයි කොටස් තුනකට බෙදෙයි. මේ එකොළොස් ආකාර වූ සියලු කොටස් එකතුකර පෙන්වීම සඳහා විඤ්ඤාණස්කන්ධය යන පදය භාවිතා කෙරෙයි.

සත්ත්ව සංථානයක උපදින දුක් වලින් සියයට අනූනවයක්ම උපදවන්නේ අවිද්‍යා සහගත විඤ්ඤාණයයි. පෘතග්ජන පුද්ගලයකු දුක් විඳින්නේ, තම අතීතය ආවර්ජනය කරමින්, අතීත සිදුවීම් නැවත නැවතත් සිහිපත් කරමින්, සිතින් සිහින මවමින්, දහසක් බලාපොරොත්තු (විඤ්ඤාණ) උපදවා ගෙන ඒවා ප‍්‍රියයි, මනාපයි, සුවයි කියා සිතා ඒවා ලබාගැනීමට අල්ලා ගන්නට කරන උත්සාහයන් නිසාමය. එය අතීත විඤ්ඤාණයයි. අතීතය යනු වැළලී ගිය නැවත කිසි දිනක ආපසු මතුකර ගත නොහැකි දෙයක් බව කිසි කෙනෙකු කල්පනා නොකරයි. එහි යථාර්ථය දැකිය නොහැක්කේ, චන්දරාගය මුසු වූ මෝහය නිසාය.

අනාගත  විඤ්ඤාණය  යනු,  ඉදිරිය  ගැන,  හෙට  ගැන  විවිධ  බලාපොරොත්තු (විඤ්ඤාණ) බිහිකර ගෙන, ඒ බලාපොරොත්තු ඉටුකර ගැනීම සඳහා කරන විවිධ සංඛාර, ක‍්‍රියා, වදන්, සිතුවිලිය. අවිද්‍යා සහගත වූ මේ නූපන් බලාපොරොත්තු (විඤ්ඤාණ) ඉටුකර ගැනීමට සියලු සත්ත්වයයෝ අනන්ත දුක් විඳිති. මේ අනුව බලන කළ අතීතය ආවර්ජනය කරමින්, අනාගත විඤ්ඤාණ අරමුණු ඉටුකර ගැනීම සඳහාම සියලු සත්ත්වයෝ දුක් විඳිති. වර්තමාන විඤ්ඤාණ නිසා දුක් විඳින කෙනෙකු නැත. මේ බලාපොරොත්තු මනසින් බිහිකර ගෙන හදාවඩාගත් (”සං” කරගත්) එකතු කරගත් දේ මිසක (මායාවල් මිසක) සත්‍යයක් නොවේ. අතීත, අනාගත සියලු විඤ්ඤාණයන්ට හේතුව චන්දරාගයයි. උපන්දා පටන් හෝ පසුගිය ආත්මයක පටන් හෝ එන මතක සටහන්, නැවත නැවතත්  ආවර්ජනය  කරමින්,  ඒවා  පිළිබඳ  ඇති  කරගත්  කැමැත්තෙන්  බිහිකරගත් බලාපොරොත්තුවල මුල චන්දරාගයයි.

පෙර ජාතියේදී අවිද්‍යාවෙන් ගොඩනගා ගත් බලාපොරොත්තුවක් (විඤ්ඤාණයක්) නිසාම මේ ජාතියේදීත් ඇස, කන, නාසය, දිව, කය, මනස උපදවා ගෙන ප‍්‍රියයි,මනාපයි, සුවයි, යහපත් කියා ඒවා අයිතිකරගෙන, ඒවා මගින් ලෝකාස්වාදයක් විඳියි. අවිද්‍යා සහගත බලාපොරොත්තු (විඤ්ඤාණයෝ) නිසාම මෙසේ ප‍්‍රියයි, මනාපයි, සුවයි සිතූ දේවල්ම යළි යළිත් විඳීමේ බලාපොරොත්තුවෙන්ම ඒවායේ ඇලෙයි, බැඳෙයි. කොහොල්ලෑවක් මැලියමක් වැනි වූ මේ චන්දරාගයෙන් ඇළීම, බැඳීම ඇති කරගෙන මුළාවී කටයුතු කරයි.

අවිද්‍යා සහගත විඤ්ඤාණයෝ අනුත්පාද කිරීම, නිරෝධ කිරීම නිවන් මඟයි. අතීත, අනාගත විඤ්ඤාණ (බලාපොරොත්තු) නිරෝධ කිරීම මගින් නිවන් මඟ හෙළි කරගත හැකිය. ඉන්ද්‍රියයන් හය මගින් මනසට ලැබෙන සංඥා උපකාර කරගෙන, මනසෙහි බිහිවන බලපොරොත්තු දිගේම මනස මෙහෙයවා වල්මත් වෙනවා වෙනුවට, මනස සංවර (සං-වැරීම මගින්) කරගෙන, සං උදය (සමුදය) සං-උපදින තැන දැක, සං දිට්ඨික වී, ”සං” නිරෝධ කිරීම මගින් නිවනට මඟ පූර්ණ කරගත හැකිය.

අවිද්‍යා සහගත බලාපොරොත්තු උපදින උල්පත් වූ ඉන්ද්‍රියයන් හය(6) පාලනය කර, චන්දරාගය නමැති කොහොල්ලෑවක් මැලියමක් වැනි ඇලෙන ගතිය අක‍්‍රීය බවට පත් කර, නිරෝධ කිරීම මගින්, අවිද්‍යා සහගත විඤ්ඤාණ උපදින උල්පත් වසා දැමීම කළ හැකිය. මෙය ඉන්ද්‍රිය සංවර කිරීමයි. සතර සතිපට්ඨානය වැඞීමයි. ත‍්‍රිවිධ සුචරිත පූර්ණ කිරීමයි. සප්තබොජ්ජංග වැඞීමයි. අරිය අෂ්ටාංගික මාර්ගය වැඞීමයි. නිවන් මඟයි. අරිය පර්යේෂණයයි.

Share Button

සිත, විඤ්ඤානය, මනස හා චිත්තය

බුද්ධ ධර්මය යනු, මිනිස් ඉතිහාසයේ එදා මෙදා තුර සත්ත්වයෙකුගේ සිත පිළිබඳව සර්ව සම්පූර්ණ විග‍්‍රහයක් ඉදිරිපත් කළ එකම විද්‍යාවයි. මිනිසෙකුට තේරුම් ගන්නට හැකි තරමට සරළ බසිනුත්, මනසින් කල්පනා කර වටහා ගන්නට හැකි සේ විස්තර සහිතවත්, විග‍්‍රහ කළ බුද්ධ දේශණාවට වැඩි මනත් යමක් සිත පිළිබඳව පැවසිය හැකි බුදුවරයෙකු හැර, වෙනත් කිසිම විද්‍යාඥයෙකු, මිනිසුන්, දෙවියන් සහිත ලෝකයා අතරින් කවදාවත් මතු බිහිවිය හැකි වන්නේ ද නොවේ.

සිත, යන වචනය සිංහල භාෂාවේ සම්මත ලෝක ව්‍යවහාරයේ පවතින වචනයක් මිස, බුද්ධ භාෂිතයේ භාවිත කළ පදයක් නොවේ. බුද්ධ භාෂිතයෙහි සිත විග‍්‍රහ කරන්නට යොදාගත් පද අතරින් විඤ්ඤාණය, මනස, චිත්ත යන මූලික පද තුනක් සමඟ පද නවයක්ම විභංගප‍්‍රකරණයේ පෙන්වා දී ඇත. බුද්ධ භාෂිතයෙහි පෙන්වා දුන් සිතෙහි අවස්ථා සියල්ලම විග‍්‍රහ කරන්නට, සිංහල භාෂා ව්‍යවහාරයේ දී සිත යන එකම වචනය පමණක්ම භාවිත කිරීම නිසා, කෙනෙකුට සිත පිළිබඳව යථාර්ථය තේරුම් ගැනීම ද තරමක් අපහසු තත්ත්වයට පත් වී ඇත. බුද්ධ ධර්මය නිවැරදි ලෙසත්, නිරවුල් ලෙසත් තේරුම් ගන්නට අවංකවම උත්සහා ගන්නා සියලුම දෙනා බුද්ධ භාෂිතයෙහි සිත විග‍්‍රහ කරන්නට භාවිත කළ මූලික පද කිහිපයකවත් නිවැරදි අර්ථය තේරුම් ගත යුතුය.

බුද්ධ ධර්මය සොයා දැන බුදුපියාණන් දේශණා කර ඉදිරිපත් කළේ, සිත පිළිබඳව ප‍්‍රත්‍යක්‍ෂ අවබෝධයක් ලබා, සිත ක‍්‍රියාත්මක වන විවිධ ස්වරූපයන් ද හොඳින් තේරුම් ගෙන,  නිරන්තරයෙන්ම  විඤ්ඤාණ  තත්ත්වයෙන්  කිළිටි  වී  පවතින  සිත  පාරිශුද්ධ තත්ත්වයට පත්කරගෙන, විඤ්ඤාණ තත්ත්වයෙන් මිදී නිදහස්ව ප‍්‍රඥාව උපදවා පහදා ගැනීමට මිනිසුන්ට මඟ පෙන්වීම සඳහායි. මෙයම සිත නිවීමයි, නිවනයි. ස්වභාවිකවම කිළිටි  තත්ත්වයෙන්  පවතින  විඤ්ඤාණය,  කිළිටි  තත්ත්වයෙන්  මුදවාගෙන  පාරිශුද්ධ තත්ත්වයට පත්කර ගත්විට, සිත යැයි ලෝක සම්මතයෙහි භාවිත කරන මේ විඤ්ඤාණයට තව දුරටත් එම තත්ත්වයෙන් ජීවත් විය නොහැකිය. ජීවත්වීම යනු ජරාවට පත්වන, දිරායන, විපරිණාමයට පත්වන ස්වභාවයයි. ගමන් කරන රිය ස්වභාවයයි. එය සංසාර ගමනයි. එය විඤ්ඤාණයේ ස්වභාවයයි.

විඤ්ඤාණය  යනු  සිතෙහි  එක්තරා  ශක්තියකි.  තත්ත්වයකි.  අවස්ථාවකි.  බුද්ධ ධර්මය හදාරන, නිවන් මඟ සොයන හැම මිනිසෙකුම විඤ්ඤාණ තත්ත්වයෙන් පවතින තම සිත ගැනම යථාවබෝධයක් ලබාගත යුතුය. විඤ්ඤාණය (වි+ඥාණය) යන පදයෙහි තේරුම,  විවිධ  වූ,  විෂම  වූ,  විකෘති  වූ  දැනුම්  ලබාදෙන  සිත  යන්නයි.  සංඥා  මඟින් ඉන්ද්‍රියයන් හරහා මනසට දැනෙන දැනුම වෙන්කර හඳුනා ගන්නට උපකාර වන සිත විඤ්ඤාණයයි.  ඒවාගේම  මොහොතක්  මොහොතක්,  චිත්තක්‍ෂණයක්  චිත්තක්‍ෂණයක් පාසා විවිධ තත්ත්වයන්ට, විෂම තත්ත්වයන්ට, විකෘති තත්ත්වයන්ට පත්වෙන්නට හැකි සිත විඤ්ඤාණයයි. විඤ්ඤාණයේ නියත ගති ලක්‍ෂණය, වෙනස්වන සුළු ගති ලක්‍ෂණයයි. දොම්නසට, සොම්නසට, උදහසට, උද්දාමයට, උද්වේගයට, ශෝකයට, භයට පත්වන සිත විඤ්ඤාණයයි.

විඤ්ඤාණ තත්ත්වයෙන් යුතු සිතක නියත ගති ලක්‍ෂණය, ගති ස්වභාවය එකතු කිරීමයි. නාම – රූප (ගත-හිත) දෙක එකතුකර පුද්ගලයෙකු, සත්ත්වයෙකු නිර්මාණය කළේ ද විඤ්ඤාණයයි. ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ යන ධාතු කොටස් එකතුකර, ගත-හිත යනුවෙන් අපි හඳුන්වන මේ ”වත”, කූඩුව සකස් කර ගත්තේ ද විඤ්ඤාණයමයි. රූප, වේදනා, සංඥා, සංඛාර යන කොටස් පංචස්කන්ධයට එකතු කර සකස් කර ගත්තේ ද විඤ්ඤාණයමයි.

උපන් හැම සත්ත්වයකුටම නියත වශයෙන්ම විඤ්ඤාණයක් තිබේ. විඤ්ඤාණයක් නොමැතිව සත්ත්වයකුට උපතක් ලැබිය නොහැකිය. පංචස්කන්ධය ලෙස පෙන්වන උපාදානය  කරගත්  කොටස්  පහෙන්  විඤ්ඤාණය  ලෙස  හඳුන්වන  කොටස  සිතෙහි එක්තරා අවස්ථාවකි. එය චිත්ත අවස්ථාව නොවේ. මේ තත්ත්වය පැහැදිළි කරගැනීමට, නිරාකරණය කරගැනීමට නොහැකි වීම නිසා අද බොහෝ දෙනා චිත්තය, විඤ්ඤාණය ලෙසම වැරැදි ලෙස විග‍්‍රහ කරති.

විභංගප‍්‍රකරණයේ  සිත  පිළිබඳව  කර  ඇති  විග‍්‍රහයේ  දී  චිත්ත  යනු  පිරිසිදුම අවස්ථාවයි. ඊට පසු මනෝ, මනසං(මනස) ලෙසත් හදයං, පංඩරං, මනායතං, මනීන්ද්‍රියං ලෙස ඊළඟ අවස්ථාත්, අවසාන ලෙස විඤ්ඤාණයත්, විඤ්ඤාස්කන්ධයත් පෙන්වා දී ඇත.

චිත්තය පිරිසිදුම අවස්ථාව නම් විඤ්ඤාණය යනු, එයම අපිරිසිදුව කහට ගැන්වුණු කිළිටි වූ අවස්ථාවක් ලෙසින් විග‍්‍රහ කර ඇත. මෙය උදාහරණයක් මඟින් පැහැදිළි කරගත යුතුය. චිත්ත අවස්ථාව ඉතා පිරිසිදු පැහැපත් ජලය මෙනි. මේ ජලයට කහට, සීනි, කිරි වැනි විවිධ දේ මිශ‍්‍රවී අපැහැදිළි, කිළිටි කහට තත්ත්වයට පත්වූවොත්, ඒ ජලයෙහි පිරිසිදු බව නැතිව යයි. විඤ්ඤාණයද මෙවැනි කිළිටි තත්ත්වයක් සේ පෙන්වා දිය හැක. පිරිසිදු සිත (චිත්ත) රාග, ද්වේෂ, මෝහ එකතු කර ගැනීම නිසා කිළිිටි වී, කහට ගැන්වීම නිසා බිහිවන තත්ත්වයට විඤ්ඤාණය යයි කියමු. මේ තේ කහට වලද ඇත්තේ අර කලින් පිරිසිදුව තිබූ ජලයමය. දැන් ජලය පිරිසිදු නැත. පැහැපත් නැත.  විඤ්ඤාණයත් එවැනිමය. පිරිසිදු චිත්තය දැන් නැත. චිත්තය කිළිටි වූ පසු එය විඤ්ඤාණය ලෙස නම් කරයි.

මේ මුළු විශ්වයෙහිම විද්‍යාමාන වන සියලු දේ දකින්නට, අසන්නට, ස්පර්ශ කරන්නට, රස විඳින්නට ලැබෙන සියලු දේ (සබ්බේ ධම්මා), සිතින් නිපදවා ගත් මනස්කාර පමණකැයි අසන්නට ලැබුණහොත් ඔබ එය විශ්වාස නොකරනු ඇත. නමුත් සත්‍යය එයයි. මේ ගැන තව දුරටත් ගැඹුරෙන් විග‍්‍රහ කර ගත යුතුය. මේ විශ්වයේ (සක්වල) උපන්, ජීවත් වන සත්ත්වයා තම විඤ්ඤාණ ශක්තියෙන්ම බිහි කර ගත්, උපදවා ගත් සංඛත (සකස්කර ගත් දේ) මිස වෙනත් කිසිවක් මේ මිහිපිට නැත. සත්‍යය තත්ත්වය එයයි. මේ සත්‍යය වටහා ගත හැක්කේ හේතුඵල ධර්මය නිවැරැදිව දැකීමෙනි.

හේතුවක් නැතිව කිසි ලෙසකින්, කිසි තැනක, කිසි දිනක කිසිම දෙයක් බිහි විය නොහැකිය. හේතු නිසා බිහි වූ දෙය, ඒ හේතුව නිපද වූ ශක්තිය අවසන් වනවාත් සමඟම, ශක්තිය ගෙවීයත්ම විනාශයට පත්වෙයි. මේ හේතු බිහි කරන එකම උල්පත, එකම ශක්ති ප‍්‍රභවය, ජීවත් වන සත්ත්වයාගේ විඤ්ඤාණ ශක්තියයි. උපන් හැම සත්ත්වයෙකුම තම සිතින්, විඤ්ඤාණයෙන්, යම් ශක්ති විශේෂයක් උපදවයි. විශ්වයේ චිත්ත ශක්තියෙන් පරිබාහිර වෙනත් කිසිදු ශක්ති ප‍්‍රභවයක් පෙන්විය හැකි කිසිම ජගතකු මිහිපිට නැත. එසේ පෙන්වීමට නොහැකි වීම නිසාම, සියල්ලෙහි මැවුම්කරු දෙවියෝය, මහා බ‍්‍රහ්මයාය වැනි ප‍්‍රකාශ කරති. ඒ දෙවියන් මෙන්ම බ‍්‍රහ්මයන්ද මේ සත්ත්ව කොටසටම අයිතිය. අපේම කෙනෙකි. පෙර දෙවියකු, බ‍්‍රහ්මයෙකු නොවූ කිසි කෙනකු අප අතර නැත. ඒ නිසා අපට ඇති  චිත්ත  ශක්තියට  වෙනස්  ආකාරයක  ශක්ති  විශේෂයක්  කිසි  දෙවියෙකුට  හෝ බ‍්‍රහ්මයෙකුට පහළවිය නොහැකිය.

මේ දැන් පවතින ලෝකයද, පෙර පැවති ලෝකයද, මතු බිහිවන සියලු ලෝකද විද්‍යාමාන වීමට එකම හේතුව, මෙහි ජීවත් වන සත්ත්වයා තම විඤ්ඤාණ ශක්තියෙන් බිහිකරගත් දේම මිස වෙනත් බලයක් නොවේ.

සත්ත්වයා පුද්ගලිකවත්, සාමුහිකව පොදුවේත් බිහිකළ හේතු, චිත්ත ශක්තීන් ලෙස බලගැන්වී ක‍්‍රියාත්මක වීමක් මිස, මේ පැවැත්ම යනුවෙන් ගෙන හැර දක්වන ලෝකයෙහි තේරුම් ගත නොහැකි වෙන දෙයක් නැත. ඒ ඒ හේතු බිහිකළ අය වෙතම ඵල විපාකද ආපසු ලැබේ.

මේ සක්වල තුළ ජීවත්වන සියලු සත්ත්වයෝ තම සිත් වලින්ම ජනිත කරගත් ශක්තීන් ”සංසාරයි” කියා පවත්වාගෙන යති. සිතුවිලි වල ශක්තියෙන්ම තම විඤ්ඤාණය තම කය නිපදවා ගනී. විඤ්ඤාණය තමන්ගේ පැවැත්මට කූඩුවක් සාදාගනී. ඒ නිසාම මෙය ශරීර කූඩුව යයිද හඳුන්වයි. කූඩුවක් නැති විටක විඤ්ඤාණයට පැවතිය නොහැක. සිතක් නැති විටක කය පැවැත්මක්, ජීවයක් ඇති දෙයක් නොවන්නේ ද ඒ නිසාමය. සිත පමණක් ඇති බඹලොව හා කය පමණක් ඇති බ‍්‍රහ්ම ලෝක ගැන පොත්වල සඳහන් වුවත් එය සම්මත විග‍්‍රහයක් පමණි. විඤ්ඤාණය අසංඥ වූ හෝ විසංඥ වූ තත්ත්වයක් යටතේ උපදින්නේ මෙවැනි ලෝකවලය. විඤ්ඤාණයේ ක‍්‍රියාකාරීත්වය තාවකාලිකව අක‍්‍රිය වූ පසු මෙවැනි ලෝකවල උපදී. මෙය නිවන් දැකීම නොවේ.

අපට  පෙනුනත්  නැතත්  සියලුම  සත්ත්වයෝ  තම  විඤ්ඤාණයේ  පැවැත්මට උපකාර වන ලෙස ශරීර කූඩුවක් සකස්කර ගෙන ඇත. එය ඒ ඒ සත්ත්වයින් තම චිත්ත ශක්තියෙන්ම සකස් කර ගත් දෙයකි. මෙහි කිය යුතු වැදගත්ම දේ නම් මේ සියල්ල යම් රටාවකට අනුවම සිදුවන බවයි. බුදුපියාණන් පෙන්වා දුන් ඒ නියාමය, රටාව, ධර්ම නියාමය, කර්ම නියාමය, චිත්ත නියාමය, බීජ නියාමය, ඍතු නියාමය ලෙස හඳුන්වයි. මේවා සත්‍ය ධර්මතාවයෝය. මෙම නියාමයන්ට පිටින් කිසිවක් සිදු වෙතැයි, සිදුකළ හැකියැයි යමෙකු පැවසුවොත් ඒ ධර්මය නොදැනීමය. හේතුඵල ධර්මය පිළිබඳව සත්‍යය නොදැනීම යනු මේවා නොදැනීමයි.

තම තමාගේ පැවැත්ම අවශ්‍ය නිසාම ඒ (ස්ව බව) තම තත්ත්වය දැරීමට යෝග්‍ය පරිදි පොදුවේ බිහිකරගත් දේ, ස්වභාව ධර්මයයි අපි හඳුන්වමු. මේ ස්වභාව ධර්මය යැයි අපි හඳුන්වන දේ, ඒ ඒ සත්ත්වයින් පෞද්ගලිකවත්, පොදුවේත් තම පැවැත්ම සඳහාම ඊට උපකාර කර ගැනීමට සකස්කර ගත්, බිහිකරගත් දේ මිස දෙවියකු හෝ විශ්වකර්මයෙකු හෝ මැවූ දේ නොවේ. මේ ස්වභාව සම්පත් බිහිකළ චිත්ත ශක්තිය, පොදු චිත්ත ශක්තියයි. ඒ  නිසා  ස්වභාව  ධර්මය  ලෙසද  හඳුන්වන්නේ,  සත්ත්වයා  තම  චිත්ත  ශක්තියෙන්ම නිර්මාණය කරගත්, තම තමන්ටම උපකාර වන දේමය.

බුදු දහම හේතුඵල ධර්මය විග‍්‍රහ කිරීමකි. හේතුවක් නැති තැන ඵලයක් නැත. හේතුවක් ඇති තැන ඵලයක් විපාකයක් අනිවාර්යය. හටගත් හැම සංඛාරයකම හටගැනීමට පාදක වූ නිදාන වූ හේතුවක් ඇත. මේ හේතු ලෙස බුදු දහමේ පෙන්වූයේ වෙන දෙයක් නොවේ. විඤ්ඤාණ ශක්තියක්ම පමණි. ක‍්‍රියාවක් හෝ වචනයක් ලෙස පිටකරන සියලු හේතුද සිතෙන්ම උපදවාගත් ඒවාය. සිත නැතිව මේ කයට කිසිවක් කළ නොහැකිය. සිතෙන්, ක‍්‍රියාවෙන්, වචනයෙන් යම් සත්ත්වයෙක් නිපදවන සංඛාර, ශක්තීන් ලෙස, හේතු ලෙස විශ්වයට නිකුත් කරයි. එහි යම් ශක්තියක් ගැබ් කළ නිසා, ඒ ශක්තිය ගෙවී අවසාන වනතුරු විපාකයක් ලෙස ඵලය ලැබෙයි. කර්ම නියාමයට අනුව හේතුව බිහිකළ පුද්ගලයාටම ඵලය ලැබෙයි. විපාක ලැබෙයි.

ඒ බිහිකරන ශක්තියට අනුරූප වූ, ඊටම උරුම වූ විපාකයත් ඵලයත් ලැබෙන නිසා ”බීජ නියාමය” ලෙසින් එය හඳුන්වයි. හේතුව බිහිකළ ශක්තිය පවතින තුරු විපාකදී, බිහිකළ ශක්තිය අවසාන වනවාත් සමඟම බිහිකළ දේ, උපන් දේ, වැනසී විනාශ වී මැරී යයි.  එය  ”ධර්ම  නියාමයයි”.  පටිට්චසමුප්පාද  ධර්මයෙන්  පැහැදිළි  කරන්නේ  ද  මේ ධර්මතාවයමයි.

දෙවියන්, මිනිසුන්, බ‍්‍රහ්මයින්, අමනුස්සයින්, ආදී විවිධ ස්වරූප වලින් පෙනී සිටින සත්ත්වයාට, නිවන් දකින තුරු තමන් කැමති වුවත් නැතත් කුමන ආකාරයේ උත්සාහයකින් හෝ විනාශයකින් හෝ මේ සංසාර පැවැත්මෙන් ඉවත් වී ගිය නොහැකිය. ලෝක විනාශ දහසක් සිදු වුවත්, එහිදී සිදු වන්නේ විඤ්ඤාණය සාදාගත් කූඩුව (ගත) විනාශ වී යනවා මිස, චිත්ත ශක්තිය විනාශ වීම නොවේ. ලෝක විනාශයක දී සිදු වන්නේ, චිත්ත ශක්තියෙන් වායු කසිනයට සමවැදී, ආභස්සර බ‍්‍රහ්ම ලෝක තලයන් හි ඉපැදී පසුව මෙළොවට යළි පාත් වීමයි.

විඤ්ඤාණය ශක්තීන් අලුතින් උපදවනතාක් කල් සිත පවතින නිසා, උපදවන උපදවන හේතුවට, ශක්තියට, ඵලයක්, විපාකයක් ඒ ඒ සත්ත්වයාට උරුමය. කැමති වුවත් නැතත් තම උරුමය තමන්ටම ලැබෙයි. තමන් නිපද වූ හේතුවට උරුම වූ ඵලය, විපාකය තමාම විඳිය යුතුය.

හැම සත්ත්වයෙකුම, භූතයෙකුම, ප‍්‍රාණියෙකුම උපන්දා සිට මරණ මොහොත දක්වා ම, මුළු වෙර වීරිය යොදා කටයුතු කරන්නේ යමක් එකතු කර ගැනීමේ එකම පරමාර්ථයෙනි. මෙලෙස එකතු කිරීමක් නොකරන සිතක විඤ්ඤාණ තත්ත්වයේ පැවැත්මක්ද නැත. විඤ්ඤාණයේ පැවැත්ම දිගටම පවත්වාගෙන යාම සහතික කර ගැනීම සඳහාම විඤ්ඤාණය එකතු කිරීම කරයි. මේ ප‍්‍රකාශය තුළ ඉතාම ගැඹුරු, ඉවසීමෙන් තෝරා බේරා වටහා ගත යුතු, හැදෑරිය යුතු, අවබෝධ කරගත යුතු සත්‍ය ධර්මයක් ගැබ් වී ඇත. නිවන් අවබෝධ කර ගැනීමට උපකාරීවන බුද්ධ ධර්මය තේරුම් ගත හැකි වන්නේ, විඤ්ඤාණයෙන්  කරන  නිරන්තර  එකතු  කිරීමේ  ක‍්‍රියාවලිය  ගැන  පූර්ණ  හැදෑරීමක් කිරීමෙන් ය.

මිනිසකුගේ, සත්ත්වයෙකුගේ සිතක බලාපොරොත්තු උපදින්නේම සිත විඤ්ඤාණ තත්ත්වයේ  පවතින  නිසාමය.  විඤ්ඤාණ  තත්ත්වයෙන්  නොපවතින  සිතක  කිසිම ආකාරයක බලාපොරොත්තුවක් කිසිසේත්ම බිහිවීමට අවකාශ නැත. බලාපොරොත්තුවක් යනු ඌන තත්ත්වයක්, හිඟ තත්ත්වයක්, අඩුපාඩුවක් ඇති නිසාම, ඒ අඩුව පුරවා ගන්නට, එකතු කර ගන්නට ඇතිවන බලාපොරොත්තුවකි. මතු යළි උපදින බලාපොරොත්තුවක් හට ගන්නේ, මියයන විට විඤ්ඤාණ තත්ත්වයෙහි පවතින සිතකය. එසේ නම්, උපතක් ලැබූ හැම සත්ත්වයෙකුම, ප‍්‍රාණියෙකුම, භූතයෙකුම, දෙවියෙකුම උපතක් ලබන්නේ, සිත විඤ්ඤාණ තත්ත්වයෙන් ක‍්‍රියාත්මකව වන නිසාමය. බුදුපියාණන්වහන්සේලා මෙන්ම නිවන් අවබෝධ කරගත් සියලුම අරහතුන් වහන්සේලා ද මිනිසුන් ලෙස උපත ලැබූයේ, සිත, විඤ්ඤාණ තත්ත්වයෙන්ම ක‍්‍රියාත්මකව පැවති නිසාය. විඤ්ඤාණ තත්ත්වයෙන් ක‍්‍රියාත්මකව නොපවතින සිතකින් කිසිම ආකාරයක එකතු කිරීමක් කරන්නට ද නොහැකි නිසා, බලාපොරොත්තු හට ගන්නේ ද නැත. නාම – රූප එකතුකර කූඩු හදන්නට හැකි ශක්තියද නැත. ශුද්ධාෂ්ටක එකතුකර වතක් සකස්කර ගන්නට ද නොහැකිය.

විඤ්ඤාණය සහිතවම උපත ලත් බෝධිසත්ත්වයන් වහන්සේලා මෙන්ම සියලුම අරහත් තත්ත්වයට පත් උත්තමයින් ද තම සංසාර ක‍්‍රියාකලාපයන් වෙනස්කර ගෙන ඒ අනුවම සිත ශුද්ධ පවිත‍්‍ර කරගෙන, කෙළෙස් එකතු කිරීමෙන් පූර්ණ ලෙස මිදී නිදහස් වී, බලාපොරොත්තු අතහැර, ඉන් මිදී, විඤ්ඤාණ තත්ත්වයෙන් පාරිශුද්ධ චිත්ත තත්ත්වයට පත්වීම නිසාම නිවන පූර්ණ කර ගත් සේක.

විඤ්ඤාණ තත්ත්වයෙන් ක‍්‍රියාත්මක වන සිතක හැම මොහොතකම වාගේ යම් බලාපොරොත්තුවක් බිහිවෙයි. බලාපොරොත්තු මතම රැඳුණු බලාපොරොත්තු නිසාම ජීවත්වන  විඤ්ඤාණය, මරණ මොහොතේත් තව  දුරටත්  ජීවත් වීමට  දැඩි බලාපොරොත්තුවක් ඇතිවම මිය යයි. ඒ බලාපොරොත්තුව අනුව, විඤ්ඤාණය විසින්ම, අලුත් ලෝකයක් ද බිහිකර ගෙන, ඊට අවශ්‍ය සියලු දේ එකතු කරගන්නට සියලු උත්සාහ, වීර්යයන් ගනී. මේ අනුව බලාපොරොත්තුවලින් තොර විඤ්ඤාණයක් හෝ විඤ්ඤාණයෙන් තොර බලාපොරොත්තුවක් හෝ කිසිවිටෙක සිතක ඇතිවිය නොහැකිය.

බලාපොරොත්තුව  යන  වචනයේම  තේරුම,  යම්  දෙයක්,  යම්  තැනක්,  යම් කෙනෙක්,  යම්  සංකල්පයක්,  යම්  ධර්මතාවයක්  එකතුකර  ගැනීමට,  අල්ලා  ගැනීමට, උපාදානය කර ගැනීමට ඇති අවශ්‍යතාවයි. එයම තැනක හා වීම, තණ්හා වීම යනුවෙන්ද හඳුන්වයි.

මම කියා සංකල්පයක්, සත්ත්ව පුද්ගල ඒකකයක්, විඤ්ඤාණයෙන්ම බිහිකර ගත් පසුව, මම ජීවත් කරවීමට, මාගේ ලෝකය පවත්වා ගැනීමට, සියලු බලාපොරොත්තු ඇති කර ගනී. මම කියා ඇති කරගත් ”මම” සංකල්පය විඤ්ඤාණයෙන්ම ඇති කරගත් මායාවකි. දෘෂ්ඨියකි. ඒ නිසාම පුද්ගලයෙකු, ඒකකයක් යන සංකල්පය ද බිහි වී, මට ජීවත් වන්නට, මගේ අයට ජීවත් වන්නට මෙන්ම මගේ නොවන අය, දේ, තැන්වලට, සීමා වැට කඩොළු පනවා වෙන්කර දක්වන්නට ද පටන් ගනී. මගේ යන සංකල්පය නිසාම අපේ යන සංකල්පය ද ඇතිවෙයි. අපේ දේ, අපේ ගෙදර, අපේ රට යැයි සිතන්නට ද පුරුදු වෙයි. අපේ නොවන දේවල් ද බිහිවෙයි. අපේ රට නොවේ, අපේ මිනිස්සු නොවේ, යන විඤ්ඤාණයෙන් ඇතිකර ගත් සිතිවිලි ද මුල් බැස ගනී.

මම යන සංකල්පය බිහිවෙන්නට එකම හේතුව සිත, විඤ්ඤාණ තත්ත්වයෙන් ක‍්‍රියාත්මකව පැවතීමයි. මම මධ්‍ය කොට ගෙන, විඤ්ඤාණය ලෝකය මනින්නට පටන් ගනී. මෙසේ මැන මැන කරන්නේ, මගේ ගොඩ ලොකු කරගන්නට එකතු කිරීමයි. මම යන සංකල්පය නිසා මානයත්, මඤ්ඤතාවයත්, අස්මිමානයත්, මමත්වයත් ඒ සමඟම මගේ ලෝකයක් ද බිහිවෙයි. මම කියා සංකල්පයක් බිහිනොවූයේ නම් මගේ ලෝකයක් ද නැත. විඤ්ඤාණ තත්ත්වයක් සිතෙහි ක‍්‍රියාත්මක වන තුරාවට මගේ ලෝකයක් ද, මමද, මට කියා විවිධ දේ එකතු කරන්නට ද, මගේ නොවේ කියා සීමා පනවන්නට ද, උස් පහත්, ලොකු පොඩිකම් ආදී සියලු භේදයන්ද සිතෙහිම ඇතිවෙයි.

විඤ්ඤාණය ක‍්‍රියාත්මක වන සිතක නියත ගති ලක්‍ෂණයන් පෙන්වීමට බුදුපියාණන්  දේශණාකර  වදාළ  ධර්ම  පාඨය  වන්නේ  ”ඌනෝ  ලෝකෝ  අතිත්තෝ තණ්හා දාසයෝ” යන්නයි. කොපමණ එකතුකර ගත්තත් තමන්ගේ ලෝකයේ ඌනතාවයක්, අඩුවක් ඇති බවත්, තෘප්තිමත් වන ස්වභාවයක් නැතිකමත් නිසාම තැනක හා වීමත්, හැම පෘථග්ජන පුද්ගලයෙකුගේම නියත ගති ලක්‍ෂණයයි. රජකම ලැබුණත් සක්විති රජකම බලාපොරොත්තු වේ. සක්විති රජකමෙනුත් සෑහීමකට පත්නොවී සදෙව් ලොවටම අධිපති ශක‍්‍ර දේවේන්‍ද්‍රයාගේ තනතුර ගන්නට ද එක්තරා රජෙකු උත්සාහ ගත් කතාවක් ත‍්‍රිපිටකයේ සටහන් වී ඇත. මේවා විඤ්ඤාණයේ මූලික ගති ලක්‍ෂණයන්ය. ඒ නිසා තණ්හාව, ආශාව, උපාදානය ආදී ගතිගුණ නැතිකර ගන්නට නම්, විඤ්ඤාණ තත්ත්වයේ පවතින සිත පාරිශුද්ධ තත්ත්වයට පත්කර ගත යුතු බව හැම කෙනෙකුම තේරුම් ගත යුතු සත්‍යයකි.

Share Button

ඡ ඡක්ක සූත්‍රයේ අර්ථය සරළ සිංහල භාෂාවෙන් විග්‍රහ කිරීම

ගෝතම බුදුපියාණන්වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන එක් සමයක එහි රැස්ව සිටි භික්ඛූන් පිරිස අමතා මෙම ”ඡ ඡක්ක” සූත‍්‍ර ධර්ම දේශණාව දේශණා කර වදාළ සේක. මෙහි ”භික්ඛු” යන පදයෙන් එදා අර්ථ ගැන්වූයේ උපාසක, උපාසිකා, මහණ, මෙහෙණි යන සිව්වනක් පිරිසටමය.

මෙම ඡ ඡක්ක සූත‍්‍ර දේශණාව මගින් ඉතාමත්ම පැහැදිළිව හා සරළ ලෙසින්ම පෙන්වා වදාළේ මිනිසෙකු ලෙස උපත ලැබූ හැම කෙනෙකුටම පහසුවෙන්ම අනුගමනය කර, අත්දැකගෙන, සාක්ෂාත් කරගත හැකි විමුක්ති මාර්ගයයි. ආදී කළ්‍යාණ වූ, මජ්ෙඣ කළ්‍යාණ වූ පරියෝසාන කළ්‍යාණ වූ මෙම සූත‍්‍ර ධර්මයෙන් විග‍්‍රහකර පෙන්වා වදාළේ බඹයක් පමණ වූ මෙම ශරීර කූඩුව කිළිටිවන්නට මෙන්ම මානසික දුකට, කායික දුකට හා සංසාරික  දුකට  පත්වන්නටද  මුල්  වූ  හේතූන්  විග‍්‍රහකර  පෙන්වා  දී  එ  සියලූ  දුක් නැතිකරගෙන ප‍්‍රඥා විමුක්තිය ළගාකර ගන්නට අනුගමනය කළ යුතු සරළ පිරිසිදු නිවැරදි මඟ පෙන්වා දීමයි. කළ්‍යාණ මිත‍්‍රයා යනුවෙන් මෙහිදී අදහස් කළේ ”කෙළෙස් නසන්නට මඟ කියා දෙමින් උපකාරවන්නා” යන පිරිසිදු අර්ථයෙනි.

බඹයක් පමණ වූ මෙම ශරීර කූඩුව තුළට කෙළෙස් ගති ගලා එන්නටත්, කෙළෙස් යළිි යළිත් සිතේ උත්පාදනය කර ගන්නටත්, ඒ නිසාම දුක නිර්මාණය කර දෙන්නටත් උපකාර වන ක‍්‍රියාකාරකම් (චක‍්‍ර) තිස්හයක් (6×6) පිළිබඳවම මේ සූත‍්‍රයේ පළමු කොටම පෙන්වා දී ඇත. ඇස, කන, නාසය, දිව, කය හා මනස යන සදොර මුල්කරගෙනම මේ තිස්හය ආකාර වූ චක‍්‍රයන්ම ක‍්‍රියාත්මක වෙයි. මෙහි සඳහන් කරන ලද ඇස, කන ආදී දොරවල් හයම වරෙක ඉන්ද්‍රියයන් ලෙසත්, තවත් වරෙක ආයතනයන් ලෙසත්, තවත් වරෙක චක‍්‍රයන් ලෙසත් (කායයන්) ක‍්‍රියාත්මක වෙයි.

චක්ඛුකාය,  සෝතකාය,  ඝානකාය,  ජිව්හාකාය,  කායකාය  හා  මනෝකාය  යන ආධ්‍යාත්මික චක‍්‍රයන් හයක් ලෙසින්ද ක‍්‍රියාත්මක වන අයුරු පෙන්වා දීම මෙම සූත‍්‍රයෙන් පෙන්වා වදාළ චක‍්‍රයන් තිස්හය අතර පළමුවන චක‍්‍රයයි. මේවා ආධ්‍යාත්මික ආයතන ලෙසින්ද ක‍්‍රියාත්මක වෙයි.

දෙවන චක‍්‍රයන් හය ලෙසින් පෙන්වා වදාළේ බාහිර ආයතන හයක් ක‍්‍රියාත්මක වන ආකාරයයි. ඇසට අරමුණු වන රූපායතනය, කනට අරමුණු වන ශබ්දායතනය, නාසයට අරමුණු  වන  ගන්ධායතනය,  දිවට  අරමුණු  වන  රසායතනය,  කයට  අරමුණු  වන පොට්ඨබ්බායතනය හා මනසට අරමුණු වන ධම්මායතනය යන බාහිර ආයතනයන්ද කි‍්‍රයාකාරකම්  හයක්  කි‍්‍රයාත්මක  කරවීම  සඳහා  උපකාර  වෙයි.  රූප  කාය,  ශබ්දකාය,

ගන්ධකාය, රසකාය, පොට්ඨබ්බකාය හා ධම්මකාය යන මේ බාහිර කායයන් හය මේ දෙවන චක‍්‍රයන් හයයි.

තුන්වන චක‍්‍රයන් හය ලෙසින් පෙන්වා වදාළේ විඤ්ඤාණකායන් හයයි. ඇසෙන් කරන කි‍්‍රයාකාරකමට පටිච්ච වන රූපායතනය  හේතුකොට   ගෙන  චක්ඛු විඤ්ඤාණකායක් උපදී. (”චක්ඛුං ච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං”) ඒ වගේම කනෙන් කරන කි‍්‍රයාකාරකම සමඟ බාහිර ශබ්දායතනයක් පටිච්චවීම නිසා, සෝත විඤ්ඤාණකායක් උපත ලබයි. නාසයෙන් කරන කි‍්‍රයාකාරකම සමග ගන්ධායතනය පටිච්චවීම නිසා එය හේතුකොටගෙන ඝාන විඤ්ඤාණකායක් උපත ලබයි. දිවෙන් කරන කි‍්‍රයාකාරකම්   සමඟ රසායතනය   පටිච්චවීම නිසා  එය හේතුකොටගෙන ජීව්හා විඤ්ඤාණකායක් උපත ලබයි. ශරීරයෙන් කරන කි‍්‍රයාකාරකම් සමග  පොට්ඨබ්බායතනය  පටිට්චවීම නිසා ඒ පහස හේතුකොටගෙන කාය විඤ්ඤාණකායක්  උපත  ලබයි.  මනසින්  කරන  කි‍්‍රයාකාරකම්  සමඟ  ධම්මායතනය පටිච්චවීමේ  හේතුව නිසාම මනෝ විඤ්ඤාණකායක් උපත  ලබයි. මේ තුන්වන විඤ්ඤාණකායන් හයයි. (”මනා ච පටිච්ච ධම්මෝච උප්පජ්ජති මනෝවිඤ්ඤාණං”)

මේ අවස්ථාවේදී විග‍්‍රහ කරදිය යුතු වැදගත්ම මාගධී පදයක් මෙහිදී භාවිතාකර ඇත. මේ පදය නම් ”පටිච්ච” (පටි+ඉච්ච) යන පදයයි. චක්ඛු විඤ්ඤාණකාය, සෝත විඤ්ඤාණකාය, ඝාන විඤ්ඤාණකාය, ජිව්හා විඤ්ඤාණකාය, කාය විඤ්ඤාණකාය හා මනෝ විඤ්ඤාණකාය යන හයවැදෑරූම් විඤ්ඤාණ ශක්තීන්ම කෙනෙකු තුළ උපත ලබන්නේම මෙසේ පටිච්චවීමේ නියත හේතුව නිසාමය. ”පටිච්ච” (පටි+ඉච්ච) යනු සිතේ උපන් කැමැත්තට බැඳීම යන්නයි. මෙම පටිච්ච වීමද තුන් ආකාරයකින්ම සිතක් තුළ කි‍්‍රයාත්මක වෙයි.

(1)  ඇසෙන්  දුටු  රූපය  පිළිබඳව කැමැත්තක්,  පි‍්‍රය බවක්, එම රූපය  අල්ලා උපාදානය කරගැනීමේ   ආශාවක්, මනාපයක් ඇතිවීම නිසා ඇසින් දුටු රූපයට පටිච්ච වේ. මෙය පි‍්‍රය බවට ඇලීම නිසා සිතක උපත ලබන පළමුවන පටිච්චවීමේ ක‍්‍රමයයි.

(2)  ඇසෙන් දුටු රූපයට අපි‍්‍රය   බවක් අමනාප බවක්  සිතෙහි ඇතිවී නම් ඒ අවස්ථාවෙහි ද්වේෂයක් සිතෙහි ඇතිවෙයි. මේ දෙවෙනි වේෂයෙන් පටිච්චවීමයි. මේ දෙවෙනි වේෂයෙන් පටිච්චවීමෙන් ද සිතේ පටිඝයක්, ගැටීමක් ඇති වෙයි.

 (3) ඇසෙන් දුටු රූපය කෙරෙහි අදුක්ඛම අසුඛ ස්වභාවයෙන් පටිච්චවීම තුන්වන පටිච්චවීමයි.  මෙහිදී  වන්නේ  වැරදි  මැනීමක්  වැරදි  මානයක්  මඤ්ඤතාවයක් ඒ රූපය ගැනම සිතෙහි ඇතිවීමයි. ඒ මැනීම, මානය දුක හා සුඛ අතර උපදින මානයකි.  සිතක  විහිංසා  විතක්ක  විචාර  උපත  ලබන්නේ  මේ  ආකාරයෙන් පටිච්චවීමෙනි. මේ අනුව පි‍්‍රය දේට ඇලීම, අපි‍්‍රය දේට ගැටීම හා පි‍්‍රය අපි‍්‍රය දේ අතර  මුළාවීම  යන  තුන්  ආකාරයෙන්ම  ඇස,  කන,  නාසය,  දිව,  කය,  මනස යන  ආයතන  හයටමත්  පටිච්චවීම  නිසා  විඤ්ඤාණ  ශක්තියක්  බිහිවීම  සිදු වෙයි. මේ පටිච්චවීම  මූලික  හේතුව කොටගෙනම, නිධාන හේතුව කොටගෙනම, ප‍්‍රත්‍යවීම හේතු කොටගෙනම ඉහත සඳහන් කරන ලද චක‍්‍රයන් තිස් හයක්ම සිතක් තුළම කි‍්‍රයාත්මක වී, සමුදය ශක්තියක් ද උත්පාදනය කරයි. (”හේතුං පටිච්ච සංභූතං”)

 (4)  මේ  විග‍්‍රහයේ  පෙන්  වූ  හතර  වන  චක‍්‍රාකාර  වූ  කි‍්‍රයාකාරකම්  හය  වන්නේ සම්ඵස්සකායන් හයයි. ”චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං, තින්නං  සංගති  ඵස්සෝ”  වශයෙන්  චක්ඛු  සම්ඵස්ස,  සෝත  සම්ඵස්ස,  ඝාන සම්ඵස්ස, ජිව්හා සම්ඵස්ස, කාය සම්ඵස්ස හා මනෝ සම්ඵස්ස යනුවෙන් පෙන්වා වදාළේ  පටිච්චවීමේ  ප‍්‍රතිඵලයන්  ලෙස  ආයතන  හයට  අදාළවම  උපත  ලබන චක‍්‍රාකාරව කි‍්‍රයාත්මක වන ස්පර්ශ කායයන් හයකි. මේ හතරවන චක‍්‍රයයි.

 (5) පස්වැනිව චක‍්‍රාකාරව උපත  ලබා කි‍්‍රයාත්මක වන කායයන් හය වන්නේ වේදනාකායයන් හයයි. චක්ඛු සම්ඵස්සය නිසා චක්ඛු සම්ඵස්ස  වේදනාකායද, සෝත සම්ඵස්සය නිසා සෝත සම්ඵස්ස වේදනාකායද, ඝාන සම්ඵස්ස නිසා ඝාන සම්ඵස්ස වේදනාකායයද, ජීව්හා සම්ඵස්සය නිසා ජිව්හා සම්ඵස්ස වේදනාකායද, කාය සම්ඵස්සය නිසා කාය සම්ඵස්ස වේදනාකායයද, මනෝ සම්ඵස්ස කාය නිසා මනෝ සම්ඵස්ස වේදනාකායයද සිතක උපත ලබයි. මේ  පටිච්චවීම  හේතුකොට  ගෙන  උපත  ලබන  පස්වැනි  වේදනා  කායයන් (කි‍්‍රයාකාරකම්) හයයි.

මේ සෑම වේදනාකායක්ම යළිත් තුන් ආකාර වෙයි.

i. සෝමනස්ස සහගත වූ සුව වේදනාව විඳීම නිසා පි‍්‍රය බවට ඇලීමෙන් ලබන ආමිස සුවය එක් වේදනාවකි.

ii. දෝමනස්ස  සහගත  වූ  දුක්  වේදනාවට  ගැටීම  (පටිඝ)  නිසා  සිතේ  උපදින ආමිස සුවය විඳීම දෙවෙනි වේෂයේ වේදනාවයි.

iii.  එමෙන්ම  අදුක්ඛම  අසුඛ  වූ  සොම්නස්  දොම්නස්  දෙක  අතර  ලබන  (උභයම අන්තරේ) වේදනාව විඳවීම තුන්වැනි ආකාර වූ වේදනාවයි.

අස්සුතවත් පෘථග්ජන  ලෝකයා  දුක්  විඳින්නේම  මේ  වේදනාවන්  උපාදානය  කරගෙන, සක්කාය දිට්ඨියෙන් ගෙන ඒ අනුව වේදනා විඳවීමෙනි. මේ වේදනා සියල්ලම විඳවීමට හේතුව ද සිතින්ම පටිච්චවීමයි. වේදනාව එකකි. විඳව විඳවා සිටීම තවත් සංසිද්ධියකි. (6) හයවන චක‍්‍රාකාර කි‍්‍රයාකාරකම් හය වන්නේ ඇස, කන, නාසය, දිව, කය හා මනස ආදිය මුල් කරගෙනම සිතේ උපත ලබන ”තණ්හාකායයන්” හයයි. ”තණ්හා’’ යනු යම් තැනක හාවීමයි. ඇසෙන් දුටු රූපය පි‍්‍රය මනාප එකක් නම් ඒ නිසා උපත ලබන ”සංඵස්ස ජා වේදනාව නිසා” එ් රූපය සමග සිතින් හා වෙයි. එහිදී ඇසෙන් හාවෙන්නේ නැත. ඇසින් දුටු රූපය නිසා උපත ලැබූ වේදනාව නිසාම බාහිර රූපය සමග සිතෙන් හාවෙයි. මේ හාවීම ”තණ්හාව” යන පදයේ අර්ථයයි. මේ ආකාරයටම කනෙන් ඇසුණු ශබ්දයට, නාසයෙන් ගත් ගඳ සුවඳට, දිවෙන් ලැබූ රසයට,  කයට  ලැබුණු  සුව  පහසට  හා  මනසට  පටිච්ච  වූ  ධම්මතාවයට  යන සදොරටම අරමුණු වූ ආරම්මණයන්ට සිතින්ම තණ්හා වෙයි. මෙතැනදී කාම තන්හා, භව තණ්හා, විභව තණ්හා යනුවෙන් ද තුන් ආකාරයකම තණ්හාවන්ද සිතකම උපත ලබයි. මේ කුමන ආකාරයේ් හෝ තණ්හා වීමක් සිතක උපත ලබන්නේ නම් එය ද පටිට්ච වීමේම ප‍්‍රතිඵලයකි. (හේතුං පටිච්ච සංභූතං* පටිච්ච වීමේ නියත ප‍්‍රතිඵලය ”සං” බිහිවීමයි. සමුදය ශක්තියක් චිත්තසංථානයේ බිහිවීමයි. සංසාර ගමන  දිගටම පවත්වාගෙන යාමට හා මතුවටත් දුක් නිර්මාණය කරදෙන්නට හේතුවන ශක්තිය සමුදය ශක්තියයි. මේ චක‍්‍රාකාර වූ කි‍්‍රයාකාරකම් හයෙන්ම විග‍්‍රහකර පෙන්වූයේ පටිච්ච වීමෙන් සමුදය බිහිවන ආකාරයයි.

මෙසේ චක‍්‍ර හයක් ලෙසින් ද, ආයතන හයකින්ම කි‍්‍රයාත්මක වී සිතකම උපත ලබන්නේ  සමුදය  ශක්තියකි.  සමුදය  යනු  ”සංභවං”  යන්නයි.  එනම්  සංසාර  ගමන පවත්වාගෙන දිගින් දිගටම යළි යළිත් උපත ලබන්නට මූලික හේතුව වන්නේ මේ කර්ම බීජ බිහිවීමයි. ”සංභවං, සමුදය” යන පද වලින් ද පෙන්වා දුන්නේ යළි උපතක් ලබන්නටම හේතුවන කර්ම බීජ උපත ලබන ආකාරය පිළිබඳවයි. මේ ආකාරයට ඡ ඡක්ක සූත‍්‍රයේ මුල් කොටසෙන්  විග‍්‍රහ  කර  පෙන්වා  වදාළේ  අවිද්‍යා  මූලයෙන්  පටිච්ච  සමුප්පාද  ධර්මය කි‍්‍රයාත්මක වන ආකාරය තිස්හය ආකාරයකින්ම පෙන්වා දීමයි. මේ විග‍්‍රහය සර්වසම්පූර්ණය. අවබෝධයට පහසුය. සරළ විග‍්‍රහයකි. තමන්ටම තමන්ගේම බඹයක් පමණ වූ ශරීර කූඩුව  තුළින්ම මෙසේ කි‍්‍රයාත්මක වන බලවේග (මත්වීම්) දැන හඳුනාගන්නට පහසුවන ආකාරයෙන් කරන ලද විග‍්‍රහයකි.

ඉන්පසුව මේ සූත‍්‍රයෙහි දෙවන කොටසෙන් විග‍්‍රහ වන්නේ ති‍්‍රලක්ඛණය පිළිබඳ මූලධර්මයන්ය. ”චක්ඛුං අත්ථා වා චක්ඛුං අනත්ථාවා, රූපං අත්ථා වා අනත්ථා වා චක්ඛු විඤ්ඤාණං අත්ථාවා අනත්ථාවා, චක්ඛු සංඵස්ස අත්ථාවා අනත්ථාවා, චක්ඛු වේදනා අත්ථා වා අනත්ථාවා, චක්ඛු තණ්හා අත්ථාවා අනත්ථාවා’’ යනාදී වශයෙන් කායයන් තිස්හයම මේ ආකාරයෙන්ම ද්වතාවයෙන්ම විග‍්‍රහ කිරීමයි. ”චක්ඛුස්ස උප්පාදෝපි වයෝපි පඤ්ඤායති” යන ප‍්‍රකාශයෙහි   ”පඤ්ඤායති” යනු ප‍්‍රඥප්තියකි.  සිතින්ම, මඤ්ඤතාවයෙන්ම පනවාගත් සිතුවිල්ලක්ම පමණි යන්නයි. ඇසෙන් දුටු රූපය නිසා සිතේ උපත ලැබූ මත්වීම ඒ මොහොතේ පටන්ම ඒ උපත ලැබූ ශක්තියද ගෙවී ගෙවී විනාශය  කරාම  යන  බවත්  එහි  පනවා  ගන්නට,  මඤ්ඤතාවයෙන්,  මමත්වයෙන්, අස්මිමානයෙන් ”අත්ථාති” වශයෙන් ගන්නට යමක් නිශ්චිතව එහි පවතින්නේ නැති බවත් යථාපරිදි දැකගත් විට (යස්ස ඛෝ පන උප්පාදෝපි වයෝපි) එහි යථා තත්ත්වය ඇත්ත ස්වභාවය  යථාභූතඥාණ  දර්ශනයෙන්ම  දැකගත  හැකි  වෙයි.  මේ  අනුව  ”ඉච්චස්ස එවමාගතං හෝති” වෙයි. එනම් සිතේ උපන් කැමැත්තට බැඳීමෙන් සිදුවූ පටිච්චවීමෙන් නිදහස් වී සත්‍යය පිරිසිඳ දැකගනී. පිරි, අපිරි යන අන්ත දෙකෙන්ම මිදී කැමැත්තෙන්ද නිදහස්ව ඇත්ත ඇති සැටියෙන් දැකගත් විට ”චක්ඛුං අනත්ථා, රූපං අනත්ථා චක්ඛු විඤ්ඤාණං අනත්ථා, සංඵස්ස අනත්ථා, වේදනා අනත්ථා, තණ්හා අනත්ථා වශයෙන් මේ කි‍්‍රයාවලියේ සත්‍යම වූ ස්වභාවයද දකී. ”අත්ථ” යනු ආත්ම වාදය නොවේ. අනත්ථ යනු අනාත්ම වාදයද නොවේ. උතුම් බුද්ධ ධර්මය හේතුඵලධර්ම විග‍්‍රහයක් මිස අන්තවාදී ආත්ම අනාත්ම වාදයන් විග‍්‍රහ කළ දහමක් නොවේ.

රූපය අත්ත වශයෙන් දැක, ඊට තණ්හා වී, එය උපාදානය කර ගැනීමෙන් අනාථ බවට දුකට පත්වීමටද හේතුවන දෙයක් සිදුවූවා මිස හරයක්, සාරයක් මෙහි නැති බවද යථාපරිදි දකී. මේ අනත්ථ බව දැකීමයි. මේ විග‍්‍රහයේදී තිස්හය ආකාරයටම මෙසේ ”අනත්ථ බව” විග‍්‍රහ කරදී ඇත. අනත්ථ බව අවබෝධ කරගත යුතු ධර්මයකි. ඇසෙන් දකින රූපයකට පටිච්චවීම නිසාම ඒ රූපය දැකීමෙන් සිතේ වේදනාවක් උපත ලබයි නම් ඒ රූපය කෙරෙහි තණ්හාවක්ද උපදී. එවන් රූපයක් උපාදානය කර ගැනීමේ කැමැත්ත සිතින් නිශ්චිත කර ගන්නටම කි‍්‍රයාත්මක වීම එවන් පෘථග්ජන සිතක නියත හැසිරීම් ස්වභාවයයි. මෙවන් පෘථග්ජන සිතක නියත අවශ්‍යතාවයක් ද බිහිවෙයි.

”නිච්ච, සුඛ, අත්ථ” යන තුන් පදවලින් ද විග‍්‍රහ කර පෙන්වූයේ මේ ලෝක ධර්මතාවයයි. මේ ආමිස සුවයයි. මේ නිච්ච බව, සුඛ බව, අත්ථ බව සිතක කි‍්‍රයාත්මකව පවතිනා තුරුම සංසාර පැවැත්මද දිගින් දිගටම පවත්වාගෙන යන්නටම සියලූ කි‍්‍රයාකාරකම් ද (සබ්බ කාය) උපකාරී වෙයි. මේ ආමිස සැප හඹා යාමයි.

රූපය නිච්ච සේ, වේදනාව නිච්ච සේ, සංඥාව නිච්ච සේ, සංඛාරය නිච්ච සේ, විඤ්ඤාණය නිච්ච සේ, රූපය සුබ සේ සුව සේ, වේදනාව සුබ සේ සුව සේ, සංඥාව සුව සේ සුබ සේ, සංඛාරයෝ සුබ සේ සුව සේ, විඤ්ඤාණයෝ සුව සේ සුබ සේ දකීද එවන් පුද්ගලයා දකින රූපය ද මඤ්ඤතාවයෙන්, මමත්ත්වයෙන් අත්ථ සේ දකී. වේදනාව මඤ්ඤතාවයෙන්, මමත්ත්වයෙන් අත්ථ සේ දකී. සංඥාව, සංඛාරය හා විඤ්ඤාණය ආදී වශයෙන් පංචස්කන්ධයම මඤ්ඤතාවයෙන්, මමත්ත්වයෙන් අත්ථ සේ දකී. අත්ථ සේ ගනී. අත්ථ යන්නෙහි තේරුම අස්මිමානයෙන් වැරදි සේ මැනීමයි. මෙය ආත්ම දෘෂ්ඨියට වඩා වෙනස් වූ බලවත් එකකි. ‘‘එ්තං මම’’, ”එ්සෝ මේ හමස්මි, ඒ සෝමේ අත්ථාති” යනු මේ වැරදි සංසාර දෘෂ්ඨියයි. සක්කාය දෘෂ්ඨියයි. අස්මිමානයෙන් ගැනීමයි.

මේ ආකාරයට ”මනෝ විඤ්ඤාණං අත්ථාති යෝ වදෙය්‍ය” මනෝ විඤ්ඤාණය අස්මිමානයෙන් මැනීම, මමත්ත්වයෙන් අත්ථ සේ ගැනීම වරදකි. මනෝ විඤ්ඤාණයක් උපත ලැබීමත්, වැයවී යාමත් සිතින්ම පනවාගත් පඤ්ඤප්්තියක් පමණි. මේ සත්‍යය ධර්මතාවය යථාපරිදි යථාභූත ඥාණ දර්ශනයෙන් අවබෝධ කරගත් පසුව (ඉච්චස්ස එවමාගතං හෝති) මේ රූපය කෙරේ ඇති වූ කැමැත්ත සිතේ ඇති වූ මුළාවක් පමණක්ම බව  දැක  ඉන්  මිදී  නිදහස්වීම  සඳහා  ”ඉති  මනෝ  අනත්ථා,  ධම්මා  අනත්ථා  මනෝ විඤ්ඤාණං අනත්ථා” යන්න ද පසක් කොට අවබෝධ කර ගතහැකි වෙයි. මේ අනුවම මනෝ සම්ඵස්ස, මනෝ සම්ඵස්ස වේදනා, සහ තණ්හා යනාදී සියලූ චක‍්‍රාකාර කි‍්‍රයාකාරකම් ද සිතින්ම මවාගත් අස්මිමානයෙන් හා මඤ්ඤතාවයෙන්ම අත්ථ යැයි උපාදානය කරගත් දේවල් බව ද යථා පරිදිම දැක ගනී. එය උපාදානය කර ගැනීමෙන් අනාථ වන බවද යථා පරිදි දකී.

මේ අනුවම ”ඉති මනෝ අනත්ථා , ධම්මා අනත්ථා, මනෝ විඤ්ඤාණං අනත්ථා, මනෝ සම්ඵස්සෝ අනත්ථා, වේදනා අනත්ථා, තණ්හා අනත්ථා” ආදී වශයෙන් යථාභූත ඥාණ දර්ශනය ද ලැබෙයි. මේ අනුව ඇත්ත ඇති සැටියෙන්ම දැකගනී. මෙසේ චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය හා මනෝ යනාදී ආයතන හය සම්බන්ධයෙන්ම උපත ලබන ශක්තිය මේ ආකාරයෙන්ම මෙතෙක් කල් ”අත්ථ” යැයි අස්මිමානයෙන් ගත් සියල්ලම (සබ්බ කාය) ”අනත්ථ” බව දැන් පසක් කොට දැක ගනී. අනත්ථ යනු අනාත්ම යන අදහස නොවේ. අනාථ වීම යන අර්ථයයි.

ඊළඟ පියවරේදී මෙම ඡ ඡක්ක සූත‍්‍රයේ විග‍්‍රහකර පෙන්වා වදාළේ ”සක්කාය සමුදය ගාමිණී ප‍්‍රතිපදාව හා සක්කාය නිරෝධ ගාමිණී ප‍්‍රතිපදාව” නමැති ද්වතාවයයි. සංසාර ගමනට යළි යළිත් දිගටම බැඳ තබන, සංයෝජන දහයම උත්පාදනය කර දී, සකස් කර දී, දුක නිර්මානය කරනු ලබන ප‍්‍රතිපදාව වන්නේ සක්කාය සමුදය ගාමිණී ප‍්‍රතිපදාවයි. ”සං” උත්පාදනය වන්නේ සමුදය බිහිවී සංසාරයට බැඳෙන්නේ බඹයක් පමණ වූ මේ ති‍්‍රජකයම කිළිටි කරන්නේ (සංකිළිට්ඨේන) මෙම ”සක්කාය සමුදය ගාමිණී ප‍්‍රතිපදාව” අනුගමනය කිරීමෙනි. මේ නිසා මේ සමුදය, සං උපත ලබන ආකාරය යථාපරිදි තේරුම්ගෙන ඉන් මිදී නිදහස් විය යුතු බව තේරුම් ගත යුතුයි. සමුදය නිරෝධ කළයුතුය යන්න මෙහි තේරුමයි. මෙය ද ”චක්ඛුං එ්තං මම, එ්සෝහමස්මි, එසෝ මේ අත්ථාති” රූපේ එ්තං මම, එ්සෝ හමස්මි, එසෝ මේ අත්ථාතී, චක්ඛු විඤ්ඤාණං එ්තං මම, එසෝ හමස්මි, එසෝ මේ අත්ථාති, චක්්ඛු සම්ඵස්සං එ්තං මම, එසෝ හමස්මි, එසෝ මේ අත්ථාතී, වේදනාවන් හා තණ්හාව ද එ්තං මම, එසෝ මේ හමස්මි, එසෝ මේ අත්ථාති යන්න ”සමනුප්පස්සති” කළ යුතුයි.  ”සමනුප්පස්සති”  යනු  මනසින්  අනුපස්සනා  කරමින්  මෙතෙක්  කල්  ”අත්ථ” වශයෙන් මමත්ත්වයෙන්, මඤ්ඤතාවයෙන් මම, මගේ, මගේ ආත්මය වශයෙන් ගැනීම වැරදි බව තේරුම්ගෙන, ඉන් නිදහස්වීමට අනත්ථ බව අවබෝධ කරගෙන සක්කාය සමුදය ගාමිණී මාර්ගයෙන් ඉවත් වී නිදහස් වීමයි.

මේ ආකාරයටම ඇස, කන, නාසය, දිව, කය හා මනස යනාදී ආයතන හයෙන්ම උපත ලබන සක්කාය සමුදය වන හැටි දැක ගත් පසුව එ් පුද්ගලයා ”ධම්මෝ සංදිට්ඨිකෝ” යන  අවබෝධයද  ලැබූ  සක්කාය  සමුදය  ගාමිණී  ප‍්‍රතිපදාව  පිළිබඳව  ද  යථා  පරිදිම අවබෝධය ලැබුවෙක් වෙයි. කෙළෙස් උපදින, දුක නිර්මාණය කර දෙන, යළි යළිත් සසර උපත ලබන්නටම හේතුවන මේ සක්කාය සමුදය ගාමිණී මාර්ගය වැරදි මාර්ගය බවත්, පසක් කොට අවබෝධකරගෙන එ් වැරදි මාර්ගයෙන් ඉවත් විය යුතුය යන්න ද දැකගනී.

මෙහිදී පෙන්වා දුන් සක්කාය නිරෝධගාමිණී පටිපදාව ද මනාකොටම තේරුම් ගෙන අවබෝධ කරගත යුතු හා ප‍්‍රායෝගිකවම අනුගමනය කළයුතු ප‍්‍රතිපදාවයි. එනම් සමුදය නිරෝධ කිරීමේ ප‍්‍රතිපදාවයි. ”චක්ඛුං නේතං මම, නෙසෝ හමස්මි, නමේසෝ අත්ථාති රූපේ නේතං මම, නෙසෝ හමස්මි, නමේසෝ අත්ථාති, වේදනා හා තණ්හා දෙකම ද නේතං මම, නෙසෝ හමස්මි, නමේ සෝ අත්ථාති” ආදි වශයෙන් ආයතන හයෙන්ම කරුණු ලබන චක‍්‍රාකාර කි‍්‍රයාකාරකම් තිස්හයමත් මම යැයි ගැනීමට, මගේ යැයි ගැනීමට, මගේ ආත්ම යැයි ගැනීමට සුදුසු නොවන බව, උපාදානය කර ගැනීමට සුදුසු නොවන බව, තණ්හාවෙන් සුව වේදනාවක් හෝ අසුඛ වේදනාවත් හෝ අදුක්ඛම අසුඛ වේදනාවක් ලෙස හෝ විඳවීමට සුදුසු නොවන බවත් යථාපරිදිම තේරුම් ගත යුතුය. ”මම වෙමි” යන අන්තයද වැරදිය. ”මම නොවෙමි” යන අනිත් අන්තය ද වැරදිය. ආත්ම වාදය ද, අනාත්ම වාදය ද, උච්ෙඡ්ද වාදය ද, සාස්වත වාදය ද යන සියල්ලම අන්තවාදී අදහස් නිවනට බාධාවන සංසාරයට යළි යළිත් බැඳ තබන බැමි බව මනාකොට අවබෝධ කරගත යුතුය.

 මේ අනුව සක්කාය දැක්ම උපත ලබන සක්කාය සමුදය ගාමිණී මාර්ගයද , සක්කාය දැක්ම උපත නොලබන (අනුත්පාද වන) සක්කාය නිරෝධ ගාමිණී මාර්ග ප‍්‍රතිපදාව ද යන දෙකම යථාපරිදි අවබෝධ කරගැනීම ඊළඟ පියවරයි. මේ දෙකම මනාකොට, පසක් කොට තේරුම් ගත් අරිය ශ‍්‍රාවකයාට දුකෙන් මිදී නිදහස් වීමේ නිවැරදි (සම්මා) මාර්ගය ද යථාපරිදිම අවබෝධ වෙයි. එය සම්මා දැක්මයි. සම්මා දෘෂ්ඨියට පත්වීමේදී අත්හැරිය යුතු සක්කාය සමුදය ගාමිණී පටිපදාව ද, අනුගමනය කළයුතු සක්කාය නිරෝධ ගාමිණී පටිපදාව ද යන දෙකම දැකගනී. සක්කාය සමුදය ගාමිණී ප‍්‍රතිපදාව යථාපරිදි තේරුම්ගත් පුද්ගලයා චතුරාර්ය සත්‍යයන් හතරෙන් මුල් දෙක එනම් දුක්ඛ අරිය සත්‍යය ද, දුක්ඛ සමුදය අරිය සත්‍යය ද අවබෝධ කරගනී. එ්වාගේම සක්කාය නිරෝධ ගාමිණී පටිපදාව යථා පරිදි අවබෝධ කරගත් අරිය ශ‍්‍රාවකයා දුක්ඛ නිරෝධය හා දුක්ඛ නිරෝධ ගාමිණී ප‍්‍රතිපදාව යනාදි වශයෙන් චතුරාර්ය සත්‍යයන්ම ප‍්‍රත්‍යක්ෂ කොට අවබෝධ කර ගනී.

මෙයද ආන පාන භාවනාවකි. ”සං” උපත ලබන සමුදය බිහිවන සංඛාර ප‍්‍රහාණය කළ යුතුයි. එනම් රාග, ද්වේෂ, මෝහ ප‍්‍රහාණය කළ යුතුයි. ”සං” නිරෝධ වන වීත රාගී, වීත ද්වේශී, වීත මෝහී යහපත් සිතුවිලි ආශ‍්‍රය (ආන) කළ යුතුයි. නිරෝධ යනු නිර්උදා යන්නයි. අනුත්පාද යන්නයි.

ඊළඟ පියවරෙන්ද මේ පිළිබඳවම තවදුරටත් සම්පූර්ණ විග‍්‍රහයෙක්ම කරයි. මෙහිදීද අනුසය පිළිබඳව ද්වතාවයම විග‍්‍රහ කර පෙන්වයි. චක්ඛුංච පටිච්ච රූපේච උප්පඡ්ඡති චක්ඛු විඤ්ඤාණං තිණ්ණං සංගති ඵස්සෝ, ඵස්ස පච්චයා උප්පජ්ජති වේදයිතං, සුඛංවා, දුක්ඛං වා, අදුක්ඛමසුඛං වා.

01. සෝ  සුඛාය  වේදනාය  ඵුට්ඨෝ  සමානෝ  අභිනන්දති,  අභිවදති,  අජ්ඣොසාය තිට්ඨති. (සුව වේදනාවට ආස්වාදයට ඇලෙයි.) ”තස්ස රාගානුසයෝ අනුසේති” (රාග අනුසය සිතක උපදින ආකාරය විග‍්‍රහ කර ඇත.)

02. සෝ දුක්ඛාය වේදනාව ඵුට්ඨෝ සමානෝ, සෝචති, කිලමති, පරිදේවති උරත්තාලිංකන්‍දති, සංමෝහං ආපජ්ජති. (අපි‍්‍රය වේදනාවෙන් ගැටෙයි.) ”තස්ස පටිඝානුසයෝ අනුසේති” (ද්වේෂය සිතක උපත ලබන ආකාරයයි.)

03. අදුක්ඛමසුඛාය වේදනාය ඵුට්ඨෝ සමානෝ වේදනාය සමුදයඤ්ච, අත්ථංගමඤ්ච, අස්සාදංච, ආදීනවඤ්ච, නිස්සරණඤ්ච, යථාභූතං නප්පජානාති (යථා භූත ඥාණයෙන්,  ඇත්ත සත්‍යය ඇති සැටියෙන් දැක ගැනීමට නොහැකි වෙයි.) තස්ස අවිඡ්ජා අනුසයෝ අනුසේති (අවිද්‍යා අනුසය සිතක උපත ලබයි.) මේ අනුව සිතක අවිද්‍යා අනුසය උපත ලබන්නේ අදුක්ඛම අසුඛ දෙක අතර මැන මැන සිතින් විඳවීමෙනි. පටිච්ච සමුප්පාද කි‍්‍රයාවලියම මේ ආකාරයෙන් චක්ඛුං, සෝතං, ඝානං, ජිව්හා, කායං, මනෝ ආදි ආයතන හයෙන්ම අවිද්‍යා මූලයෙන් කි‍්‍රයාත්මක වීමේ ප‍්‍රතිඵලය වන්නේ සිතක් තුළ නිරන්තරයෙන්ම පි‍්‍රය දේට ඇලෙන රාගානුසය, අපි‍්‍රය දේට පටිඝවන  (ගැටෙන)  පටිඝානුසය  හා  මානයෙන්,  මෝහයෙන්  මුළාවන්නට  හේතුවන අවිජ්ජානුසය (කෙළෙස්) උත්පාදනය වීමයි. මෙසේ කි‍්‍රයාත්මක වන සිතක් තුළ අවිජ්ජා සහිත හේතුඵල පරම්පරාවක් කි‍්‍රයාත්මක වන නිසාම දුකින් මිදී නිදහස් වීමේ මාර්ගය නිබ්බානගාමී  මාර්ගය  ආවරණය  කර  වසා  දමයි.  මේ  අයුරු  අවිද්‍යාවෙන්,  පංචකාම නීවරණ ධර්මවලින් නිවන් මාර්ගයම වැසෙයි. පංචකාම නීවරණ ධර්මයන්ම සිතක උපත ලබන්නේ සක්කාය සමුදය ගාමිණී මාර්ගය කි‍්‍රයාත්මක වීමේ හේතුවෙනි.

මේ විග‍්‍රහකර පෙන්වා දුන් ආකාරය තමන්ගේ මනසින්ම මෙනෙහි කර තමා තුළින්ම දැකගෙන සංසාර ගමන දිගින් දිගටම නිර්මාණය වන්නට මුල් වන, නිදාන වන, ප‍්‍රත්‍ය වන හේතු ද තේරුම් ගත යුතුමයි. සංසාර ගමන යළි යළිත් නිර්මාණය කරන්නේම රාග අනුසය, පටිඝානුසය හා අවිජ්ජානුසයෝයි.

පටිච්චසමුප්පාදය (සං උදය) නිරෝධ කරන, කුණු සළාහැර සිත ශුද්ධ පවිත‍්‍ර කරන, කුසලමූල පටිච්චසමුප්පාද කි‍්‍රයාවලිය ද මේ ධර්මය අසා අවබෝධ කරගත යුතු දෙයකි. එය ආශ‍්‍රය කළයුතු ”ආන” ධර්මයයි. පෙර පරිදිම මෙහිදීද හේතුඵල විග‍්‍රහයක් කරයි.

”චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති වේදයිතං
සුඛං වා, දුක්ඛංවා, අදුක්ඛමසුඛංවා.”

යන විග‍්‍රහය අවබෝධ කරගත යුතු ධර්මයයි. මේ බව යථා පරිදි අවබෝධකරගත් පසුව අරිය ශ‍්‍රාවකයා.

01. ”සෝ සුඛාය වේදනාය ඵුට්ඨෝ සමානෝ, නාභිනන්දති, නාභිවදති, නජ්ඣාසාය තිට්ඨති.” (අනත්ථ සේ දකී, නිසරු බව දකී) ”තස්ස රාගානුසයෝ නානුසේති”  (සිතෙහි රාග අනුසය නොඋපදියි)  සුව, සුඛසේ මෙතෙක් කල් සිතු දේ මායාවක්ම  පමණක්  බව  අනාථ  වන්නටම  හේතුවන  බව  දැක  විඳවීමෙන්  මිදී නිදහස් වෙයි.

02. සෝ දුක්ඛාය වේදනාව ඵුට්ඨෝ සමානෝ,  න සෝචති, න කිලමති, න පරිදේවති, න උරත්තාලිංකන්‍දති”  (අනත්ථසේ  දකී)    සම්මෝහං ආපජ්ජති. (ද්වේෂය, වෛරය සිතෙහි නොඋපදියි)  ”තස්ස පටිඝානුසයෝ නානුසේති”  (පටිඝ  අනුසය සිතේ  නොඋපදී)  දුක  යනු  විඳව  විඳවා  සිටිය  යුතු  දෙයක් නොවන බවත් එයද සිතේම උපත ලැබු මායාවක් බවත් දැක, විඳවීම නවතා දමයි.

03. අදුක්ඛමසුඛාය වේදනාය ඵුට්ඨෝ සමානෝ තස්සා වේදනාය සමුදයඤ්ච, අත්ථංගමඤ්ච, අස්සාදඤච,   ආදීනවඤ්ච, නිස්සරණඤ්ච, යථාභූතං පජානාති”  (සත්‍යය  දකී)  තස්ස  අවිජ්ජානුසයෝ  නානුසේති  (සිතෙහි  අවිද්‍යා අනුසය නොඋපදියි.) මේ ආකාරයටම මෙම කුසලමූල පටිච්චසමුප්පාද කි‍්‍රයාවලියද චක්ඛුං, සෝතං, ඝානං, ජිව්හා,  කායං, මනෝ යන    ආයතන හයෙන්ම වේදනා උපදින උපදින මොහොතේම නිරෝධ කරමින්, සුව වේදනාවට නොඇලී, දුක් වේදනාවට නොගැටී, අදුක්ඛමසුඛ වේදනාවට ද මුළානොවී, ඉවසීමෙන් විමසා බලා, එහි යථා තත්ත්වය දැන හඳුනාගෙන එයම උපාදානය වන්නට මුල්වන, නිධානවන හේතුවද සිතින් වේදනාවක් විඳවීමේ කැමැත්තම බවද තේරුම් ගෙන සියලූ සංඛාර උපේක්ඛා සිතින් දැක ගැනීමෙන්ම රාගානුසය නිරෝධ කරයි. නොඋපදී. රාග අනුසය සිතින් පහව යයි. පටිඝානුසයට නොගැටෙයි. (පටිවිනෝදෙත්වා)  අවිජ්ජා අනුසය සහමුළින්ම සිතින් ඉවත්  වෙයි. (සමූහනිත්වා) මේ අනුව ”අවිජ්ජං පහාය, විජ්ජං උප්පාදෙත්වා”. පැවැත්ම, ජීවත්වීම පිළිබඳව පරම සත්‍යය විනිවිද බලා දැක ගැනීමේ ශක්තිය තමන්ටම ලැබෙයි. ”සංසාරයි” කියා මෙතුවක් කල් දුකම නිර්මාණය කරගත්තේ තමන්ගේම නොදන්නා කම නිසාම බවත් යථා පරිදි දැක ගෙන ඉහාත්මයේදීම, මේ ජීවිත කාලය තුළදීම, සියලූ දුක් නිමාකර, අලූතින් දුක උපදවන්නට මුල් වූ සියලූ හේතුන්ද ප‍්‍රහාණය කර, කෙළෙස් මුල් උදුරා දමා නිදහස් වෙයි. (ඨාන මේතං විජ්ජති)

 මේ ධර්මතාවය (කුසලමූල පටිච්චසමුප්පාද ධර්මයයි.) තම සිතින්ම මේ සත්‍යය පසක් කොට දැකගත් අරිය ශ‍්‍රාවකයා (එ්වං පස්සං) චක්ඛුස්මිං නිබ්බින්දති, රූපේසු නිබ්බින්දති, චක්ඛු විඤ්ඤාණේ නිබ්බින්දති, චක්ඛු සංඵස්සයේ නිබ්බින්දති, වේදනාය නිබ්බින්දති,  තණ්හාය  නිබ්බින්දති,  සෝත,  ඝාන,  ජිව්හා,  කාය,  මනෝ  ආදී  චක‍්‍රයන් හයෙහිමත් නිබ්බින්දති, (නොබැඳෙති) නිබ්බින්දති යනු කළ කිරීම නොවේ. නිබ්බින්දං විරජ්ජති, (නොඇලෙති, නොගැටෙති) විරාගා විමුච්චති (මුළාවෙන් මිදී නිදහස් වෙති) විමුත්තස්මිං, විමුත්තමිති, ඥාණං හෝති (ප‍්‍රඥා විමුක්තියට පත්වේ.) නිබ්බින්දති යනු නොබැඳීමයි. සම්බන්ධ නොවීමයි. නොගැටීමයි. මුළා නොවීමයි. නිබ්බින්දති යන සිතින් නොබැඳීම නිසා සිතෙහි මතුවන අභිනන්දයෙන් සිත මිදී නිදහස් වෙයි. සැප විඳීමේ අපේක්ෂාවෙන් සිත මිදෙයි. ”නිබ්බින්දති” යන පදය ”කළකිරීම” ලෙසින් ති‍්‍රපිටක සිංහල පරිවර්තනයේ වැරදි ලෙසින් සිංහලයට පරිවර්තනය කර ඇත. කළකිරීම ද්වේෂය නිසා සිතක ඇතිවන ගතියකි. නොබැඳීම, නොඇලීම නිසා සිත රාගයෙන් වෙන් වෙයි. (විරජ්ජති) රාගයෙන් වෙන්වී, විරාග වූ සිත සහමුළින්ම විමුක්තියට පත්වෙයි. (විමුච්චති) මෙසේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස්ව කෙළෙස් වලින් විමුක්ත වූ සිත පිරිසිදු තත්ත්වයටම පත්වෙයි. මේ අනුව යථාභූත ඥාණ දර්ශනය හා විමුක්ති ඥාණ දර්ශනය නම් වූ බුද්ධ ඥාණයන්ද සිතේහි බලගැන්වෙයි. හය ආකාර වූ පිරිසිදුවීමක්, විමුක්තියක් මේ අනුවම ප‍්‍රත්‍යක්ෂකර ගෙන අරහත් ඵලයටම පත්වෙයි.

ඛීණා ජාති, වුසිතං බ‍්‍රහ්ම චරියං, කතං කරණීයං, නපරං ඉත්ථත්තායාති, පජානාති යන සියලූ අරහත් ගුණ අංගයන්ගෙන් සමන්විත වෙයි. උපතක් ලබන්නට හේතුවන සියලූ කර්ම බීජ සිඳ දමා කෙළෙස් අවසන් කළේය. (ඛීණා ජාති) රාග, ද්වේෂ පමණක් නොව මෝහය හා මානය ද සහමුළින්ම සිඳ දමා, බ‍්‍රහ්මත්වයට ඇලූම් කළ අරූපී සිතින් ද මිදී නිදහස් විය. (වුසිතං බ‍්‍රහ්ම චරියං) කළයුතු සියල්ල  නිමා  කර  නිවනට  අවශ්‍ය  සියලූ  අංගයන්  ප‍්‍රත්‍යක්ෂව  දැක  සත්‍යාවබෝධය සම්පූර්ණ  කර  ගත්තේය.  (කතං  කරණීයං)  මතු  දුක  නිර්මාණය  කරන්නට  හේතුවන ආයතනික රටාව ද සහමුළින්ම සිතින් උදුරා දැමීය. (නාපරං) පරම සත්‍යය යථාපරිදි අවබෝධ කරගන්නා ලදී. සම්මා විමුක්තියටම සිත පත්වෙන බව පසක් කොට දැකගති. (ඉත්ථත්තායාති පජානාති)

මෙම ඡ ඡක්ක සූත‍්‍ර ධර්ම දේසණාවෙන් අංග සම්පූර්ණ වූ ද, පරිපූර්ණ වූ ද සරළ නිවන් මාර්ගයම පැහැදිළිව, පිරිසිදුව විග‍්‍රහ කරදී ඇත. ප‍්‍රායෝගිකවම තමන්ම තමන්ටම කරගත යුතු වැඩපිළිවෙළක්, ප‍්‍රතිපදාවක් මෙහිදී විග‍්‍රහකරදී ඇත.

මෙම ඡ ඡක්ක සූත‍්‍ර දේසණාවේදී කරුණු විග‍්‍රහ කිරීමට උපමා කථා, උදාහරණ කථා, පරිවාර කථා හෝ එවැනි කිසිවක්ම යොදාගෙන නැත. පරමාර්ථ ධර්මයම, අභිධර්මයම, පටිච්චසමුප්පාද ධර්මයම, චතුරාර්ය සත්‍යය ධර්මයම මෙහිදී සරළව විග‍්‍රහ කර පෙන්වා දී ඇත. එනම් ප‍්‍රායෝගිකවම අනුගමනය කළ යුතු කෙටිම සරළම මාර්ගය පෙන්වා දී ඇත.

මෙහිදී භාවිතා කර ඇති ක‍්‍රමවේදය වන්නේ ද්වතාව ධර්මය විග‍්‍රහ කරමින් පටිච්ච සමුප්පාද ධර්මයම විග‍්‍රහ කර දීමයි. මෙම සූත‍්‍ර ධර්මය කියවාගෙන යන කෙනෙකුට අවබෝධ කරගත හැකි අවබෝධකර ගතයුතු වැදගත්ම දෙයක් නම් මෙහිදී ධ්‍යානයන් ගැන හෝ සමාධි ගැන හෝ භාවනා ගැන හෝ කිසිවක් ප‍්‍රකාශ කර නැත යන්නයි. අද සම්මත භාවනා මධ්‍යස්ථාන වල කියාදෙන ආකාරයේ ධ්‍යානයන් ලැබීමේ අවශ්‍යතාවයකින් තොරවම සතර මග සතර ඵලයන්ම ලබාගන්නට මෙම සරළ ක‍්‍රමය නියත වශයෙන්ම උපකාර වන බව පැහැදිළිවම හා පිරිසිදුවම සහතික කර පෙන්වා දීම මෙහි විශේෂත්වයයි.

මෙම සූත‍්‍රයේ අවසානම ඡේදයේ පෙන්වාදී ඇති පරිදි මේ සූත‍්‍රධර්මය ශ‍්‍රවණය කළ භික්ඛූන්ගෙන් සැට(60) නමක් එතැනදීම (සට්ඨිමත්තානං භික්ඛූනං) අරහත් තත්ත්වයටම පත් වූ බවද මෙහි පැහැදිළිවම ප‍්‍රකාශ කර දක්වා ඇත.(අනුපාදාය ආසවෙහි විත්තානි විමුච්චිං සුති) පසු කලෙකදීද මේ හෙළබිම තුළදීම මේ උතුම් සූත‍්‍ර ධර්මය හෙළබසින් හෙළ අටුවා ලෙසින් විග‍්‍රහ කරදීමෙන් ද අරහතුන්වහන්සේලා බිහි වූ බව ”දහමට සරිකොට හෙළුවෙන් පෙරකී නිවනට සපැමිණි සඟසැට නමකි.” යනුවෙන් ලෝවැඩ සඟරාවේ එන කවියෙන් ද පැහැදිළි කරදී ඇත. මේ අතරම අපේ පැරණි බෞද්ධ ඉතිහාස කථාවලට අනුව මලියදේව මහඅරහතුන් වහන්සේ අරහත් තත්ත්වයට – අරහත් ඵලයටම පත්වූයේ ද, මෙම උතුම් ඡ ඡක්ක සූත‍්‍ර ධර්මදේසණාව පවත්වන අවස්ථාවේදීමය. මේ නිසා මෙවන් උතුම් වූ ධර්ම දේශණාවක් නිවැරදිව දේශණා කිරීමෙන් පවා අරහත් මඟඵලයට පත්විය හැකි බවද මේ අනුවම පසක් කොට දැනගත යුතුය.

 අද  වන  විට  මෙවන්  උතුම්  සූත‍්‍ර  ධර්මයන්  භාවිතයෙන්  තොරව  අභාවයට පත්වන්නටත් සමහර විටකදී සම්මත ධර්ම දේශණා ලෙසින් පමණක්ම භාවිතයට ගෙන පදපරම විග‍්‍රහයක් ලෙසින් ඉදිරිපත් කරන්නටත් හේතු වූ මූලිකම කරුණ නම් ”හේතුඵල ධර්මය නම් වූ උතුම් ‘‘පටිච්ච සමුප්පාද ධර්මය” වැරදි ආකාරයෙන් විග‍්‍රහ කර කියාදීමයි. පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහයෙහි එන තිපරිවට්ටයම දේශණා කරන්නට නොදැනීමයි. දේශණා නොකිරීමයි.

 මේ සූත‍්‍ර ධර්මයෙහි එන වැදගත්ම පදයක් වන ”පටිච්ච” (”චක්ඛුංච පටිච්ච රූපේච” සෝතංච පටිච්ච සද්දංච” ආදී වශයෙන්) විග‍්‍රහකළ පටිච්ච වීමේ කි‍්‍රයාවලිය ති‍්‍රපිටකය සිංහලයට පරිවර්තනය කිරීමේදී සහමුළින්ම ”පටිච්ච” යන පදය අමතක කර දමා, එය නොවැදගත් පදයක් ලෙසින් අතහැර දමා ඇත. මෙහිදී ති‍්‍රපිටක පරිවර්තකයා විසින් පරිවර්තනයේදී යොදාගෙන ඇති සිංහල පදවැල් ගැන විමසිලිමත්ව බලන්න. (”ඇස ද රූපායතනය ද නිසා චක්ෂුර් විඤ්ඤාණය උපදින්නේය. කනද ශබ්දායතනය ද නිසා ශ්‍රෝත විඤ්ඤාණය උපදින්නේය.) මෙම පරිවර්තනයේදී සහමුළින්ම ”පටිච්ච”වීම යන පදය අමතක කර දමා, අතහැර ඇති අතරම ”චක්ඛුංච” යන පදය ද වැරදියට ”ඇස” යනුවෙන්, සෝතංච යන පදය ”කන” යනුවෙන්, ඝානංච යන පදය”නාසය” යනුවෙන් , ජිව්හාච යන පදය ”දිව” යනුවෙන්, කායංච යන පදය කය යනුවෙන්, මනාච යන පදය ”මන” යනුවෙන් ආදී ලෙසින් වැරදියටම සිංහලයට පරිවර්තනය කර ඇත. චක්ඛු – චක්ඛුංච නොවේ, චක්ඛුංච – චක්ඛු නොවේ යනාදී වශයෙන් විභංගප‍්‍රකරණයේ මේ වෙනස පැහැදිළිවම විග‍්‍රහ කරදී ඇත. මේ පද දෙක දෙකකි. චක්ඛු යනු ඇස යන්නයි. ”චක්ඛුංච” යනු ඇසෙහි උපත ලබන යම් කි‍්‍රයාකාරී ශක්තියක් හැඳින් වූ පදයකි. මේ ආකාරයට ආයතන හයෙන්ම උපත ලබන ශක්තිය මෙහිදී විග‍්‍රහකර ඇත. මේ ශක්තිය උපත ලබන්නේ ”පටිච්ච” වීමේ එ්කායන හේතුවෙනි. මේ ශක්තිය විඤ්ඤාණ ශක්තියයි. සමුදය ශක්තියයි.

”චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං
චක්ඛුංච නපටිච්ච රූපේච අනුප්පාදෝ නිබ්බානං”

 මේ විග‍්‍රහයේදී පෙන්වා වදාළ ”පටිච්ච හා න පටිච්ච” යන ද්වතාවය වෙන්කර තේරුම් නොගත් ති‍්‍රපිටක පරිවර්තකයා ඇස, කන, නාසය, දිව, කය, මන ගැන මිසක් මේ ඉන්ද්‍රියයන්ගෙන් ශක්තියක් උපත ලබා එ්වා ආයතනයන් බවට පත්වීමේදී ලබන රත්වීම, මත්වීම ගැන හෝ ගිනි ගන්නා ස්වභාවය ගැන හෝ සංඛාර ශක්තිය ගැන හෝ දැනුමක් අවබෝධයක් නැතිවම මේ උතුම් ධර්මය සිංහල භාෂාවට පරිවර්තනය කරමින් පිරිසිදු නිවන් මඟ අවුරා වසා දමා ඇත යන්නද පෙන්වා දිය යුතුමය.

ඇස, කන ආදී වූ ඉන්ද්‍රියයන් හයම පාවිච්චි නොකර භාවිතා නොකර අරහතුන් වහන්සේට ද පිරිණිවන් පානාතුරුම ජීවත් විය නොහැකිය. ඇසෙන් රූපයක් බැලීම වරදක් නොවේ. ඇසෙන් බලන රූපයට මත්වීමෙන්, අසංවර බවට පත්වෙන්නේ පටිච්ච වීම නමැති හේතුව නිසාමය. ”පටිච්චවීමේ නියත ප‍්‍රතිඵලය (සං උත්පාදවීම) සමුදය බිහිවීමයි. කෙළෙස් උපදින්නට හේතුවන්නේ ඇස, කන ආදී ඉන්ද්‍රියයන්ට රූප, ශබ්ද ආදිය පටිච්චවීමේ කි‍්‍රයාවලිය නිසයි. මේ නිසා පටිච්චසමුප්පාද කි‍්‍රයාවලිය හේතුඵල ධර්මය පිළිබඳව කිසිම දැනීමක් හෝ අවබෝධයක් හෝ නැතිවම සිදු කරන ලද මේ ති‍්‍රපිටක සිංහල පරිවර්තනය නිසා උතුම් බුද්ධ ධර්මයම විකෘති කිරීමක් කර ඇත.

මාගධී බසින් දේශණා කරන ලද පෙළ දහම නමින් අද හඳුන්වන මේ උතුම් බුද්ධ භාෂිතය පද පරම ලෙසින් – මාගධී පදයට සිංහල පදයක් ලෙසින් – පදගත පරිවර්තනයක් කිරීම සුදුසු නොවන බව බුදුපියාණන්වහන්සේම බොහෝ තැන්වල පෙන්වා වදාරා ඇත. ගෝතම බුදුපියාණන් ජීවත් වූ යුගයේදීම මේ මාගධී බුද්ධ භාෂිතයට හෙළ අටුවා ලියා ලේඛන ගතකර එ්වා පවත්වාගෙන ආවේ මේ හේතුව නිසාය. අනුරාධපුර යුගය පටන් මහනුවර යුගය දක්වාමත් මාගධී බුද්ධ භාෂිතය පදගත ලෙසින් පදපරම ලෙසින් සිංහල භාෂාවට පරිවර්තනය නොකළේ මේ හේතුව නිසාමය. එ් වෙනුවට කළේ් අටුවා, ටීකා, ටිප්පනි ලියා පළ කිරීමයි. බුද්ධඝෝෂ හිමියන්ද ති‍්‍රපිටකය පරිවර්තනය කරන්නට ගියේ නැත. එ් හිමියන් පාළිියට පරිවර්තනය කළේ් එදා ප‍්‍රචලිතව පැවති හෙළ අටුවා පොත් සමූහයක්ම පමණි.

එතෙක් කල් මාගධී බසින් පමණක් පවත්වාගෙන ආ පිරිසිදු ති‍්‍රපිටක ධර්මය 1884 පමණ ජේම්ස් පි‍්‍රන්සස්, ජෝර්ජ් ටර්නර් යන ඉංගී‍්‍රසි ජාතික මහත්වරුන් හා වෙනත් සුදු මහත්වරුන් විසින් ඉංගී‍්‍රසියටත්, ජර්මන් බසටත් පසුව 1901 වර්ෂයේදී පමණ සිංහලයටත් පරිවර්තනය කරන ලද්දේ පෘථග්ජන මිනිසුන් විසිනි. ඒ පදගත පරිවතනයන් ලෙසිනි. එක මාගධී පදයකට ගැළපෙන සේ තෝරාගත් එක සිංහල පදයක් යොදාගෙන බුද්ධ භාෂිතය පරිවර්තනය කිරීම වැරදිය. 1954 වර්ෂයේදී රජයෙන් පත් කරන ලද ති‍්‍රපිටක පරිවර්තන මණ්ඩලයද  මේ  උතුම්  බුද්ධ  භාෂිතය  සිංහලයට  පරිවර්තනය  කිරීමේදී  මේ  පදගත පරිවර්තන ක‍්‍රමවේදයම භාවිතා කර ඇති අතර ඔවුන් බොහෝ විටම බුද්ධ භාෂිතයට කිසිසේත්ම  නොගැළපෙන  ශෘංගාරාත්මක  සංස්කෘත  භාෂාවේ  වචන  සිංහල  වචන වෙනුවට භාවිතා කරමින් කරන ලද පරිවර්තනය නිසා ද මේ උතුම් ධර්මයේ අර්ථයන් විකෘති විය.

මේ උතුම් ති‍්‍රපිටක ධර්ම දේශණාව (ඡ ඡක්ක සූත‍්‍රය) සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේදී මෙහි එන ඉතාම වැදගත් මාගධී පදයන් කිහිපයක්ම පද පරම ලෙස පදගත අර්ථයෙන් වැරදියට සිංහල බසට පරිවර්තනය කර පෙන්වා දී ඇත. මේ මාගධී පදවල අර්ථය මෙසේ නිවන් මඟට උපකාරවන සේ නිවැරදිව පෙන්වා දෙනු කැමැත්තෙමි.

01.  ”භික්ඛු” යන  පදය ”මහණෙනි” යනු වැරදි පරිවර්තනයකි. එදා භික්ඛුන් යනුවෙන් ආමන්ත‍්‍රණය කළේ  මහණ,  මෙහෙණි, උපාසක, උපාසිකා යන සිවුවනක්  පිරිසටය.  භව  ඛය  කරන්නට  ඇප  කැපවී  කි‍්‍රයා  කරන  පිරිසටය. (අංගුත්තර නිකාය)

02. ”කිඤෙචිතං පටිච්ච වුත්තං  – ඉද මේතං පටිච්ච වුත්තං” යනුවෙන් හය අවස්ථාවකදීම  යළි  යළිත්  අවධාරණයෙන්ම  විග‍්‍රහ  කරන  ලද  ”පටිච්ච”  යන පදය   විග‍්‍රහ නොකර අත්හැර දමා මුළු ධර්ම දේශණාවෙහිම මූල හේතුව සහමුළින්ම   අතහැර දමා ඇත. ”පටිච්ච”  යනු යමෙකුගේ සිතක ඇතිවන මත්වීමත්,  රත්වීමත්  නිසා  සිතකම  උපත  ලබන  කැමැත්තේ  තුන්  ආකාරයම විග‍්‍රහ කරන්නට යොදාගත්  උපකාර කරගත් පදයයි. පි‍්‍රය දේට ඇලීම පටිච්චවීමකි. ඒ අනුව සිතක රාගය උපදී. අපි‍්‍රය දේට ගැටීම ද ”පටිච්ච” වීමකි. සිතක  ද්වේෂය  උපත  ලබන්නේ  මේ  පටිඝය  නිසාය.  පි‍්‍රය  අපි‍්‍රය  දේ  අතර මුළාවීම ද වැරදියට මැනීමයි. (අදුක්ඛම අසුඛ බව)   පටිච්චවීමකි. මෝහය උපත ලබන්නේ මේ සත්‍යය නොදන්නා නිසාය. (නප්පජානාති)

03. අත්ථ,  අත්ථාති  යන  මාගධී  පද  දෙකම  ”ආත්ම”  යන  අර්ථයෙන්  භාවිතාකර වේද ආගමේ, ශිව ආගමේ එන ආත්ම වාදයක් බුදු දහමට ද ආරෝපණය කර ඇත.  මෙය  වැරදිය.  අත්ථ,  අත්ථාතී  යන  බුද්ධභාෂිතයේ  එන  උතුම්  පදයන් මඤ්ඤතාවය, මමත්ත්වය, අස්මිමානය යන අර්ථය විග‍්‍රහකරන්නට යොදා  ගත්හ.  පංචස්කන්ධයම  අස්මිමානයෙන්,  මඤ්ඤතාවයෙන්  මම,  මගේ, යැයි  ගැනීම  අත්ථ  සේ  ගැනීමයි.  මෙය  ආත්මවාදය  යන්නට  වඩා  බොහෝ වෙනස්ය. ”අත්ථ” යන පදයේ නිවැරදි අර්ථය තේරුම් ගන්නට නිච්ච, සුඛ යන පදවල ද අර්ථය තේරුම්ගත යුතුය. යමක් නිච්ච නම් එය සුවයකි. යමක් නිච්ච නම්  සුව නම් ඒ සුවය අස්මිමානයෙන් ගැනීම නිසා ”අත්ථ” වෙයි.

04. අනත්ථ, අනත්ථා යන පද දෙකම ද අනාත්ම වාදය ලෙසින් පරිවර්තනය කර තිබීම වැරදිය. අනත්ථ, අනත්ථා යන පද දෙකෙන්ම පෙන්වා විග‍්‍රහකර වදාළේ් සංසාරයේ අනාථ වන බව, අතරමං වන බව, මංමුළාවන බවයි. සිතේ මතු වූ කැමැත්තට  අනුව  යමක් නිච්ච   සේ, සුඛ සේ, අත්ථ  සේ පවත්වන්නට, නවත්වන්නට  නොහැකි  වීම  නිසා  පුද්ගලයා  අනාථ  බවට  පත්  වෙයි.  නාථ තත්ත්වයට පත් නොවන   බවයි. මේ නිසා මෙයින් ප‍්‍රකාශ කළේ නාථ ධර්මය හා අනාථ ධර්මය යන ද්වතාවය තේරුම් ගත යුතු බවයි.

05. ”අත්ථා  මේ  උප්පජ්ජති  ච  චේති  චාති  ඉච්චස්ස  එ්වමාගතං  හෝති”  යන  පද පෙළම හය වරක්ම හය අවස්ථාවකදීම වැරදි ලෙසින් අර්ථ දක්වා පරිවර්තනය කර  ඇත. ”මගේ ආත්මය උපදින්නේ යැයි යමෙක් කියා නම් එය නොයෙදෙයි.”  යනුවෙන්  මෙය  සිංහලයට  පරිවර්තනය  කර  ඇත.  මෙය  මම යැයි,  මගේ  යැයි,  මගේ  ආත්ම  යැයි  ගැනීමට  සුදුසු  නොවන  බව  යථා  පරිදි සිතේ පැවති කැමැත්තෙන් (ඉච්චස්ස) සහමුළින් මිදී නිදහස් වන්නේය, (එ්වමාගතං  හෝති)  යනුවෙන්  නිවැරදි  විය යුතුය. ”නොයෙදෙයි”  කියා පරිවර්තනය කිරීම අනියමාර්ථයෙන්, අනවබෝධයෙන් යොදාගත් යෙදුමකි.

06. ”ඒතං මම, එසෝ හමස්මි එසෝ මේ අත්ථාති” යන පද පේළියත් මෙහි ද්වතාව අර්ථය දක්වන ”නේතං මම, නෙසෝහමස්මි, න මේ සෝ අත්ථාති” යන පද පේළි දෙකමත්, ”මම වෙමි, මගේ වෙමි, මාගේ ආත්මය වෙමි” යනුවෙන් සහ ”මම  නොවේ, මාගේ  නොවේ,  මාගේ ආත්මය  නොවේ” යන වැරදි අර්ථයකින්  ආත්ම  වාදයට,  අනාත්ම  වාදයට  හා  උච්ෙඡ්ද  වාදයට  සාස්වත වාදයට  අදාළ  පරිදි  වැරදියට  පරිවර්තනය  කර  ඇත.  බුදු  දහම  කිසිසේත්ම ආත්ම වාදයක් හෝ අනාත්ම වාදයක් හෝ නොවේ. හේතුඵල ධර්මයම පදනම් කර හේතුඵල පරම්පරාවක් උපත ලබන  (සමුදය ධම්මාවා)  හා හේතුඵල පරම්පරාවක් කි‍්‍රයාත්මකවීම නිසාම උපතක්,  පැවැත්මක් යළි යළිත් (පුනබ්බවෝති)  බිහිවන  බව  ප‍්‍රකාශ  කරන  ලද  ධර්මයකි.  මේ  අනුව  මෙහිදී භාවිතා  කරන  ලද  ”මම  වෙමි”  යන්න  වැරදි  මතයකි.  එයද  අල්ලා  ගැනීමකි. ‘‘මම නොවෙමි’’    යන්න ද වැරදි මතයකි. අල්ලා ගැනීමකි. එහි නිවැරදි පරිවර්තනය විය යුත්තේ පංචස්කංධයම මම යැයි ගැනීමට, මගේ යැයි ගැනීමට, මගේ  ආත්ම යැයි ගැනීමට සුදුසු නොවන බව, උපාදානය කරගැනීමට සුදුසු නොවන බව යථා පරිදි අවබෝධ කරගත යුතුය යන්නයි.

07.  ”චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු  විඤ්ඤාණං”  යන්න ”ඇසත්, රූපයත් නිසා චක්ෂුර්විඤ්ඤාණය උපදී” යනුවෙන් ආයතන හයේදීම තිස්හය අවස්ථාවකදීම වැරදියට  පරිවර්තනය  කර  ඇත.  චක්ඛු  යනු  ඇස  යන්නයි. චක්ඛුංච යනු ඇස නොවේ. ඇසෙන් හටගන්නා රත්වීමේ, මත්වීමේ, ගිනිගන්නා, අසංවර  කි‍්‍රයාකාරීත්වය පෙන්වා දීමට භාවිතා කළ පදය ”චක්ඛුංච”  යනුයි. පටිච්ච වන්නේ මේ ශක්තිය නිසාමය. මේ නිසා මේ පරිවර්තනය ඉතාමත්ම වැරදි ලෙසින් සිංහලට පරිවර්තනය කර ඇත.

08. අවසාන කොටසේ එන ”චක්ඛුස්මිං  නිබ්බින්‍දති,  රූපේ  සු  නිබ්බින්‍දති”  ආදී වශයෙන් තිස් හය අවස්ථාවකදීම නිබ්බින්දති යනුවෙන් පෙන්වා වදාළ ධර්මතාවය චක්ෂුයෙහි කළකිරෙයි. රූපයෙහි කළකිරෙයි, ආදී වශයෙන් තිස්හය  අවස්ථාවකදීම වැරදියට කළකිරීම ලෙසින් පරිවර්තනය කර ඇත. කළකිරීම යන්න මානසික රෝගයකි. අසහනයකි. ද්වේෂය නිසා   සිතක ඇතිවන  පසු  බෑමක්  විග‍්‍රහ  කරන  සිංහල  පදයකි.  නමුත්  ”නිබ්බින්දති”  යන පදයෙන් මාගධී භාෂාවේ බුද්ධ භාෂිතයේදී  අදහස් කළේ, යථාභූතඥාණ දර්ශනය සඳහා නියත වශයෙන්ම උපකාර වන්නා  වූ නොබැඳීම (මුංචිතුකම්මතා ඥාණයයි) යන්නයි. ඒ වේදනාව විඳව විඳවා සිටීම යන වැරදි දෙයින් ද කැමැත්තෙන්ම මිදී, නොඇලී, නොබැඳී නිදහස් වීමයි. ඒ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් වීමයි. කෙළෙස් වලින් මිදි නිදහස් වීමම නිබ්බින්දති යන පදයේ නිවැරදි අර්ථයයි.

09. ”අදුක්ඛම සුඛාය වේදනාය” යනුවෙන් ත‍්‍රිපිටකයේ මාගධී බසින් සඳහන් කළ දේ සිංහල භාෂාවට පරිවර්තනය කරන විට එය ”උපේක්ඛා වේදනාව” ලෙසින් පරිවර්තනය කර ඇත. එය වැරදිය. අදුක්ඛම සුඛ වේදනාව නිසා සිතක අවිජ්ජා අනුසය උපත  ලබන බව මෙහි  පැහැදිළිවම   ලියා   දක්වා ඇත.   එය ”උපේක්ඛා” යන  ස්වභාවය ලෙසත්  උපේක්ඛාව, වේදනාවක් ලෙසත් පෙන්වාදීම යන දෙකම වැරදිය. උපේක්ඛා යනු  සිතක  ඇතිවන උතුම් තත්ත්වයකි. රාගයෙන් ප‍්‍රියදේට නොඇලෙන, ද්වේෂයෙන්  අප‍්‍රිය  දේට නොගැටෙන, ප‍්‍රිය අප‍්‍රිය අතර මෝහයෙන් මුළා නොවන පිරිසිදු සිතක් උපේක්ඛා සිතකි. එය වේදනාවක් විඳවීමක් ද නොවේ.

ඡ  ඡක්ක  සූත‍්‍රය  වැනි  ඉතාමත්ම  උතුම්  වූ  නියත  වශයෙන්ම  නිවන්  මඟඵල ලබාගන්නටම උපකාරවන සේ විග‍්‍රහ කර වදාළා වූ අති උතුම් ධර්ම දේශණාවන් අපේ සිංහල බෞද්ධයාට සරළ සිංහල භාෂාවෙන් විග‍්‍රහකර, පිරිසිදු බුද්ධ ධර්මයම මතුකර පෙන්වා දුනහොත් බොහෝ සද්ධස්ස කුලපුත‍්‍රයින් ද මඟඵල ලබා සසර දුකින් මිදී නිදහස් වන බව පිරිසිදුවම දුටු නිසා මෙම උතුම් ධර්ම දේශණාව කාටත් තේරුම් ගතහැකි ආකාරයට මෙසේ ලියා විග‍්‍රහ කරන්නට තීරණය කළෙමි. මේ උතුම් මාර්ග ප‍්‍රතිපදාව කිහිප වරක් හෝ කියවා තමා තුළින්ම තම නිවන් මාර්ගය දැක ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

Share Button

ආසවක්ඛයා ඥානය – රථ විනීත සූත්‍රය

රථ විනීත සූත‍්‍රයේ පෙන්වා වදාළ පරිදි නිවන් මාර්ගය සම්පූර්ණ කර ගන්නට නම් පියවර  අටකින් සම්පූර්ණ වන විශුද්ධි මාර්ගයක් සම්පූර්ණ කර ගත යුතුය. මේ අට ආකාර වූ විශුද්ධි මාර්ගයම සම්පූර්ණ වන්නේ ආසව අනුසය සහමුළින් ම කපා ඉවත් කර දමා චිත්තසංථානය හා මනස ශුද්ධ පවිත‍්‍ර කර ගැනීමෙනි.

මේ අනුව බුද්ධ දේශණාවෙන් පෙන්වා වදාළ පිරිසිදු නිවන් මාර්ගය ඒකායන අර්ථයෙන් ම ”අනුප්පාදෝ ඥාණං” මුල් කොටගත් අනුප්පාදය අවසාන පරම අර්ථය කොටගත් අනූපූරක නිවන් මාර්ගයක්ම වේ.

මේ නිවන් මාර්ගය පැහැදිළිවම පිරිසිදුවම දැන ගැනීමත්, ඒ නිවෙන මාර්ගය යථාවබෝධයෙන්ම අනුගමනය කිරීමත් ඒ දැනගත් මඟ තමන් ම අත්විඳ ගැනීමත් නිවනයි.

මේ  මාර්ගය  සමස්තයක්  වශයෙන්  සමාලෝචනය  කරනවා  නම්  එය  බුද්ධ දේශණාවට අනුව මෙසේ ලියා දැක්විය හැකිය.

1.        සංවරට්ඨේන           –        සීල විශුද්ධිං අභිඤ්ඤෙයියා
2.        අවික්ඛේපට්ඨේන    –        චිත්ත විශුද්ධිං අභිඤ්ඤෙයියා
3.        දස්සනට්ඨේන         –        දිට්ඨි විශුද්ධි අභිඤ්ඤෙයියා
4.        මුත්තට්ඨේන          –        විමොක්ඛා අභිඤ්ඤෙයියා
5.        පටිවේදට්ඨේන       –        විජ්ජා අභිඤ්ඤෙයියා
6.        පරිච්චාගට්ඨේන      –        විමුත්ති අභිඤ්ඤෙයියා
7.        සමුච්ජේදට්ඨේන     –        ඛ්‍යයේ ඥාණං අභිඤ්ඤෙයියා
8.        පටිපස්සද්ධට්ඨේන  –        අනුප්පාදෝ ඥාණං අභිඤ්ඤෙයියා

මේ  එකින්  එක  පියවරම  විග‍්‍රහ  කර  යථා  පරිදි  අවබෝධය  පූර්ණ  කරගෙන අභිඤ්ඤෙයියං යන උසස්ම පරිපූර්ණ සත්‍යාවබෝධයක් ලැබීම නිවනයි. හැම මිනිහකුටම යෝනිසෝමනසිකාරයෙන්  ධම්මානුධම්ම  පටිපදාවෙහි  යෙදීමෙන්  මේ  පියවර  අටම සම්පුර්ණ කරගන්නට හැකියාවක් තිබේ.

1. සංවරට්ඨේන – සීල විශුද්ධිං

සංවරවීම යන අර්ථයෙන්ම සීල විශුද්ධිය පරිපූර්ණ කරගත යුතුය යන අදහසයි. ඉන්ද්‍රියය සංවරය, ප‍්‍රත්‍යය සංවරය (සිවුපසය පරිභෝග කිරීම) ප‍්‍රාතිමෝක්ඛ සංවරය,(නිවන් මඟට උපකාර වන සේඛ සීලය) කෝටියක් සංවර සීලය යන දේ දැන සංවර වීමේ අර්ථයෙන් ම සීල විශුද්ධියට පත් විය යුතුයි. මෙතැන සීලය යනු සංවරත්වය පිළිබඳ ලැබූ යථාවබෝධයයි. මේ අනුව තමන්ම සංවර වන තම ඉන්ද්‍රියයන් සංවරත්වයට පත්වන සංසුන් වී, සංයමයට පත් වී, සම්මා දිට්ඨියෙහි පිහිටා ක‍්‍රියා කිරීමේ ශක්තියයි. හැකියාවයි. සංවරත්වයෙන් තොර සීලයක් බුද්ධ දේශණාවෙහි නැති බවයි.

 2. අවික්ඛේපට්ඨේන – චිත්ත විශුද්ධිං

සිතේ ඇති වන වික්ෂෝප ගතිය නැති කර ගැනීම යන අර්ථයෙන් අවික්ඛේප වශයෙන් සිත ඒකාග්ගතාවයට පත්කර ගැනීම චිත්ත විශුද්ධියයි. නිතරම පෘථග්ජන හිතක් රාගයට ඇලීම, ද්වේෂයට ගැටීම හා මුළාව නිසා ඒකාග්ගතාවයෙන් තොර වූ විසුරුණු විවිධ තත්ත්වයට පත්වන්නා වූ සිතක් ලෙසින් පවතී. වේදනා විඳගන්නට පුරුදු වූ සිතක් නිරන්තරයෙන් ම සුඛ, සුව, සැප වේදනා සොයා ප‍්‍රිය දේ මධුර දේ සොයා හඹා යයි. එවන් විසුරුණු සිතක කම්පනය, නියත ගතියකි. සිත සමථ තත්ත්වයට සමාධි ගත කරගත හැකි වන්නේ අවික්ඛේප  තත්ත්වයට පත් කර ගැනීමෙන්ම  පමණි. උද්ධච්ච සිතක්, විචිකිච්චාවෙන් යුතු සිතක් නිරන්තරයෙන්ම වික්ඛේප වූ සිතකි. එවැනි සිතක සමථයක් හෝ සමාධියක් නැත. සංවර සීලයෙහි පිහිටි සිතක සමාධිය හා සමථය පිහිටයි. අවිඛේප සිතකින් ඇති කර ගන්නා සමාධිය අරිය සමාධියයි.

3.  දස්සනට්ඨේන  –  දිට්ඨි විශුද්ධිං

දස්සනට්ඨේන යනු සම්මා දිට්ඨියට පත්වීමයි. ධම්මෝ සංදිට්ඨිකෝ  වීමයි. දස්සනේන සංපන්නෝ වීමයි. මිච්ඡා දිට්ඨියෙන් වෙන් වී, ලෞකික සම්මා දිට්ඨියෙනුත් ඔබ්බට ගොස්, ලෝකෝත්තර සම්මා දිට්ඨියෙහි ම පිහිටා ක‍්‍රියා කිරීමට ඇති හැකියාව දිට්ඨි විශුද්ධියයි. හොඳ, යහපත්, නිවැරදි දැකීම යන්නත් සම්මා දිට්ඨියකි. නමුත් එහි නිවනක් නැත. එහි ඇත්තේ ලෞකික, හොඳ, යහපත් නිවැරදි පැවැත්මකි. එවන් හොඳ යයි සම්මත ලෝකයක් පැවැත්වීමෙන් මිදී නිදහස් වීමම  නිවනයි. දිට්ඨි විශුද්ධියට පත්වීම සෝතාපන්න මාර්ගයට හා සෝතාපන්න ඵලයට පත්වීමයි

4. මුත්තට්ඨේන – විමෝක්ඛ විශුද්ධිං

මුච්චති යන අර්ථයෙන් මිදී නිදහස් වීම විමෝක්ඛා ලෙසින් ද හඳුන්වයි. සතර ආකාර වූ රූපී ධ්‍යානයන් හතරත්, අරූපී ධ්‍යානයන් හතරත් ‘‘සමය විමොඛෝ’’ලෙසින් ධර්මයේ හඳුන්වයි. ඒවා චේතෝ විමුක්තියයි. සතර ආකාර වූ අරිය මාර්ග සෝවන් මාර්ගය, සකෘදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය හා අරහත් මාර්ගයත් සතර ආකාර වූ සාමඤ්ඤා ඵල (මාර්ග ඵලයන්) මෙන්ම නිවනත් අසමය විමෝක්ඛා ලෙසින් ද හඳුන්වයි. මෙය ප‍්‍රඥා විමුක්තියට පත් අකුප්පා චේතෝ විමුක්තියයි. මේ මුත්තවීම යනු අතහැර මීදී නිදහස් වීම, නොඇලීම, නොගැටීම, මුලා නොවීම ‘‘අසෝස විරාග නිරෝධ’’ යන සියලූ පදවලින් විග‍්‍රහ කරන ලද අතහැරීමයි. සමය විමෝක්ඛෝ යනුවෙන් විග‍්‍රහ කරන ලද්දේ ධ්‍යානයයි. රාග, ද්වේෂ දවා හැර, යටපත් කර දැමීමේ ප‍්‍රතිඵලයක් ලෙසින් තාවකාලිකව ලබන සුවය ධ්‍යාන සුවයයි. චේතෝ විමුක්ති සුවයයි. අසමය විමොක්ඛෝ යනු මෝහය ද ඇතුලූව රාග, ද්වේෂ, මෝහ ගති තුන යටපත් කිරීමෙන් නොව ඒවා මුළින්ම උපුටා දමා ගති ඉවත් කිරීමෙන් ලබන විද්‍යා විමුක්තියයි. අකුප්පා චේතෝ විමුක්තිය ලෝකෝත්තර විමුක්තියයි. අනාසව, නිරාමිස විමුක්තියයි. ඒවාගේම අනිමිත්ත, අප්පණිහිත, සුඤ්ඤත විමුක්තියයි.

5. පට්වේධට්ඨේන – විජ්ජා විශුද්ධිං

විද්‍යා විමුක්තිය ලබා ගත හැකි වෙන්නේත්, සත්‍යය ප‍්‍රත්‍යක්ෂ කර දැකගත හැකි වන්නේත් පටිනිස්සග්ගානු පස්සනා කිරීමෙනුයි. ”පටි” යනු බැඳීමයි. කාම උපාදානය යනු පටියකි. බැඳීමකි. දිට්ඨි උපාදානය පටියකි. බැඳීමකි. සීලබ්බත උපාදානය බැඳීමකි. පටියකි. අත්තවාදුපාදානය පටියකි, බැඳීමකි. පටි ලෙසින් මෙසේ දැක්වූ බැඳීම් හතරෙන්ම නිදහස් වීම පටිවේද අර්ථයෙන් විග‍්‍රහ කරන ලදී. මේ පටිවලින් මිදී නිදහස් වූ කෙනෙකුට සියලූ ආකාර වූ බැඳිම් වලින්ද මිදී නිදහස් වීමේ ශක්තියක් හා හැකියාවක් ද ලැබේ. මේ විද බැලීමේ ශක්තිය පරමාර්ථ ධර්මයන් දැකීමයි. යථාභූත ඥාණ දර්ශනය ම ලැබීමයි. යථාභූතඥාණ දර්ශනයත් ලැබූ විජ්ජා විමුක්තියටත් පත් වු පුද්ගලයා චතුරාර්ය සත්‍යයන් ප‍්‍රත්‍යක්‍ෂ කර අවබෝධ කර ගත් කෙනෙකි. අරිය උත්තමයෙකි.

6. පරිච්චාගාට්ඨේන – විමුක්ති විශුද්ධිං

චාගෝ, පරිච්චාගෝ යනු අත්හැරීම, ප‍්‍රහාණය කර බැහැර කිරීම යන අර්ථයෙන් මිදී නිදහස්  වීමයි.  ”චගෝ”  පටිනිස්සග්ගෝ  මුත්ති  අනාලයෝ”  යනුවෙන්  නිරෝධ  අරිය සත්‍යයෙහි වදාරා, විග‍්‍රහ කළේ මේ අත්හැර මිදී නිදහස් වීම ගැනයි. විමුක්තිං යනු මුදනු කැමති බවයි. කැමැත්තෙන්ම සත්‍යවබෝධයෙන් ම අත්හැරීමයි. ප‍්‍රත්‍යාවේක්ෂා කිරීමෙන්, හේතුඵල  දැකීමෙන්,  අධ්‍යුපේක්ඛාවෙන්  අත්හැරීමයි.  පරිච්චාගෝ  යන  පදයේ  අර්ථය කැමැත්තෙන් ම, අනුපත්ති වශයෙන් ම, පූර්ණ ලෙසින් ම අත්හැර මිදී නිදහස් වීමයි. මේ සඳහා සංඛාරුපෙක්ඛා ඥාණයම උපදවා ගත යුතුයි. නිමිත්ත මුදනු කැමති වීම ආයුහන (කර්ම සකස් කිරීම) මුදනු කැමති බව පටිසන්ධිය මුදනු කැමති බව විපාක ප‍්‍රවෘත්තිය මුදනු කැමති බව පරිච්චාග අර්ථයෙන් විමුක්තියට පත්වීමයි. ඒ නිසා උපාදානය කරගත් පංච උපාදානස්කන්ධයෙන්ම  කැමැත්තෙන්ම  සංඛාර  උපේක්ඛා  ඥාණයෙන්ම  උපාදානය කරගත් දේ අතහැර මිදී නිදහස් වීම මෙහිදී අදහස් කෙරෙයි.

7. සමුච්ඡේදනට්ඨේන – ඛ්‍යයේ ඥාණං

සමුච්ඡේද යනු සහමුළින් ම යමක් ගළවා උදුරා ඉවත් කිරීමයි. මෙහි එන අර්ථය ද ආසව, අනුසය ධර්මයන් චිත්තසංථානයෙන් ශේෂයක්වත් ඉතිරි නොවන සේ සහමුළින්ම ගළවා ඉවත් කර දැමීම යන අර්ථයෙන් ”ඛ්‍යයේ ඥාණං” ඇති කර ගත යුතුය, යන්නයි. එසේ නම් ”ඛය ” යන පදයෙන් ”ක්ෂය” කිරීම යන අර්ථයට වඩා ”ගළවා උදුරා ඉවත් කර දැමීම” යන අර්ථයම ඉස්මතු වෙයි. ”බණ සම්පත්තිය” යන්නෙහි ”ඛණ” යනු ”ඛය” යන පදයේම කාරක පදයයි ”ඛණ ඛය’’ යන පදයන්හි අතීත කාල පදය ”ඛීණා’’ ‘‘ඛීණා ජාති” ”ඛීණං පුරාණං” යන පදවලින් පිළිබිඹු වෙයි. ත‍්‍රිලක්ඛණය, බණ සම්පත්තිය යන පදවලින් එන අර්ථයම මේ ඛ්‍යයේ ඥාණයයි. එය ආසවඛ්‍යා ඥාණයයි. අනුසයඛ්‍යා ඥාණයයි. මේ ‘‘ඛ්‍යයේ ඥාණං’’ යන පදය තේරුම ගන්නට නොහැකි වීම හේතු කොට ගෙනම අද බෞද්ධයාට නිවන් මාර්ගය වැසී ඇහිරී පවතී.

 8. පටිපස්සද්ධට්ඨේන – අනුප්පාදේ ඥාණං

මේ අරහත් ඵලය පිළිබඳවම කරන ලද ප‍්‍රකාශකයකි. අරහතුන්වහන්සේ කිසිම සංඛාරයකට පටිච්ච නොවේ. සංඛාරයක් නොකර ක‍්‍රියා සිත් පමණක් පවත්වන අරහතුන් වහන්සේ  ඉන්ද්‍රියයන්  හයම  භාවිතා  කළත්  පරිහරණය  කළත්  ඒවා  ආයතන  ලෙසින් පරිහරණය නොකරන නිසා පට්ච්ච වීමෙන් වැළකී ”පටිවිරතෝ” යන තත්ත්වයටම පත්ව සිටී. චක්ඛුං රූපයක් සමඟ පට්ච්ච වීමෙන්, සංඛාරයක් කිරීමෙන්, සමුදය ශක්තියක් විඤ්ඤාණය විසින් උපදවා ගනී. දැන් චක්ඛු ඉන්ද්‍රියයක් ලෙසින් භාවිතා කරන විට ”දිට්ඨේ දිට්ඨා වාදිතා” යන වේදනාවෙන් තොර වන නිසා සංපස්සජා වේදනා තත්ත්වයට පත් නොවන නිසා අනුප්පාදෝ ඥාණයෙන් යුතු අරහතුන්වහන්සේ ඉන්ද්‍රියයන් හයමත් පරිහරණය කරයි. භාවිතා කරයි. ක‍්‍රියා සිත් පවත්වයි. නමුත් සංඛාර සිත් නොපවත්වයි. පංචස්කන්ධම  පරිහරණය  කරයි.  පංචඋපාදානස්කන්ධයෙන්ම  තොර  වී,  පටිපස්සදී තත්ත්වයට පත්ව සිටී. එවන් අරහතුන්වහන්සේ කිසිම ආකාරයක කර්ම බීජ සකස් කිරීමක් සිදු නොකරයි. ඒ නිසා පෘථග්ජන පුද්ගලයකු මෙන් අරමුණු වලට බැඳී පටිච්ච වී සංඛාර පවත්වමින් සමුදය බිහි කරමින් භව උප්පාද කිරීමක් උන්වහන්සේ සිදු නොකරයි. ඒ නිසා ”අනුප්පාදෝ  නිබ්බානං”  යන  උතුම්  නිවන්  අවබෝධය  පරිපූර්ණ  කරගත්  අරහතුන් වහන්සේ නිස්සරණ සුවයෙන් කාලය ගෙවති.

බුද්ධ දේශණාවෙහි පෙන්වා වදාළ නිවන් මාර්ගයට උපකාර වන මේ සීල විශුද්ධි, දිට්ඨි විශුද්ධි ආදී අංග අටම සඳහා ත‍්‍රිපිටකයේ ධර්ම විග‍්‍රහයක් අර්ථ දීමක් කර ඇත. සංවර අර්ථයෙන් සීල විශුද්ධියත්, අවික්ඛේප අර්ථයෙන් චිත්ත විශුද්ධියත්, දර්ශන (සංදිට්ඨි) අර්ථයෙන් දිට්ඨි විශුද්ධියත්, මිදී නිදහස් වීම යන මුත්ති අර්ථයෙන්, විමෝක්ඛ විශුද්ධියත්, පටිවේධාර්ථයෙන්  විජ්ජා  විශුද්ධියත්,  පරිච්චාග  අර්ථයෙන්  විමුක්ති  ඥාණ  දර්ශනයත් සමුච්ඡේදනාර්ථයෙන් ඛ්‍යයේ ඥාණයත්, පටිපස්සදී වශයෙන් අනුප්පාද ඥාණයත් ලැබිය යුතුයි. මේ කරුණු අට ගැනම හෝ ඉන් කරුණු කිහිපයක් ගැන හෝ වෙනත් ආකාරයේ අර්ථ ගැන්වීම් වලින්ද විවිධ ආකාර වූ විග‍්‍රහයන්, අර්ථගැන්වීම් පසුකාලීනව කර ඇත. හැම අටුවාවකම, ටිප්පණියකම, ටීකාවකම සීලා දී මේ විශුද්ධි අටම සඳහා විවිධ අර්ථ කථනයන් ලබා දී ඇති බවත් පෙනේ. පසු කාලයකදී මේ අර්ථ ගැන්වීමට ලියූ අට්ඨකථා නිසාම සීල විශුද්ධිය සංවර අර්ථයෙන් බැහැර වී වේරමණී අර්ථයෙන් ම පමණක් විග‍්‍රහ කරන්නට යෑම නිවන් මාර්ගයේ මුල්ම පියවර ලෞකිකත්වයට හැරවීමක් ලෙසින් ද පෙන්වා දිය හැකිය. යමෙක් සීල විශුද්ධිය විග‍්‍රහ කරන්නේ සංවර අර්ථයෙන් තොර වූ, සංදේශණාවෙන් තොර වූ විග‍්‍රහයකින් නම් එය නිවන් මඟට උපකාර වන සේ සීලය විග‍්‍රහ කර පෙන්වා දීම ද කළ නොහැකි වේ. විරමණය, වේරමණී යන පද වලින් විග‍්‍රහ වන්නේ වෙන්වීම, වැළකී සිටීම යන අර්ථයයි. නමුත් බුද්ධ භාෂිතයේ පෙන්වා වදාළ ”පටිවිරතෝ” යන සිල් පදයෙහි පටිච්ච වීමෙන් තොර වූ, ඉන්ද්‍රියයන් සංවරකර ගත්, චේතනා සීලය, ප‍්‍රහාණය සීලය මෙන්ම අවිතික්කම සීලය ද ඇතුළත් වන නිසා මෙහි නිතැතින් ම වේරමණී සීලයද ඇතුළත් වේ. මේ අනුව සංවර අර්ථයෙන් තොරවූ සීලය නිවනට මඟ නොවේ.

මේ ආකාරයෙන්ම අවික්ඛේප අර්ථයෙන් තොර වූ චිත්ත විශුද්ධියක් ද නිවනට උපකාර වන්නේ නොවේ. සිතක් වික්ඛේප වන්නේම කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථිනම්ද්ධය, උද්ධච්ච, විචිකිච්චා යන පංචකාම නීවරණ ධර්මවලින් යුත් සිතක් විසුරුණු ස්වභාවයකින් පවතින නිසායි. සිතක් වේදනාවට පත් වන්නේ තැති ගැනීමට, බිය වීමට, කම්පනයට, නොසන්සුන් වීමට මුල් වන්නේ මේ පංචකාම නීවරණ ධර්ම වලින් මනස වැසී, මුවහ වී පවතින නිසාමයි. කාමයෙන් විවිච්ච වූ, පාප ධර්මවලින් විවිච්ච වූ සිතක් ඇති කර ගැනීමෙන්ම සිත අවික්ඛේප තත්ත්වයට පත් කරගත හැකි වෙයි. ඒ සඳහා නිවැරදි අරිය ආනාපාන සතියම භාවිතා කළ යුතුයි. හුස්ම ගැනීම, හුස්ම පිට කිරීම, බඩ පිම්බීම, හැකිළීම වැනි  අනරිය  ආනාපානා  භාවනා  ක‍්‍රම  වලින්  කාමයෙන්  විවිච්ච  වූ  (වෙන්  වූ)  පාප ධර්මවලින් විවිච්ච වූ (වෙන් වූ) සිතක් ඇති කර ගෙන සිත අවික්ඛේප තත්ත්වයට පත්කර ගත නොහැකිය. නමුත් ඒ අනරිය භාවනා ක‍්‍රමවලද කසින භාවනා ක‍්‍රමවලද සිත සමථ තත්ත්වයට පත් කර ගැනීමේ යම් හැකියාවක් ද පවතියි. මෙහි වෙනස අරිය භාවනාවකින් ලබා ගත හැකි අවික්ඛේප අර්ථයෙන් චිත්ත විශුද්ධිය, අනරිය භාවනාවෙන් ලබාගත නොහැකි වීමයි. නීවරණ ධර්ම යටපත් කර බලයෙන් ලබාගත් සමාධි තත්ත්වයක් සමථ තත්ත්වයක් ධ්‍යාන තත්ත්වයක් අනරිය ධ්‍යානයකින් ද ලබා ගත හැකිය. නමුත් අනරිය යනු අවික්ඛේප අර්ථයෙන් ඇති කරගත් චිත්ත විශුද්ධියක් නොවෙයි. අවික්ඛේපාර්ථයෙන් ම අරිය සමාධි ලබා ගත හැකියි.

දස්සනට්ඨේන දිට්ඨි විශුද්ධි යන විග‍්‍රහයෙහිදී අර්ථය, ධර්මය සළකා බැලිය යුතුයි. අපායෙන් මිදී, සුගති ලෝකයක්, මිනිස් ලොව, දෙව්ලොව, බ‍්‍රහ්ම ලෝකය හෝ යම් ලෞකික සැප සම්පත් විඳවීමේ දෘෂ්ඨීයක් ඇතිව යහපත්, නිවැරදි ලොවක් දකින්නේ නම් එයද නිවනට සාපේක්ෂව මිච්ඡුා දාෂ්ඨියකි. මේ නිසා බුද්ධ ධර්මයේ පරමාර්ථ ධර්මයන් දැක ධම්මෝ සංදිට්ඨිකෝ තත්ත්වයට පත් වූ අරිය ශ‍්‍රාවකයාගේ දස්සනය නිදහස් වීම, අනුප්පාදය,  පැවැත්ම  අමරණීය  යන  තත්ත්වයෙන්ම  අරමුණු  කරගත්  සම්මා  යන ලෝකොත්තර  දිටිඨි  විශුද්ධියයි.  ඉන්  මෙපිට  ඇති  ලෞකික  වූත්  ආසව  සහිත  වූත්, පුණ්‍යභාගී වූත්, උපධිවිපෙක්ඛා සහිත වූත් සම්මා දිට්ඨිය ”දස්සනට්ඨේන දිට්ඨි විශුද්ධිං” යන තත්ත්වයට වඩා පහත් වූ ලෞකික දෘෂ්ඨියකි.

 මේ ආකාරයෙන්ම විමොක්ඛ විශුද්ධියට පත්වීමේදී ද අත්හැර, මිදී, නොඇලී, නිදහස් විය යුතු සියලූම රාග, ද්වේෂ, මෝහ ගති අතහැර කැමැත්තෙන් ම ඒවා බැහැර කළ යුතුයි. ප‍්‍රහාණය කළ යුතුයි. ඉවත් කළ යුතුයි. ඒ නිසා මුත්ති යන අර්ථය එහි අවධාරණය කර තිබේ. මුත්ති යනු යළිත් නොඇලෙන ලෙසින්ම අත්හැර, මිදී නිදහස් වීමයි. ධ්‍යාන වලින් ලබන විමෝක්ඛ තත්ත්වය රාග, ද්වේෂ ගති දෙක පමණක් යටපත් කර තාවකාලිකව ලබන විමුක්ති සුවයකි. එය රූපී, අරූපී ධ්‍යානවලින් ලබන චේතෝ විමුක්ති සුවයකි. එම චේතෝ විමුක්තිය අකුප්පා චේතෝ විමුක්තිය නොවේ. අකුප්පා චේතෝ විමුක්තියම, මුත්ති අර්ථයෙන් විමොක්ඛ විශුද්ධිය ලෙසින් විග‍්‍රහ කරනු ලැබේ. අවිද්‍යා විරාගයෙන් ලබන විද්‍යා විමුක්තිය මාර්ගය මෙන්ම ඵලයන් ද අකුප්පා චේතෝ විමුක්තිය ලබා ගැනීමට උපකාර වන ප‍්‍රඥා විමුක්තියයි. මේ නිසා අරිය මාර්ගයේ පෙන්වූ විමෝක්ඛ විශුද්ධිය, එතෙක් කලක් ලෞකික ආගම් සංකල්පවල භාවිතයේ පැවති චේතෝ විමුක්තිය නොවන බවත් පැහැදිළිවම දැක ගත යුතුයි. අද ලංකාවේ මෙන්ම තායිලන්තය, බුරුමය වාගේම බටහිර  රටවලද  භාවනාවේ  යෙදෙන  ලක්ෂ  සංඛ්‍යාත  වූ  මිනිසුන්  බලාපොරොත්තු වන්නේද චේතෝ විමුක්තියයි. එය අකුප්පා චේතෝ විමුක්තිය නම් නොවේ. එහි නිවනක් නැත. නිවනක් පතමින්ම අනරිය චේතෝ විමුක්තියක් සඳහාම භාවනා කිරීම ද කරන බව ඉතාමත් පැහැදිළියි.

ඒවාගේම පටිවේද අර්ථයෙන් ම විද්‍යා විමුක්තියත්, විජ්ජා විශුද්ධියත් ලබාගත යුතුයි. පටිසංවේදී හා පටිවේද යන පද අතර ඇති වෙනස මෙහිදී තේරුම් ගත යුතුයි. පටිඉචිච වීමෙන් සං උදය වන බවත් උදයව්‍ය ඥාණයෙන් නිවැරදිවම තේරුම් ගත යුතුයි.

පටිවේධ අර්ථයෙන් විද්‍යා විශුද්ධියට පත්වීම යන්නෙහි අදහස රූපාරම්මණයන් ආදී අරමුණු වලට පටිච්ච නොවී වේදනාවෙන් තොර වූ උපේක්ඛා සිතකින් අරමුණු ඉවසා, විමසා එහි ”අනිච්ච” බව ප‍්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ කර ගැනීමේ ශක්තියයි. මෙය සම්මතය විද බලා පරමාර්ථය දැක ගැනීමේ විජ්ජා විශුද්ධියයි. ඒ නිසා ම එය”පටිවේධ අර්ථයෙන්ම” අවබෝධ කර ගත යුතුයි. යම් අරමුණකට ප‍්‍රියවී හෝ අප‍්‍රිය වී හෝ එය පටිසංවේදී වෙයි නම්  එතැන  උපේක්ඛා  ඥාණයක්  නැත.  ”සංඛාර  උපේක්ඛා”  ඥාණයම  ලබාගෙන, පටිසංවේදී බවෙන් තොරව, උපේක්ඛා සිතින් ඉවසා, විමසා, සැනසීම ලබන මාර්ගය විජ්ජා විශුද්ධියයි.

ඊලඟට පෙන්වූයේ පරිච්චාග අර්ථයෙන්ම විමුක්ති ඥාණ දර්ශනය ලබා ගැනීම කළ යුතු බවයි. මෙතැන ”විමුක්තිය” යනු විමෝක්ඛ යනුවෙන් කලින් සඳහන් කළ අර්ථයට වඩා තරමක් වෙනස් අදහසකි. විමෝක්ඛ වීමෙන්ම විමුක්ති තත්ත්වයටද පත්විය යුතුයි. චාග යනු අත්හැරීමයි. පරිච්චාග යථාභූත ඥාණ දර්ශනයෙන්ම ප‍්‍රත්‍යක්ෂ අවබෝධයෙන්ම ”සං” අත්හැරීමයි. රාග, ද්වේෂ, මෝහ ගති අත්හැරීමයි. පංචස්කන්ධය උපාදානය කර ගැනීමේ ක‍්‍රියාවලිය අත්හැරීමයි. පරිච්චාග යන පදයේ අර්ථය පූර්ණ වශයෙන්ම අත්හැර නිදහස් වීමයි. කැමැත්තෙන්ම අත්හැර නිදහස් වීමයි. කුණු ගොඩක්, බරක්, බැම්මක්, භය උපදවන දෙයක් බව යථා    පරිදි   දැක    රාගය, ද්වේෂය, මෝහය යන කිළිටි     ගති අවබෝධයෙන් ම සිතින් අත්හැරීමයි.

සමුච්ෙඡ්ද අර්ථයෙන්ම ඛයේ ඥාණය ලැබීම ඊළඟ පියවරයි. සමුච්ඡේද යනු ”සං උදය” සහමුළින්ම ගළවා මුලින් ම උදුරා දමා ඉවත් කිරීම යන අර්ථයයි. ඛයේ ඥාණය යන පදයේ අර්ථය ද යමක් සහමුළින්ම ගළවා උදුරා දමා ඉවත් කිරීම යන අදහසයි. ”අසේස විරාග නිරෝධෝ” යන ශේෂයක්වත්, කෙස්ගහක තරම් දෙයක් වත් ඉතිරි නොවන්නට ම මුළින්ම ගළවා දමා නිදහස් වීම යන අර්ථය, ඛයේ ඥාණං යන පදයේ අඩංගු වේ. ”ඛණ සම්පත්තිය” යන පදවල සඳහන් ”ඛණ” යන්නෙහි අර්ථයද ත‍්‍රිලක්ඛණය යන පදවල සඳහන් ”ඛණ” පදයෙහි අර්ථයද මේ ඛයේ ඥාණං යන පදයෙහි ම ඇතුළත්ය. ආසවඛ්‍යා ඥාණය, අනුසයඛ්‍යා ඥාණය ලබන්නේ ඛයේ ඥාණයෙනි. ඛීණස‍්‍රවයන්වහන්සේ, ”ඛීණාජාති” ”ඛිණං පුරාණං” යන පදවල ”ඛීණා” යන අර්ථයෙන් දැක්වෙන්නේ ”ඛයේ ඥාණය”  පූර්ණ  කරගත්  යන  අදහසයි.  මේ  අනුව  ”රාගක්ඛය”  ”ද්වේෂක්ඛය”  හා මෝහක්ඛය  යනු  ඛයේ  ඥාණයයි.  රාගය,  ද්වේෂය,  මෝහය  යන  කිළිටි  ගති  (කුණු) සහමුළින්ම සිතින් අස්කර දමා සමුච්ෙඡ්ද වශයෙන් ම ප‍්‍රහාණය කර නැවත කවමදාකවත් මතු  නොවන  ආකාරයට  අස්කර  දැමීම  සමුච්ෙඡ්ද  ප‍්‍රහාණයයි.  ඛයේ  ඥාණයයි.  සං උත්පාදනය වීමේ හැකියාව මුලින් උදුරා දැමීමයි.

පටිපස්සද්ධි අර්ථයෙන්ම අනුප්පාදෝ ඥාණය අවසාන වශයෙන් ලබා ගැනීම ”අමතෝගධං නිබ්බානං” ලෙස  ධර්මයේ පෙන්වා දේ. ”පටිපපස්සද්ධි” යනු දස සංයෝජනයම ”විවට්ට” තත්ත්වයට පත් කිරීමෙන් පටි දහයම ගළවා ඉවත් කර සියලූ සංයෝජන ප‍්‍රහාණය කිරීමයි. සංයෝජන දහය ම ප‍්‍රහාණය කර දැමූ පසුව එහි ”උප්පාදෝ” තත්ත්වයක් නොපවතී. අනුප්පාදෝ යන සුඤ්ඤත තත්ත්වයක් බවටම පත් වේ. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් පමණක්ම ලෝකයට අයත් වන සියලූ සංඛත ධර්ම උත්පාදනය කර ගැනීම සිදු වේ. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සහමුලූන්ම තොර වූ සිතක විඤ්ඤාණ ශක්තියක් ක‍්‍රියාත්මක නොවන තත්ත්වය සුඤ්ඤත යන අදහස දේ. රාගයෙන් තොරවූ,  ද්වේෂයෙන්  තොරවූ,  මෝහයෙන්  තොරවූ  සිතක්  විඤ්ඤාණ  ශක්තියෙන්ද තොරවූ විඤ්ඤාණ ශක්තිය සුඤ්ඤත වූ තත්ත්වයට පත් වීමත් සමඟම ප‍්‍රඥා ශක්තිය පූර්ණ ලෙසින්ම ක‍්‍රියාත්මක වන සිතක් බවටත් ප‍්‍රභාස්වර සිතක් බවටත් පත් වේ. ප‍්‍රභාස්වර වූ සිතකින් කර්ම බීජ උත්පාදනය කිරීමේ ශක්තිය, ආයුහන ශක්තිය, සහමුලූන්ම ඉවත්ව යන  නිසා  එවැනි  සිතක  ”අනුප්පාදෝ  ඥාණං”  මිස  ”උප්පාදෝ  විඤ්ඤාණං”  යන තත්ත්වයන්  නොපවතී.  කර්ම  බීජ  සකස්  නොවේ.  එමනිසා  අනුප්පාදෝ  නිබ්බානං යනුවෙන් හඳුන්වනු ලබයි.

මේ විශුද්ධි විග‍්‍රහයේදී අවසානයට දෙයාකාර වූ ප‍්‍රහාණයක්, අත්හැර මීදී නිදහස් වීමක්  විග‍්‍රහ වේ.

1. සමුච්ඡේදප්පහාණං             2. පටිපස්සද්ධිප්පහාණං

1. සමුච්ඡේදප්ප‍්‍රහාණය මඟින් ”ලෝකෝත්තර ඛයගාමීමග්ගං භාවයතෝ” යන්නත් (සෝතපන්න ආදී මාර්ග හතරක්)

2. පටිපස්සද්ධිප‍්‍රහාණයෙන්  පලක්ඛණ  ප‍්‍රතිලාභයත්  ලැබෙන  බවත්  පැහැදිළිවම ප‍්‍රකාශ කර ඇත.( සෝතාපන්න ආදී ඵල හතරක්)

නිවන්  අවබෝධ  කර  ගැනීමේ  උත්සාහයේදී  පළමුවෙන්ම  මාර්ගය  සම්පූර්ණ කරගත යුතුයි.  මාර්ගය සම්පූර්ණ කර  ගැනීමේදී සතර  අවස්ථාවකදීම සමුච්ෙඡ්ද වශයෙන්ම ආසව අනුසය ප‍්‍රහාණය කළ යුතුයි. සෝවාන් මාර්ගයේදී දිට්ඨාසව, දිට්ඨි අනුසය හා විචිකිච්චා අනුසය ඛය කළ යුතුයි. සකෘදාගාමී මාර්ගයේදී කාමාසව, භාවාසව තුනීකර ගත යුතුයි.  ඕලාරික ආසව තුනීකර ගත යුතුයි. අනාගාමී මාර්ගයේදී කාමාසව, පටිඝාසව සියල්ල අනුසහගත වශයෙන්ම සහමුළින්ම සමුච්ෙඡ්දප්ප‍්‍රහාණයට පත් වී යා යුතුයි. අරහත්ත මාර්ගයේ දී ”සබ්බ කිලේසේ පජහතෝ” සියලූ ආකාර වූ රාග, ද්වේෂ, මෝහ කෙළෙස් මුලින් ගැළවී ගොස් භවාසව, අවිජ්ජාසව සමුච්ඡේද වශයෙන් ප‍්‍රහාණය වී යයි. මාර්ගය සම්පූර්ණ කර ගැනීමත් සමඟම පලක්ඛණ ප‍්‍රතිලාභයක් හතර අවස්ථාවකදීම සම්පූර්ණවීමත් සමඟම පටිපස්සධි තත්ත්වයට පත්වීම නිවනයි. ”සංයෝජනා පහීයන්ති, ආසවා ඛයා හොන්තී” යනු මේ දෙයාකාරයයි.

Share Button